Blogger Tutorials 6 - Pages ගැන දැනගනිමු - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, December 18, 2012

Blogger Tutorials 6 - Pages ගැන දැනගනිමු

Blogger Tutorials 6 - Pages ගැන දැනගනිමු

මම කලින් ලිපියකදි කතා කරා Blogger Dashboard එක ගැන. මම හිතනවා ඔයාලා ඒ ලිපිය බලන්න ඇති කියලා. ඒක කියෙව්වේ නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ලිපිය බලලා ඉන්න. - Click Here

Blogger Tutorials 3 - Dashboard එක ගැන විස්තර ටිකක්

ඊට පස්සේ මීට කලින් ලිපියෙදි අපි  Blogger Dashboard එකේ තියන Overview සහ Posts ගැන කතා කරා. ඒ ලිපිය මෙතනින් ගිහින් බලන්න.



Blogger Tutorials 5 - Overview සහ Posts ගැන දැනගනිමු

දැන් අපි මේ වෙනකොට New Post, Overview, Posts කියන කොටස් 3 ගැන කතා කරලා ඉවරයි.

Blogger Tutorials 6

හොදයි අපි අද කතා කරමු ඊලග කොටස වන Pages කියන කොටස ගැන.


•?((¯°·._.• Pages •._.·°¯))؟•

Pages

Pages කියන කොටසට ගියහම ඒකට අදාල දේවල් මෙහෙම තමා ඔයාලට පේන්න තියෙන්නේ.

Blogger Pages


අපි ඔතන තියෙන දේවල් ගැන වෙන වෙනම කතා කරමු. මුලින්ම අපි බලමු උඩින්ම තියන New Page කියන කොටස ගැන.

New Page :-

New Page

මේ New Page කියන කොටසෙන් අපිට පුලුවන් අපේ බ්ලොග් එකට අලුත් පි‍ටුවක් හදාගන්න.
Page එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවනේ. මගේ බ්ලොග් තියන පේජස් තමා මේ තියෙන්නේ..

Saagaraya Pages

Page එකකයි Post එකකයි අතර තියන වෙනස

ඔයාලට අමතර කරුණු ටිකක් දැනගන්නත් එක්ක අපි Page එකකයි Post එකකයි අතර තියන වෙනස ගැන පොඩ්ඩක් කතා කරමු.

සාමාන්‍යයෙන් අපි Page එකක් හදපුවාම ඒ පේජ් එකට යන්න ලින්ක් එක Create වෙන්නේ මේ විදිහටයි.

http://yourblogname.blogspot.com/p/testpage.html


අපි Post එකක් ලියපුවාම ඒ පෝස්ට් එකට යන්න ලින්ක් එක Create වෙන්නේ මේ විදිහට

http://yourblogname.blogspot.com/2012/12/testpost.html


ඔය ලින්ක් 2 ක අතරේ තියන වෙනස බලන්න.

Blogger Tutorials 6

ඔයාලට දැන් හොදටම පේනවා ඇතිනේ මේ ලින්ක් 2 ක අතරේ තියන වෙනස. Page එකක් හදද්දි /p/ කියලා එකක් එනවා. Post එකක් හදද්දි ඒක Publish කරන අවුරුද්ද සහ මාසය තමා එන්නේ link එකට එකතු වෙන්නේ.

තව අපිට Pages 20 ක වගේ ප්‍රමාණයක් තමා එක බ්ලොග් එකකට හදන්න පුලුවන් වෙන්නේ. Post නම් අපිට කැමති තරමක් ලියන්න පුලුවන්.

මේ වගේ තව ගොඩක් දේවල් කතා කරන්න පුලුවන්. තව තව දේවල් අපි ඉස්සරහට කතා කරනවා. නමුත් මම මේ කියපු දේවල් තමා විශේෂයෙන් ඔයාලා දැනට දැනගන්න ඔනේ.
________________


හොදයි දැන් අපි කතා කර කර හිටියේ Blogger Dashboard එකේ තියන Pages වල New Page කියන කොටස ගැනනේ. දැන් ඔය New Page කියන එක ක්ලික් කරපුවාම මේ විදිහට පෙන්නනවා..

New Page

Blank Page සහ Web Address කියන කොටස් 2 ක් පෙන්නනවා. මුලින්ම අපි Blank Page ගැන කතා කරමු.

