මොකද්ද මේ පිංතුරේ - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, October 27, 2012

මොකද්ද මේ පිංතුරේ

Search By Image

"My mother always said, life was like a box of chocolates, you never know what you're gonna get" මෙහෙම Quote එකක් තියෙන්නේ මොන ‍ෆිල්ම් එකේද? කවුද මේක කියන්නේ? කියලා කවුරුහරි ප්‍රශ්ණයක් ඇහුවොත් ඔයාලගෙන්, ඔයාලා මොකද කරන්නේ. මේක මතකනම් කිසි ප්‍රශ්ණයක් නෑ. මෙහෙම එකක් මතක නැත්නම් ඔයාලා මොකද කරන්නේ? හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. මේ ටික Internet එකේ Search කරලා බලනවා. එහෙම නේද. එතකොට ඔක්කොම විස්තර හොයාගන්න පුලුවන්.



My mother always said, life was like a box of chocolates, you never know what you're gonna get

මේකනම් කියන්නේ Tom Hanks. Forrest Gump කියන චිත්‍රපටියේ.
හරි එතකොට වචනයක්, වාක්‍යයක්, ජේදයක් වුනත් ඔනෙම දෙයක් ඔයාලට දුන්නොත් Search කරලා හොයාගන්න පුලුවන්. Search කරන්න, Google, Yahoo, Bing.. වගේ Search Engines ගොඩාරියක් තියනවා. ඔය ඔනෙම එකකින් Search කරලා හොයාගන්න පුලුවන්. ගොඩක් ජනප්‍රිය ඉතින් Google තමා.

හරි එහෙනම් කියන්න බලන්න පහල තියෙන්නේ මොකද්ද කියලා...

What is this image?

දන්නවද මේ මොකද්ද කියලා? දන්න අයත් ඇති. නොදන්න අය කොහොමද මේක හොයාගන්නේ. මාර වැඩේ නේද. අකුරු Type කරලා Search කරාට, කොහොමද දැන් මේ පිංතුරේ මොකද්ද කියලා හොයාගන්නේ. හරි ලේසියි. කරන්න තියෙන්නේ මේ පිංතුරේ Search කරන එකයි. කොහොමද ඒක කරන්නේ? ඒක තමා දැන් මම කියලා දෙන්න යන්නේ.

අපි Internet එකේ ගොඩක් වෙලාවක් කරන්නේ මොකද්ද? Search කරන එක. ඒ වුනාට මම ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමා, ගොඩක් අය අකුරු Type කරලා Search කරන්න දැනගත්තට මේ Image එකෙන් Search කරන්න දන්නේ නැතිකම. ගොඩක් වෙලාවට මම විවිධ Forums වල දැක්ක දෙයක් තමා මේක. පිංතුරයක් දාලා, " මේ කවුද කියලා දන්න කෙනෙක් කියන්නකෝ, මේ පිංතුරේ මොකද්ද? " වගේ ගොඩක් ප්‍රශ්ණ අහලා තියනවා. ඉතින් ඔය වගේ අයට මම හිතන්නේ මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් තවත් වැඩිය කතා කරන්න යන්නේ නෑ. කෙලින්ම වැඩේට බහිමු.

කොහොමද Image එකක් Search කරන්නේ ?


මේ ක්‍රමය මගින් ඔයාලට නොදන්නා පිංතුරයේ සදහන් වෙන්නේ කුමක්ද වගේම එම පිංතුරය භාවිතා කරලා තියන වෙනත් වෙබ් අඩවි, එම පිංතුරයේ වෙනත් සයිස් ( උදා-: Resolution ප්‍රමාණය වැඩි, හොද කොලිටි පිංතූර වගේ දේවල් ) හොයාගන්න පුලුවන්.

1. මුලින්ම ඔයාලා Google.lk යන්න.
2. ඊටපස්සේ එතනින් Images යන්න.

Google Images


Images එකට ගියහම මෙහෙම පෙනෙයි ඔයාලට.

Google Images


3. හරි දැන් ඔතන Search කරන තැනට ගිහයම ඔයාලට පෙනෙයි කැමරාවක රූපයක් තියනවා.

Google Images


4. ඒක ක්ලික් කරන්න. එතකොට මෙහෙම එකක් එයි.

Search by Image

5. ඊටපස්සේ මේ වැඩේ ක්‍රම 3 කට කරගන්න පුලුවන්.
  • ඔයාලා යම් කිසි වෙබ් අඩවියක තියන පිංතුරයක් ගැන හොයනවනම් Paste image URL කියන තැනට ඒ පිංතුරේ URL එක දෙන්න.

Search by Image

ඊට පස්සේ Search කියන එක ක්ලික් කරන්න

  • ඔයාලගේ Computer එකේ තියන පිංතුරයක් ගැන හොයන්න ඔනෙනම්, Upload an image කියන එකට ගිහින් Browse කියන එක ක්ලික් කරලා ඔයාලගේ ඒ පිංතුරේ තියන තැන ‍තෝරන්න.

Search by Image

  • නැත්නම් කරන්න තියන ලේසිම වැඩේ පිංතුරේ Drag කරගෙන ඇවිත් මෙතෙන්ට අතාරින්න.


Search by Image


එච්චරයි කරන්න තියෙන්නේ.. දැන් මේ Image එක Search වෙනවා.
ඔන්න මම ඔයාලට මුලින් දුන්න Image එක Search කරා..

Nobel Museum


මේක ගැන තවත් හොදට තේරුම් ගන්න පහල තියන විඩියෝ එක බලන්න..





ඔයාලට මෙහෙම යන්නේ නැතුව ඉක්මනට ඉමේජ් එකක් Search කරගන්න ඔනෙනම් පහල තියන Addon එක සහ Extension එක දාගන්න.


Chrome Extension | Firefox Add-ons



හරියට සර්ච් කරලා තමන්ට අවශ්‍ය ඔනෙම තොරතුරක් හොයාගන්න හැටි ගැන මම තව ලිපියකින් ඔයාලට කියලා දෙන්නම්.



Tags : Image එකක් Search කරගන්නේ කොහොමද, පිංතුරයක් හොයාගන්න, Quality වැඩි Image එකක් හොයාගන්න , search by image, Google Search by Image Add-ons for Firefox, Chrome Extension, Computer එකේ තියන Image එක Internet එකෙන් හොයාගන්න,

2 comments:

  1. @ Pathum Chathuranga :

    බොහෝම ස්තුතියි සහෝදරයා Comment එකට..

    ReplyDelete