Blogger Tutorials 7 - Comments කියන කොටස ගැන දැනගනිමු - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, December 28, 2012

Blogger Tutorials 7 - Comments කියන කොටස ගැන දැනගනිමු

Blogger Tutorials 7 - Comments කියන කොටස ගැන දැනගනිමු

අපි මේ වෙනකොට Blogger සම්බන්ධයෙන් ගොඩක් තොරතුරු දැනගෙන ඉවරයි. නමුත් අපිට තව දැනගන්න විශාල තොරතුරු සංඛ්‍යාවක් තියනවා. ඉතින් ඒ තොරතුරු ගැන මම ඔයාලට කියලා දෙන ලිපි මාලාවේ 7 වෙනි කොටස තමා අද ඉදිරිපත් කරන්න යන්නේ. අපි මීට කලින් ලිපියකදි Blogger Dashboard එකේ අඩංගු වෙන දේවල් පිළිබදව සරලව  කතා කරා. ඒ ලිපිය මෙතනින් ගිහින් ඔයාලට බලන්න පුලුවන්.

Blogger Tutorials 3 - Dashboard එක ගැන විස්තර ටිකක්


ඊට පස්සේ ඒ දේවල් එකින් එක අපි විස්තර ඇතුව කතා කරන්න පටන් ගත්තා. මීට පෙර පළවු ලිපියෙදි අපි කතා කරේ Pages ගැනයි. ඒ ලිපිය ඔයාලා බැලුවේ නැත්නම් පහල තියනවා ලින්ක් එක.

Blogger Tutorials 6 - Pages ගැන දැනගනිමු

හොදයි. අපි දැන් මේ වෙනකොට New Post, Overview, Posts සහ Pages කියන කොටස් කීපය පිළිබදවම කතා කරලා ඉවරයි.

Blogger Dashboard

අද අපි Comments කියන කොටස ගැන තමා කතා කරන්න යන්නේ.


•?((¯°·._.• Comments •._.·°¯))؟•

Comments

ඔයාලා මේ වෙනකොටනම් දන්නවා ඇතිනේ මොකද්ද මේ Comments කියන කොටසෙන් වෙන්නේ කියලා. නමුත් නොදන්න අයත් ඉන්නවනම් එයාලට දැනගන්නත් එක්ක අපි සරල අදහසක් ගමු මොකද්ද මේ Comments කියන කොටස කියලා.

සාමාන්‍යයෙන් බ්ලොග් එකක ලිපියක් පළකරපුවාම ඒ ලිපියට පහලින්, ඒ ලිපිය කියවන අයට ඇතිවෙන අදහස් පළකරන්න Comment Box එකක් තියනවා.

Blogger Comment Box

ඔතන Post a Comment කියන තැනට පහලින් Enter your comment කියන තැන ඔයාලට මේ ලිපිය ගැන ඇතිවෙච්ච අදහස ලියන්න පුලුවන්. එහෙම ලියලා Publish කියන Button එක ක්ලික් කරපුවාම ඒ Comment එක පළවෙනවා. Comment එක Publish කරන්න කලින් Preview එකක් බලාගන්න ඔනෙනම් Preview කියන එක ක්ලික් කරන්න.

ඊටපස්සේ ඔතන Publish, Preview කියන Button වලට උඩින් තියෙන්නේ Comment as: කියලා. ඔතනින් අපිට මේ Comment එක පළකරන Profile එක ‍තෝරගන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඔතන මම පාවිච්චි කරලා තියෙන්නේ මගේ Blogger Profile එක. ඒකෙන් පළකරපු Comment එකක් තමා මම මේ පහලින් දාලා තියෙන්නේ.

Sample comment in my blog

ඔයාලට ඔනෙනම් එතනින් වෙන Profile එකක් තොරගන්න වුනත් පුලුවන්.