Blank Page :

Blank Page


Blank Page කියන එක ක්ලික් කරපුවාම අපිට අලුත් පේජ් එකක් Create වෙනවා. ලිපියක් ලියනවා වගේ අපිට මෙතන කැමති දෙයක් Type කරලා Publish කරන්න විතරයි තියෙන්නේ. මෙතන තියන Tools ගැන එහෙම මම කතා කරන්න යන්නේ නෑ. මොකද මේ දේවල් ඔක්කොම ගැන Post එකක් ලියන හැටි තියන ලිපියේදි මම ඔයාලට කියලා දුන්නා. ඒ ලිපිය පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න..

Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (I)

හරි. දැන් ඔයාලට අලුත් පේජ් එකක් ලස්සනට නිර්මාණය කරගන්න පුලුවන්. ඊලගට අපි බලමු Web Address කියන එක ගැන.


Web Address :

Web Address


ඔය Web Address කියන එකෙන් වෙන්නේ මේකයි. එකෙනුත් අපිට අලුත් පි‍ටුවක් නිර්මාණය කරගන්න පුලුවන්. නමුත් ඒ පි‍ටුවේ කිසිවක් අන්තර්ගත වෙන්නේ නෑ. Home Page එකේ අපි මේ හදපු පි‍ටුව ක්ලික් කරපුවාම යන්න ඔන තැන ලින්ක් එක විතරයි මේකට ඇඩ් කරන්න පුලුවන්. තේරුණාද? නෑ. ඔහොම කීවට ඔයාලට තේරෙන්නේ නැ. මේ ගැන කතා කරලම තේරුම් ගන්න බලමු.


ඔය Web Address කියන එක ක්ලික් කරපුවාම මේ වගේ එකක් එනවා.

Web Address


ඔතන Page Title කියන තැන ඔයාලා නිර්මාණය කරන පි‍ටුවේ නම ගහන්න. ඊටපස්සේ Web Address (URL) කියන එක යටතේ තියෙන්නේ http:// කියලා, අන්න එතන ඔයාලට මේ Page එක ක්ලික් කරපුවාම යන්න ඕනතැන Link එක දෙන්න. ඊට පස්සේ Save කරන්න.

දැන් වෙන්නේ මේකයි. ඔයාලගේ Home Page එකේ ඔයාලා මේ නිර්මාණය කරපු Page එක පෙන්නනවා. නමුත් ඒක ක්ලික් කරපුවාම ඔයාලා කලින් දුන්න Link එකට තමා යන්නේ (Redirect වෙන්නේ).

මම හිතනවා මම මේ කියපු දේ දැන්නම් තේරෙන්න ඇති කියලා. 


ඊලගට අපි තවත් කොටසක් ගැන බලමු. ඒ Pages කියන කොටස.


Pages :-

Pages

මේ Pages කියන කොටසේ පෙන්නන්නේ ඔයාලා දැනට හදලා තියන, Blog එකේ Home Page එකේ පේන්න තියන  Pages ටිකයි. ඔය Movie News, All Blogger Tutorial, TV Series කියලා තියෙන්නේ මම හදලා තියන Pages ටික.

එක එක පේජ් එකට පහලින් තියන Edit කියන එකෙන් වෙන්නේ මේ පේජ් එක Edit කරන තැනට යන්නයි, View කියන එකෙන් හදපු පේජ් එක බලන්න යන්නයි, Revert to draft කියන එකෙන් පේජ් එක Draft එකක් බවට පරිවර්තනය කරගන්නයි, Delete කියන එකෙන් පේජ් එක Delete කරගන්නයි පුලුවන්. ඔය ටික බොහෝම සරල දේවල් ටිකක් නිසා මම වැඩිය විස්තර කරන්න ගියේ නෑ.

ඊටපස්සේ ඔයාලට පේන්න තියනවා උඩම Show Pages as කියලා එකක් තියනවා. එතනින් මොකද වෙන්නේ කියලා දැන් අපි කතා කරමු.

මෙතනින් ඔයාලා මේ හදපු Page එක Blog එකේ Home Page එකේ කොතනද පෙන්නන්න ඔනේ කියලා වෙනස් කරගන්න පුලුවන්. එතන ක්ලික් කරපුවාම පහලට මේ වගේ Menu එකක් එනවා.

Show Pages as


ඔතන Top tabs කියන එක තේරුවොත් ඔයාලගේ බ්ලොග් එකේ උඩින්ම තමා මේ Page ටික පෙන්නන්නේ. Side links කියන එක තේරුවොත් බ්ලොග් එකේ පැත්තකින් මේ Pages ටික පෙන්නනවා. Don't show කියන එකෙන් වෙන්නේ මේ Pages ටික බ්ලොග් එකේ පෙන්නන්න එපා කියලා දෙන එකයි. ඉතින් ඔයාලට ඔතනින් කැමති එකක් ‍තෝරගන්න පුලුවන්. මම සාමාන්‍යයෙන් ‍තෝරලා තියෙන්නේ Top tabs කියන එකයි.

