Windows 7 වල ගැජට් හරියට පෙන්නන්නේ නැද්ද? - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, October 15, 2012

Windows 7 වල ගැජට් හරියට පෙන්නන්නේ නැද්ද?

Gadgets not Displaying Correctly in Windows 7 - Windows 7 වල ගැජට් හරියට පෙන්නන්නේ නැද්ද?

ඔයාලා Windows 7 වල Desktop Gadgets පාවිච්චි කරනවද? පාවිච්චි කරනවනම් සමහර වෙලාවට මතුවෙන ප්‍රශ්ණයක් ගැන තමා අද අපි කතා කරන්න යන්නේ. මමනම් මේ Gadgets වලට පෞද්ගලිකව ආසා නෑ. ඉතින් කොහොම වුනත් මේ Gadgets අවශ්‍යවෙන අවස්ථාද නැතුවාම නෙවේ.
ඉතින් සමහර වෙලාවට මේ Windows 7 ගැජට් පෙන්නන්නේ නැතුව යනවා. පෙන්නුවත් කලුපාට, හිස් අවකාශයක් විතරයි පෙන්නන්නේ. ඒවගේ ඇතුලත් තොරතුරු මොනවත් පෙන්නන්නේ නෑ. බලන්නකෝ පහල රූප ටික. ඔය එවැනි අවස්ථා වලින් කිහිපයක්.



Gadgets not Displaying Correctly in Windows 7


 ඉතින් මේ වගේ දෙයක් ඔයාලටත් වුනොත් මොකද කරන්නේ? අන්න ඒකට විසදුමක් තමා දැන් මම කියලා දෙන්න හදන්නේ.

කොහොමද මේ ප්‍රශ්ණය විසද ගන්නේ ?

බයවෙන්න එපා බොහෝම පහසුයි මේක විසද ගන්න. මම පහලින් ඔයාලට පියවර සහිතව කියලා දෙනවා. පිළිවෙලට වැඩේ කරගන්න. මුලින්ම මේ වැඩේ කරන්න ඉස්සර වෙලා ඔයාලට පොඩි දේවල් කිපයක් කියන්න තියනවා.



  • මේ වැඩේ කරන්න ඉස්සර වෙලා මුලින්ම ඔයාලා Administrator Account එකට Log වෙලා ඉන්න ඔනේ.
Administrator Account


  • ඒ වගේම ඔයාලා 3rd Party Firewall Program එකක් Install කරලා තියනවනම්, මුලින්ම ඒකේ Settings චෙක් කරලා බලන්න වෙනවා. මොකද සමහර Firewall වලින් මේ ගැජට් Block කරනවා.
3rd Party Firewall Program එකක් කියන්නේ, සාමාන්‍යයෙන් Windows Install කරනකොට එකෙන්ම Install වෙන (default) Firewall එකකට අමතරව ඔයාලා අලුතෙන් Internet එකෙන් Firewall Programe එකක් අරගෙන Install කරනවනම් ඒක හදුන්වන්නේ 3rd Party Firewall Program එකක් ලෙසයි.


ඉහත සදහන් කල දේවල් පරික්ෂාකරලා බලලා මේ පියවර ටික පිළිවෙලට කරගන්න..

1. මුලින්ම ඔයාලා Notepad එක Open කරගන්න. ( Start → All Programs → Accessories → Notepad)

2. ඊටපස්සේ මම ඔයාලට පහල කොඩ් වගයක් දීලා තියනවා. ඒ ටික Copy කරලා මේ Notepad එකට Paste කරන්න.

taskkill /im sidebar.exe /f
regsvr32 /s msxml3.dll
regsvr32 /s scrrun.dll
regsvr32 /s jscript.dll
regsvr32 /s atl.dll
Regsvr32 /s "%ProgramFiles%\Windows Sidebar\sbdrop.dll"
Regsvr32 /s "%ProgramFiles%\Windows Sidebar\wlsrvc.dll"
reg delete "HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Internet Settings\Zones" /f
"%ProgramFiles%\Windows Sidebar\sidebar.exe"



3. දැන් අපි මේක Save කරගන්න ඔනේ. File → Save As ගිහින්, මොකක් හරි නමක් දීලා මේක .bat කියන File Format එකට Save කරගන්න.

උදාහරණයක් විදිහට මම Save කරනවා ResetG.bat කියලා.

ResetG.bat

මෙතන පියවර ඔයාලට අවුල් වගේනම්, ඔන්න මම මේ File එක ඔයාලට හදලා දීලා තියනවා. ඔයාලා ඒක Download කරගන්න.



4. මේ Save කරගත්ත File එක Right Click කරලා Run as Administrator කියන එක Click කරලා මේක Run කරන්න.

5. ඊටපස්සේ command prompt එක Open වෙලා Close වෙලා යයි. ඒ කියන්නේ මේ File එක Run වෙනවා.

6. මේ වැඩේ ඉවරවුනහම Computer එක Restart පාරක් දාන්න.



මේ කරලත් හරිගියේ නැත්නම් මේ Gadgets ටික Uninstall කරලා ආපහු Install කරන්න.


මෙතන කියලා දුන්න පියවරක් ඔයාලට නොතේරෙනවා වගේනම් මගෙන් අහන්න. මම තවත් පැහැදිලි කරලා කියලා දෙන්නම්. ඒවගේම මේක කරද්දි මොනවහරි ප්‍රශ්ණයක් ආවොත් ඒකත් අහන්න.







Tags : windows 7 gadgets calendar not working, gadgets windows sidebar not displayed correctly, windows 7 gadgets menu not working, gadgets not showing up windows 7, not showing correctly, windows 7 desktop gadgets not displaying properly, desktop gadgets windows 7 not working, how to fix gadgets on windows 7, windows desktop gadgets not working flash, windows desktop gadgets not working download, windows 7 gadgets calendar not working, windows 7 fix, windows 7 desktop gadgets stopped working, windows 7 desktop slideshow not working, my windows 7 gadgets not working properly, windows 7 sidebar gadgets not displaying correctly, gadgets not displaying correctly in windows 7, how to restore desktop gadgets in windows 7, gadgets not working properly in windows 7, windows gadgets not working, gadgets not appearing in windows 7, why do my gadgets disappear windows 7, windows 7 gadgets not showing properly, windows 7 gadgets are not displaying properly, windows 7 sidebar gadgets not displaying correctly, gadgets not working properly in windows 7, gadgets not showing up windows 7, windows 7 sidebar not showing properly, windows 7 icons not showing correctly, windows 7 sidebar gadgets, gadgets not opening in windows 7,

2 comments:

  1. @ රොබින් :

    බොහෝම ස්තුතියි සහෝදරයා Comment එකට..

    ReplyDelete