Profile

Google, Live Journal, Wordpress, TypePad, AIM, OpenID වගේ Profile සහ Name/URL, Anonymous වගේ Profile භාවිතා කරන්න පුලුවන්. ඔතනින් වැඩිපුරම ජනප්‍රිය Google, Name/URL සහ Anonymous කියන Profile තමා. ඒවගෙන් තමා ගොඩාක් අය Comment කරන්නේ.

Name/URL කියන එකෙන් ඔයාලගේ නම සහ ඔයාලට වෙබ් අඩවියක් තියනවනම් ඒකේ URL එක Type කරන්න පුලුවන්. එතකොට ඔයාලා පළකරන Comment එකේ, ඔයාලගේ නම ක්ලික් කරපුවාම කෙලින්ම ඔයාලගේ වෙබ් අඩවියට පිවිසෙන විදිහට සකස් වෙනවා. ඒ වගේම නමක් භාවිතා කරන්නේ නැතුව Comment කරන්න ඔනෙනම් Anonymous කියන එක Select කරන්න.

ඊලගට ඔය Comment box එක පහලින් තියෙන්නේ Subscribe by email කියලා. ඔතනින් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වැඩක් ගන්න පුලුවන්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඔය පිළිබදව දන්නේ නෑ.

Subscribe by email

මේකයි වෙන්නේ. අපි හිතමුකෝ ඔයාලට ලිපියක් සම්බන්ධයෙන් ගැටලුවක් ආවා කියලා. ඒ ගැන ඔයාලා Comment එකක් දාලා අහනවා. ඊටපස්සේ අපිට හැමවෙලේම ඔය සයිට් එකට එන්න වෙනවා ඒකට පිළිතුරක් කවුරුහරි දිලද කියලා බලන්න. නමුත් අපි මේ ලිපිය ඔය Subscribe by email කියන තැන ක්ලික් කරලා Subscribe කරලා තිබ්බනම්, මේ ලිපියට අලුතෙන් Comment එකක් වැ‍ටුන විගස අපේ Email එකට මේල් එකක් එනවා අහවල් ලිපියට මෙන්න Comment එකක් වැ‍ටුනා කියලා. ඊටපස්සේ අපිට ගිහින් බලන්න පුලුවන් අපේ ගැටලුවට පිළිතුරක් හම්බවෙලාද කියලා. ඉතින් ප්‍රයෝජනවත් නේද වැඩේ.



හරි අපි දැන් නැවත Blogger වල Dashboard එකේ Comments කියන කොටසට එමු. එතනින් අපිට අපේ බ්ලොග් එකේ පළවෙන Comments ඔක්කොම ටික බලාගන්න පුලුවන් වගේම තව පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න පුලුවන්. අපි මුලින්ම ඒ Comments කියන කොටසට ගියහම කොහොමද ඒකට අදාල දේවල් පෙන්නනේ කියලා බලලා ඉමු.

Comments

අපි ඒ Comment කියන එක ක්ලික් කරපුවාම Published සහ Spam කියලා තව කොටස් දෙකක් Open වෙනවා. මුලින්ම අපි Published කියන කොටස ගැන කතා කරමු.

Published

Published කියන එක ක්ලික් කරපුවාම අපිට ඊට එහා පැත්තෙන් මේ වගේ රූපසටහනක් බලාගන්න පුලුවන්.

sample comment in my blog

දැන් ඔතන තියන දේවල් අපි එකින් එක පැහැදිලි කර ගනිමු.
මුලින්ම අපි ඔතන තියන එක Comment එකක් අරගෙන ඒක ගැන තොරතුරු ටිකක් දැනගෙන ඉමු.


Comment
ඔය උඩ තියෙන්නේ මම මේ පැහැදිලි කිරිමට ගත්ත Comment එක. ඒ Comment එකේ ඇතුලත් වෙන තොරතුරු කීපයක් ගැන තමා අපි දැන් කතා කරන්න යන්නේ. ඔයාලට විස්තර කරන්න පහසු වෙන්න මම අංක දාගෙන තියනවා.