Blogger Page


හරි දැන් අපි Drafts කියන කොටස බලමු.

Drafts :-

Drafts

Draft එකක් කියන්නේ සාමාන්‍යයෙන් ක‍ටුසටහනක් වගේනේ. මෙතන තියෙන්නේ අපි දැනට හදමින් පවතින Pages. Page එකක් හදලා ඒක Publish කරන්නේ නැතුව Save විතරක් කරපුවාම මෙතෙන්ට තමා ඒ Page එක එන්නේ. මේවා Blog එකේ Home Page එකේ පෙන්නන්නේ නෑ. මෙතනිනුත් අපිට Edit කරගන්න සහ Publish කරගන්න වගේම මේ Page ටික Delete කරගන්නත් පුලුවන්.


ඊලගට අපි Hidden කියන කොටස යටතේ මොනවද තියෙන්නේ කියලා බලමු.


Hidden :-

Hidden


මෙතන තියෙන්නේ අපි දැනට හදලා Publish කරලා තියන පේජස්, නමුත් මෙව්වා Hidden කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ Pages ටික Home Page එකේ පෙන්නන්නේ නැති විදිහට හංගලා තියෙන්නේ.

උදාහරණයක් විදිහට Something About Me කියලා නම තියන Page එකක් මගේ බ්ලොග් එකේ Home Page එකේ පෙන්නන්නේ නෑ. ඒ වුනාට එහෙම පේජ් එකක් මම හදලා තියෙන්නේ. ඒක බලන්නනම් මේ ලින්ක් එකෙන්ම යන්න වෙනවා.


http://saagaraya.blogspot.com/p/something-about-me.html


මම හිතනවා මේ කිවදේ ඔයාලට තේරෙන්න ඇති කියලා.

ඒ වගේම අපි දැනට Publish කරලා තියන Page එකක් Hidden කරගන්න ඔනෙනම් ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන්.
ඒ Page එකට වම් පැත්තේ නිල්පාට තීරුවක් තියෙන්නේ. අන්න ඒක ලගට ගියහම මේ විදිහට Mouse Cursor එක වෙනස් වෙනවා.

Blogger Tutorials


ඊට පස්සේ ඒ Page එක Drag කරගෙන ඇවිත් Hidden කියන එකට පහලින් අතහරින්න. දැන් වැඩේ හරි.
ඒක දැන් Hidden Page එකක් බවට පරිවර්තනය වෙනවා. කලින් ඒවගේ වගේම එතනිනුත් ඒ පේජ් Edit කරගන්න, Draft එකක් බවට පරිවර්තනය කරගන්න, වගේම Delete කරගන්නත් පුලුවන්. View කියන එකෙන් පේජ් එක බලන්න පුලුවන්.

මතක ඇතුව ඔතන මොනයම් වෙනස්කමක් හෝ කරා නම්, අවසානයේදී උඩින්ම තියන Save arrangement කියන එක ක්ලික් කරලා මෙතන Settings ටික Save කරගන්න.

Save Arrangement


හොදයි. අද මම ඔයාල එක්ක කතා කරන්න ආපු Pages කියන කොටස මෙතනින් ඉවර වෙනවා. මම හිතාගෙන ආවේ Comments කියන කොටසත් ගැන මෙතනින්ම ඔයාලට කියලා දෙනවා කියලා. නමුත් ලිපිය ටිකක් දිග වැඩිවුනා වගේ. ඒ නිසා ඊලග දවසේ අපි Comments කියන කොටස ගැන කතා කරමු. ඒ වගේම මේ ලිපිය අවසානයේදී තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියනවා. හරිනම් මේක මුලින්ම තමා කියන්න තිබුනේ. කමක් නෑ අවසානයට හරි ඔයාලා මේක ගැන දැනගන්න ඔනේ.

මෙහෙමයි. මම මෙතන Blogger ගැන කොච්චර ඔයාලට කියලා දුන්නත් වැඩක් නෑ ඔයාලා මෙව්වා ප්‍රායෝගිකව කරලා බලන්නේ නැත්නම්. ඒ හින්දා මේ ලිපි කියවගෙන යන ගමන් ඔයාලගෙ බ්ලොග් එකත් Open කරගෙන මේවා කරලා බලන්න. එතකොට මම ඔයාලට මේ කියලා දෙන ඒවා හොදටම තේරෙයි. එතකොට මොනවා හරි ප්‍රශ්ණයක් ඇතිවුනොත් එහෙම මෙතන Comment එකක් දාලා අහන්න. ලැජ්ජා බයවෙන්න ඔනේ නෑ දන්නේ නැති දෙයක් අහගන්න. සමහර විට ඔයාලා අහන දේ තවත් ගොඩක් අයට ඇතිවෙච්ච ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. ඒ නිසා දන්නේ නැති දෙයක් තියනවනම් ඒ වෙලේම ඒ ගැන අහලා දැනගන්න.