අංක 1 - මෙතනින් අපිට Comment එක Select කරගන්න පුලුවන්. එක Comment එකක් විතරක් නෙවේ. Comment අවශ්‍ය ප්‍රමාණයක් අපිට Select කරගන්න පුලුවන්.
අංක 2 - මේ තියෙන්නේ අපේ බ්ලොග් එකේ පළවෙලා තියන Comment එකක්.
අංක 3 - මෙතනින් පෙන්නන්නේ අංක 2 කේ සදහන් Comment එක පළවෙලා තියන ලිපිය.
අංක 4 - මෙතනින් පෙන්නන්නේ ඒ Comment එක පළකරපු පුද්ගලයා කවුරුන්ද, එයා භාවිතා කරලා තියන Profile එක මොකද්ද කියලා.
අංක 5 - මෙතනින් අංක 2 කේ සදහන් Comment එක පළවෙච්චි දිනය පෙන්නනවා.

දැන් අපි තවත් කොටසක් අරගෙන ඒ ගැන පැහැදිලි කර ගනිමු.

Blogger Comment

මෙතනින් අංක 1 න් පෙන්නලා තියෙන්නේ අපේ බ්ලොග් එකේ තියන Comments සංඛ්‍යාව සහ එක පි‍ටුවකට පෙන්නන Comments ගණන. උදාහරණයක් විදිහට මේ රූපයේ පෙන්නලා තියෙන්න එක අරගමු. මෙතන තියන විදිහට මගේ බ්ලොග් එකේ මුළු Comments සංඛ්‍යාව 168 යි. එතනින් Comment 50 ක් තමා එක පි‍ටුවකට පෙන්නන්නේ. අංක 2 න් පෙන්නන්නේ පි‍ටු ගණනයි. එක පි‍ටුවකට Comments 50 ගානේ පි‍ටු කියක් තියනවද කියලා අපිට බලාගන්නත්, පසු පි‍ටු වල තියන Comment බලන්න අපිට යන්නත් මෙතනින් පුලුවන්. අංක 3 කියන තැනින් අපිට එක පි‍ටුවකට පෙන්නන්න අවශ්‍ය වෙන Comment ගණන වෙනස් කරගන්න පුලුවන්. 10, 25, 50, 100 ආදී, එක පි‍ටුවකට පෙන්නන්න ඔනේ ගණන ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුලුවන්.

තව පොඩි කොටසක් තියනවා ඔයාලට Published කියන කොටසින් කතා කරන්න. ඒක ගැන දැන් අපි බලමු.

Blogger Comment

මෙතන අංක 1 න් පෙන්නලා තියන තැනට ටික් මාර්ක් එක දාලා ඔයාලට පුලුවන් Comment ඔක්කොම ටික එක පාරට Select කරගන්න. Comment ටික Delete කරන්න වගේ යනවනම් මේක ඔයාලට වැදගත් වෙනවා.

අංක 2 දාලා තියන තැනින් ඔයාලට Comment එක අයින් කරගන්න පුලුවන්. අයින් කරගන්න කිවේ සම්පූර්ණයෙන්ම Delete කරගන්න නෙවේ. මේකෙදි වෙන්නේ ඔයාලගේ බ්ලොග් එකේ ඒ Comment එක ලගින් වැටෙනවා "අයිතිකාරයා විසින් මේ Comment එක ඉවත් කරන ලදී" කියලා. ඔයාලට මම උදාහරණයක් පෙන්නන්නම්.
මුලින්ම මේ දේ කරන්න කලින් ඔයාලට අයින් කරන්න අවශ්‍ය වන Comment එක Select කරගන්න ඔනේ. ඊට පස්සේ මේ Remove Content කියන එක ක්ලික් කරන්න. දැන් වැඩේ හරි. මෙන්න මෙහෙමයි ඊට පස්සේ බ්ලොග් එකේ පෙන්නන්නේ.

This comment has been removed by the author

ඊටපස්සේ අංක 3 න් පෙන්නන Delete කියන එකෙන් ඔයාලට කැමති Comment එකක් ‍තෝරලා සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුලුවන්. අංක 4 න් පෙන්නන තැනින් ඔයාලට Comment එකක් Spam එකක් විදිහට මාර්ක් කරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාලගේ බ්ලොග් එකේ වැටිලා තියන Comment එකක් Spam එකක් නම් ඔයාලට පුලුවන් ඒ Comment එක ‍තෝරලා Spam කියන එක ක්ලික් කරන්න. එතකොට ඒ Comment එක අයින් වෙලා Spam කියලා විශේෂිත තැනකට යනවා. ඒ ගැන තමා අපි ඊලගට කතා කරන්න යන්නේ.


හොදයි දැන් අපි Published කියන කොටස ගැන කතා කරානේ. ඊලගට අපි Spam කියන කොටසට යමු.


Spam

Comments


මෙතනින් පෙන්නන්නේ ඔයාලගේ බ්ලොග් එකේ පළවෙලා තියන Spam Comments. ඔයාලට Spam Comment ටිකක් පෙන්නන්න ඔනේ නිසා මම ටික දවසක වෙලේ ඉදන් Comment ටිකක් එකතු කරගත්තා. නැත්නම් මම සාමාන්‍යයෙන් දිනපතා මෙව්වා අයින් කරනවා.
ඔය පහලින් තියෙන්නේ Spam කියන කොටසට ගියහම ඒ Comment පෙන්නන ආකාරයයි.

sample comment in my blog


මොනවද මේ Spam Comment කියන්නේ ?

උඩ මම Spam Spam කියලා කිව්වට Spam Comment කියන්නේ මොකද්ද කියලා දන්න අය වගේම නොදන්න අයත් ඇතිනේ. ඉතින් නොදන්න අයට දැනගන්නත් එක්ක, Spam Comment කියන්නේ මොකද්ද කියලා අපි දැන් කතා කරමු.
Spam කියන්නෙ මොකද්ද කියන එකට එක එක්කෙනාට විවිධ විදිහට අර්ථකතන දෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපි Spam කියලා කියන්නේ, "තමන්ගේ වෙබ් අඩවිය හෝ වෙනයම් වෙබ් අඩවියක් ප්‍රචාරය කරගැනීමට එම වෙබ් අඩවියේ ලිපිනය, කරදරකාරි ලෙස වෙනත් Website, Forum, Blog.... වල පළකිරීමයි. ඒ වගේම මේ විදිහට Email යෑවිමත් Spam කිරිමක් වෙනවා". බොහෝ වෙලාවට එකම පණිවිඩය තමා නැවත නැවත මේවගේ සදහන් වෙන්නේ. එතනින්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ කොච්චර කරදරකාරි දෙයක්ද මේක කියලා. මෙය බහුලව භාවිතා කරන්නේ වෙබ් අඩවි ජනප්‍රිය කරගැනීමටයි. ඒ වගේම Hackers ලත් බහුලව මේ ක්‍රමය බාවිතා කරනවා. මම වැඩිය Spam ගැන දැන් කතා කරන්න යන්නේ නෑ. මම මේ ගැන සම්පූර්ණ ලිපියක් පසුවට ඔයාලට දෙන්නම්. දැනට ඔයාලා මේ ටික දැනගන්න. ඔයාලගේ Emali එකට එන නොදන්න link කිසිවක් ක්ලික් කරන්න යන්න එපා.

ඉතින් ඔය උඩ තියන විදිහට අපේ බ්ලොග් වල දාන Comment වලට තමා අපි Spam Comment කියන්නේ. ඔය මම උඩ තියන රූපෙන් පෙන්නලා තියෙන්නේත් මේ විදිහට මගේ බ්ලොග් එකට වැ‍ටුන Spam Comment ටිකක්.