Blogger සම්බන්ධ අලුත් තොරතුරු ඔක්කොම ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්.

All Blogger Tutorials





Tags : blogger widgets, blogger tricks 2012, blogger tricks and hacks, top blogger tricks, blogger tricks and tools, blogger tricks meta tags, blogger tricks toolz, blogger tips and tricks 2012, Blog about Blogger Tips, Blogger Templates, Widgets, hacks, Blogger Tricks, Blogger and blogs, creating your blog, blogger writing tips, widgets, design, templates, themes, SEO, social media, Find Blogger Widgets, Blogger Gadgets, Blogging tips, Free Templates, Plugins, SEO, complete list of blogger tutorials, blogger tutorials 2012, blogger tutorials blog, blogger tutorials beginners, blogspot tutorials, blogger templates, blogger widgets, blogger tricks, blogger tips and tricks, blogger tips and tricks widget, blogger tricks, google blogger tips, blogger tips 2011, blogger tips and tricks 2012, Blog Tips in Sinhala, සිංහලෙන් බ්ලොග් ටිප්ස් , සිංහලෙන් ඉගෙන ගමු, Blogger ගැන සිංහලෙන්, කොහොමද Blog එකක් හදන්නේ, blogger tutorial සිංහලෙන්, Blogger Tips and Tricks, Best Blogger tips, Blogger Hacks, Blogspot Tutorial, Blogspot tips and Tricks, Blogger Templates, Seo tips, sinhala tutorial, sinhala tricks, tips, බ්ලොගර් උදවු, Blogger help, Blogger tricks and Tools, best blogger tips and tricks,

11 comments:

  1. els..දන්නැති දේවල් ගොඩාක් තිබ්බා....
    ඉත්තුතියි,

    ReplyDelete
  2. @ Chinthaka Basnayaka :

    Comment එකට ස්තුතියි සහෝදරයා..!!

    ReplyDelete
  3. වැඩේ නම් නියමයි කියන්න වදන් නෑ මම මේ සිංගිරිසි යුනිය ජන්ජාලෙ කකා හෙව්ව දැන් තමයි හොයා ගත්තෙ ඒකෙන්ම ටයිප් කරල මම මෙ කොමෙන්ට් කරන්නෙ ඉස්සරහටත් මීට ව්ඩා දේවල් කරන්න ශක්තිය ලැබේවා කියා පතම්

    ReplyDelete
  4. @ Anonymous :

    බොහෝම ස්තුතියි ඔයාගේ Comment එකට. පුලුවන්නම් ඊලග පාර Anonymous නැතුව, නම දාලා Comment කරන්න..!!

    ReplyDelete
  5. slide show ekakuth dhanna kiyalaa dennako...laaasna ekak

    ReplyDelete
  6. @ Chinthaka Basnayaka :

    අනිවා කියලා දෙන්නම් කොල්ලෝ. තව පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්න තියනවා. ඒවා ටික ඉක්මනින් ඉවර කරලා ඔය වගේ දේවල් ගැන කතා කරන්න ගමු.

    ReplyDelete
  7. ගොඩක් ස්තුතියි බ්ලොග් හදන අළුත් අයට ගොඩක් ප්‍රයෝජනවත්

    ReplyDelete
  8. Sub Menu එකකට Link එකක් දාන්නෙ කොහ‍ොමද කියලා පැහැදිලි කරනවද?

    ReplyDelete
  9. @ Gihan Jayadewa :

    Comment එකට බොහෝම ස්තුතියි.


    @ Gayan Anuruddha :

    මම ඒ ගැන ලගදිම කියලා දෙන්නම් සහෝදරයා.

    ReplyDelete
  10. Oyata godak thanks...,,bro mage blog eke page eka dunnahama ohoma nane,,plz help!!!

    ReplyDelete
  11. දවසින් දවස Blogger එකේ තියන දේවල් වෙනස් වෙනවා. එයාලා අලුත් දේවල් එකතු කරමින් දිනපතා අප්ඩේට් කරනවා. ඉතින් මම උඩින් සදහන් කරලා තියන පින්තුර මේ වෙනකොට වෙනස් විදිහට ඔයාලට පේනවා ඇති. නමුත් තියරිය එකයි.

    ReplyDelete