ඉතින් සමහර වෙලාවට Blogger එකෙන් මේ Spam Comment අදුනගන්නවා. එහෙම අදුනගත්තහම තමා ඒක Spam කියන කොටසට එන්නේ. නමුත් හැම වෙලේම එහෙම අදුනගන්නේ නෑ. සමහර වෙලාවට Published කියන කොටසෙත් Spam Comment තියෙන්න පුලුවන්. ඒ වෙලාවට අපි ඒවා අයින් කරලා දාන්න ඔනේ. ඉතින් මේ Comment අයින් කරලා දාන්න, අපි මුලින් Spam Comment අදුනගන්න ඔනෙනේ. ඉතින් කොහොමද Comment එකක් Spam Comment එකක්ද නැද්ද කියලා අදුනගන්නේ. අන්න ඒ ගැන තමා අපි දැන් කතා කරන්න යන්නේ.

බ්ලොග් එකේ පළවෙන Spam Comment එකක් කොහොමද අදුනගන්නේ ?

මම මේ වෙද්දි මගේ බ්ලොග් එකේ පළවුන Spam ගණයට වැටෙන Comment සෑහෙන්න ප්‍රමාණයක් අයින් කරලා තියනවා. මේ Comment ඔයාලගේ බ්ලොග් එකට වැටෙන එකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොග් එක සවුත්තු වෙන එක විතරයි. ඔයාලගේ බ්ලොග් එකේ Search Engine Ranking පහල බැසීමකුත් වෙනවා. බ්ලොග් එකේ විශ්වාසනීය භාවය අඩු වෙනවා. ඉතින් අපි මේ අමාරුවෙන් හදාගන්න බ්ලොග් එක වෙන අය දාන Comments නිසා නිකන් සවුත්තු කරගන්න ඔනේ නෑනේ. ඒ විදිහේ Comment අදුනගෙන අයින් කරලා දැම්මහම ඉවරයි. ඉතින් මේ විදිහේ Comment එකක් අදුනගන හැටි තමා දැන් කියලා දෙන්න යන්නේ.

මුලින්ම ඔයාලා Comment එක හොදට කියවන්න. කියවගෙන යද්දි ඒ Comment එකේ අසාමාන්‍ය ගතියක් වගේ තියනවනම්, ඒ කියන්නේ දාලා තියන ලිපියට අදාල නොවන විදිහට Comment එකක් ලැබිලා තියනවනම්, ඒ Comment මේ විදිහටම තව තැන් වල තියනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒක කරන්නේ මෙහෙමයි.

ඔයාලගේ Search Engine එකේ ඒ Comment එක Type කරලා Search කරලා බලන්න. උදාහරණ විදිහට මගේ ලිපියකට ලැබුන Comment එකක් තමා ඔය පහලින් තියෙන්නේ.

Comment Sample

ඒක මම Google එකේ Search කරලා බලනවා.

Comment Sample
පැහැදිලිව රූපය බලාගැනීමට රූපය මත Click කරන්න

බලන්නකෝ ඒ Comment එක වෙබ් අඩවි ගණනාවකම පළවෙලා තියනවා. කවුරුක් හරි කෙනෙක් ඇත්තටම අපේ ලිපිය කියලවා Comment එකක් දැම්මනම් මෙහෙම වෙබ් අඩවි ගණනාවකම ඒ Comment එක තියෙන්න විදිහක් නෑනේ. ඒ වගේම මම මුලිනුත් කිවනේ Spam Comment බොහෝ වෙලාවට එකම එක තමා හැම වෙලේම පළවෙන්නේ කියලා. අන්න ඒ විදිහේ Comment එකක් තමා මේක. ඉතින් ඔය විදියේ එව්වා Detele කරලා දාන්න. නමුත් මෙහෙම හැම එකක්ම හොයාගන්න අමාරුයි.

ඊලගට ඔයාලා බලන්න මේ Comment එක දාන්න භාවිතා කරලා තියන නම මොකද්ද කියලා. ගොඩක් වෙලාවට ඇත්ත නමක් භාවිතා කරන්නේ නෑ. එයාලගේ නම වෙනුවට keywords දාන්න බලනවා. එහෙම නැත්නම් Anonymous විදිහට තමා Comment එක දාන්නේ. එහෙම Keywords දාලා Comment කරපු එකක උදාහරණයක් ඔයාලට පෙන්නන්න විදිහක් නෑ. මොකද මට තාම එහෙම එකක් වැටිලා නැති නිසා. මමනම් කොහොමත් Anonymous දාලා Comment කරන කට්ටියට කැමතිම නෑ. ඒ නිසා ඔයාලා එහෙම මගේ වෙබ් සයිට් එකේ Comment කරනවනම් අනිවාරයෙන් නමක් දාලා Comment කරන්න.

ඉතින් මේ විදිහට එක එක ක්‍රම තියනවා මේ වගේ Comment අදුනගන්න. නමුත් ඔයාලා ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඔනේ අනවශ්‍ය විදිහට ලින්ක් ඇඩ් කරලා තියන Comment සම්බන්ධයෙන්. ඒ වගේ එව්වා කෙලින්ම අයින් කරලා දාන්න. මොකද මේ තියන Comment එක බලලා ඔයා විතරක් නෙවේ, තව ගොඩාක් අය මේ හරහා ඒ වෙබ් අඩවියට පිවිසෙන්න පුලුවන්. සමහර වෙලාවට අසභ්‍ය වෙබ් අඩවි වල ලින්ක් පවා ඔහොම ප්‍රචාරය කරනවා. ඔයාලා මහන්සියෙන් හදාගත්ත බ්ලොග් එක නිකන් ජරා කරගන්න ඔනේ නැනේ. ඒ නිසා ඔය වගේ Comment ඔක්කොම අයින් කරලා දාන්න.

ඒ වගේම සමහර වෙලාවට කෙනෙක් දාන හොද Comment එකක් Spam එකක් විදිහට අර Spam කියන කොටසටත් යන්න පුලුවන්. එහෙම වුනහම ඒ Comment එක Select කරලා එතන උඩ තියන Not Spam කියන එක ක්ලික් කරන්න. එතකොට ඒක Published කියන කොටසට මාරු වෙනවා.

අපි Published කියන කොටසේ කතා කරපු Delete, එක පි‍ටුවකට පෙන්නන්න ඔනේ Comment ගණන, වගේ දේවල් ටිකක්  Spam කියන කොටසෙත් තියනවා. ඒ ගැන ඉතින් ආපහු කතා කරන එක තේරුමක් නෑ. ඔයාලට බලපුවාම තේරුම් ගන්න පුලුවන්. 

Comment


ඉතින් මෙච්චරයි ඔයාලට Comment කියන කොටස ගැන දැනගන්න තියෙන්නේ. ඒ වගේම මේ Comment සම්බන්ධයෙන් තව පොඩි දෙයක් දැනගන්න තියනවා. ඒ තමා කාටද අපේ බ්ලොග් එකට Comment කරන්න ඉඩ දෙන්න ඔනේ කියන එක හදාගන්න එක. ඒ කියන්නේ ඔය Anonymous කියන එකෙන් Comment කරන එක එහෙම නවත්තන හැටි. ඒ ගැන මම ඔයාලට Settings කියන එක ගැන කතා කරද්දි කියලා දෙන්නම්.

ගියපාර ලිපියෙදි වගේමයි මේ පාරත් මම හිතාගෙන ආවේ Comments ගැන ඉක්මනට කතා කරලා ඊලග කොටස ගැනත් අද කතා කරනවා කියලා. නමුත් ලිපිය ගොඩාක් දිග වුනා. නමුත් දුකක්නම් නෑ කතා කරන්න බැරිවුන එක ගැන. මොකද මම මේ ලිපි මාලාව පටන්ගත්තේ ඔයාලට සම්පූර්ණ දැණුම ලබාදෙනවා කියලා පොරොන්දු වෙලයි. ඒ වගේම මම හිතනවා මම මේ ලියන ලිපි මාලාව ගොඩාක් අයට වැදගත් වෙනවා කියලා. මොකද ගොඩාක් අය Comment වලින් සහ Facebook, Email වගේ ක්‍රම වලින් මාව සම්බන්ධ කරගෙන මේ ගැන ඇතිවෙච්ච ප්‍රශ්ණ සහ එයාලගේ අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම සමහරු කියනවා මේක ගැන කියලා දෙන්න මේක ගැන කියලා දෙන්න කියලා. ඉතින් ඒ ඔක්කෝටම පොදුවේ මට කියන්න තියෙන්නේ , මම ඔක්කොම ගැන අනිවාරයෙන්ම ඔයාලට කියලා දෙන්නම්. මම මේ පටන්ගත්ත Blogger ගැන මූලික හැදින්වීම ඉවර කරන්න තව පොඩි කොටස් කීපයක් තියෙන්නේ. ඒ ටික ඉවර වුන ගමන් මම ඔය ඔක්කොම ගැන කියලා දෙන්නම්. මට ටික දවසක් දෙන්න. මම මේ දවස් වල කියලා දෙන මේ මූලික දේවල් ගැන සමහර විට ඔයාලා දන්නවා ඇති. නමුත් නොදන්න අයත් ඉන්නවා. ඉතින් මට නොදන්න අයව අතහැරලා දාන්න බෑනේ. අපි ඔක්කොමලා එකට මේක කරගෙන යමු..


Blogger සම්බන්ධ අලුත් තොරතුරු ඔක්කොම ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්.


All Blogger Tutorials





Tags : blogger widgets, blogger tricks 2012, blogger tricks and hacks, top blogger tricks, blogger tricks and tools, blogger tricks meta tags, blogger tricks toolz, blogger tips and tricks 2012, Blog about Blogger Tips, Blogger Templates, Widgets, hacks, Blogger Tricks, Blogger and blogs, creating your blog, blogger writing tips, widgets, design, templates, themes, SEO, social media, Find Blogger Widgets, Blogger Gadgets, Blogging tips, Free Templates, Plugins, SEO, complete list of blogger tutorials, blogger tutorials 2012, blogger tutorials blog, blogger tutorials beginners, blogspot tutorials, blogger templates, blogger widgets, blogger tricks, blogger tips and tricks, blogger tips and tricks widget, blogger tricks, google blogger tips, blogger tips 2011, blogger tips and tricks 2012, Blog Tips in Sinhala, සිංහලෙන් බ්ලොග් ටිප්ස් , සිංහලෙන් ඉගෙන ගමු, Blogger ගැන සිංහලෙන්, කොහොමද Blog එකක් හදන්නේ, blogger tutorial සිංහලෙන්, Blogger Tips and Tricks, Best Blogger tips, Blogger Hacks, Blogspot Tutorial, Blogspot tips and Tricks, Blogger Templates, Seo tips, sinhala tutorial, sinhala tricks, tips, බ්ලොගර් උදවු, Blogger help, Blogger tricks and Tools, best blogger tips and tricks,

17 comments:

  1. පැහැදිලි විස්තරයක් ..... දිගටම ලියමු.....

    ReplyDelete
  2. @ Sanjaya සිතුවිලි :

    බොහෝම ස්තුතියි Comment එකට..!!

    ReplyDelete
  3. he.....mage namat thiyanawa hureeeeeeeeee
    tama kiyewwe na mage nama dakka gaman cmnt kale kiyawala apahu cmmet 1k dannam :)

    ReplyDelete
  4. එළ එළ නියමයි ගොඩා...දෙවල් දැන ගත්තා
    මගේ බ්ලොග් එකත් හදාගන්න ඔයාගේ දැනුමත් පාවිච්චි උනේ නෑ කිව්වොත් ඒක හෙන ගහන බොරුවක්
    ඉන්නකො තව ටික දවසකින් ඔය ගැනත් ම්න් බ්ලොග් එකේ ලිපියක් දාන්නම්
    ස්තුතියි!!!!!!!!!!! ජයවේවා

    ReplyDelete
  5. සිද්ධාන්ත කියලා දීලා,ගැජ්ට් ගැනත් කියලා දෙන්න ඕනේ හොදද

    ReplyDelete
  6. @ Chinthaka Basnayaka :

    හි හි..... ලගම තිබ්බ Comment එකක් අරගෙන දැම්මේ.

    බොහෝම ස්තුතියි මචන්. මම ගැනනම් ලියන්න ඔනේ නෑ. ඔයාගේ බ්ලොග් එක හොදට කරගෙන යන්න. පුලුවන්නම් Prison Break මුල් කොටස් වලටත් උපසිරස දාන්න. මොකද එතකොට මේක බලන අයට ඔක්කොම කොටස් වලට එකම තැනකින් උපසිරස හොයාගන්න පුලුවන්නේ. අනික Prison Break TV Series එකෙන් නවත්තන්නේ නැතුව දිගටම TV Series හොයාගෙන සබ් දාන්න. TV Series හොයද්දි සයිස් එකෙන් අඩු Format එක MKV හරි MP4 වගේ සහ 480p, 720p වගේ කොලිටි එකේ Episode හොයාගන්න. මොකද ගොඩක් අය කැමති සයිස් අඩු හොද කොලිටි එව්වට.

    මුලික කරුණු ටික ගැන කතා කරලා ඉවරවුනහම ගැජට් සහ අනිත් දේවල් සම්බන්ධයෙන් අනිවා කියලා දෙන්නම් මචන්. :)

    Comment එකට බොහෝම ස්තුතියි මචන්..!!

    ReplyDelete
  7. හ්ම්....තැක්ස් තාම තාම තනි රිම් එකෙන් යන හින්දා මුල් ඒවා දෙන්න අමාරුයි....100Mb ෆයිල් එකකුත් දාන්න තමා හිතන් ඉන්නේ තැක්ස් bro

    ReplyDelete
  8. @ Chinthaka Basnayaka :

    හොදා හොදා :). හිමීට වැඩේ කරගෙන යන්න. හදවතින්ම සුභ පතනවා..!!

    ReplyDelete
  9. තැන්ක්ස්
    කො අෆ්ෆා ඊලග එක ආ....

    ReplyDelete
  10. @ Chinthaka Basnayaka :

    පුලුවන් තරම් ඉක්මනට දෙන්න බලන්නම් කොල්ලා.

    ReplyDelete
  11. හොදට විස්තර කරල තියෙනවා.අපි වගේ නොදන්න අය දැනුවත් කරනවට බොහොම ස්තූතියි. ඔයාගෙ ඉදිරි වැඩ වලට සුභ පතනවා මම............ :)

    ReplyDelete
  12. @ Sameera Wimal :

    බොහෝම ස්තුතියි සහෝදරයා Comment එකට..!!

    ReplyDelete
  13. හරිම වෙදගත් සහෝ ඔයාගේ ලිපි ටික මම අනිවාර්යෙන්ම බ්ලොග් එකක් හදනවා එතකොට ඔයාට ලින්ක් එක එවන්නම් අඩුපාඩු කියන්න ගොඩක් ඉස්තුතියි

    ReplyDelete
  14. @ Hasantha :

    අනිවාරයෙන්ම උදව් කරන්නම් ඔයාගේ බ්ලොග් එක හදාගන්න. බොහෝම ස්තුතියි සහෝදරයා Comment එකට.. !!

    ReplyDelete
  15. thank you........ manu bar aka hadana heti kiyala dennako

    ReplyDelete
  16. @ lahiru ruwan chamara :

    බොහෝම ස්තුතියි Comment එකට. මම ලගදිම කියලා දෙන්නම් සහෝදරයා.

    ReplyDelete