Blogger Tutorials 5 - Overview සහ Posts ගැන දැනගනිමු - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, October 7, 2012

Blogger Tutorials 5 - Overview සහ Posts ගැන දැනගනිමු


Blogger Tutorials 5 - Overview සහ Posts ගැන දැනගනිමු

ඔයාලට මතක ඇති කලින් ලිපියකදි මම ඔයාලට Blogger Dashboard එක ගැන විස්තර කරලා දුන්නා. ඒ වගේම එකේ ඇතුලත් වුන Option ටිකක් ගැන කතා කරා. ඒ Dashboard එක ගැන විස්තර කරපු ලිපිය බලන්න ඔනෙනම් පහල ලින්ක් එකෙන් යන්න.

Blogger Tutorials 3 - Dashboard එක ගැන විස්තර ටිකක්

මේ ලිපියේ අන්තිම හරියේ පොඩි Option ටිකක් ගැන අපි සරලව කතා කරා. ඊට පස්සේ ඊලග ලිපියේ ඉදන් ඒ ගැන දීර්ඝව කතා කරන්න පටන් ගත්තා. මුලින්ම අපි කතා කරේ අලුතෙන් ලිපියක් ලියන හැටි.




ඒ ගැන අපි ලිපි 2ක් ඔස්සේම ඉතා දීර්ඝව කතා කරා. ඉතින් මම අද බලාපොරොත්තු වන්නේ එදා සරලව කතා කරපු Dashboard එකේ තියන තව Option 2 ක් ගැන ටිකක් විස්තර ඇතුව කතා කරන්නයි.


Blogger Tutorials 5

මුලින්ම අපි Overview ගැන කතා කරමු.

•?((¯°·._.• Overview •._.·°¯))؟•


Overview

මෙතනින් වෙන්නේ, ඔයාලගේ බ්ලොග් එක ගැන පොඩි තොරතුරු වගයක් පෙන්නන එකයි. පහල රූපය බලන්නකෝ...

Overview

හරි අපි දැන් ඔතන පෙන්නලා තියන තොරතුරු ගැන පොඩ්ඩක් කතා කරමු.

Pageviews :

ඔතන මුලින්ම තියෙන්නේ Pageviews කියලා. එතනින් අපිට බලාගන්න පුලුවන් ඔයාගේ ලිපි දවසකට කොච්චර සංඛ්‍යාවක් බලලද කියලා. graph එකක් තියෙන්නේ. එතනින් තමා බලාගන්න පුලුවන්. ඒ වගේම එතනම පහලින් Top Traffic Sources කියලා තියෙන්නේ. එතනින් බලාගන්න පුලුවන් ඔයාගේ වෙබ් අඩවියට වැඩියෙන්ම පිරිසක් පැමිණිලා තියෙන්නේ මොන වෙබ් අඩවි හරහාද කියලා.


More Stats :

ඒ වගේම More Stats කියලා මම කො‍ටු කරලා තියන තැනින් තව මේ වගේ තොරතුරු ගොඩක් දැනගන්න පුලුවන්. ඒක ගැන මම පස්සේ වෙනවම කතා කරනවා. එතනදි වැඩි විස්තර කියලා දෙන්නම්.


Updates:

ඒ වගේම Updates කියලා මම කො‍ටු කරලා තියන තැනින් නිතර නිතර අප්ඩේට් වෙන තොරතුරු ටිකක් දැනගන්න පුලුවන්.

  • Comments Awaiting Moderation කියලා තියන්නේ එතනින් ඔයාට Moderat කරන්න තියන Comment සංඛ්‍යාව බලාගන්න පුලුවන්. ඒ කියන්නේ කවුරු හරි Comment එකක් දාපුවාම ඒක ඔයා අනුමත කරනකම් පෙන්නන්නේ නෑ. ( මේ විදිහට හදාගන්න හැටි මම Settings යටතේ ඔයාලට කියලා දෙන්නම්) ඔතනින් ඒ වගේ Comments කියක් තියනවද කියලා බලාගන්න පුලුවන්.
  • Published Comments කියලා තියන තැනට ඉස්සරහින් අපිට බලාගන්න පුලුවන් දැනට ඔයාගේ බ්ලොග් එකේ Comments කියක් පළවෙලා තියනවද කියලා.
  • Pageviews Today කියලා තියන තැනින් අපිට බලාගන්න පුලුවන් අද දවසේ අපේ බ්ලොග් එක බලන්න ආව අය පි‍ටු කියක් පෙරලලා තියනවද කියලා.
  • Posts කියන තැනින් දැනට ඔයාලා පළකරලා තියන ලිපි සංඛ්‍යාව බලාගන්න පුලුවන්.
  • Followers කියන තැනින් කී දෙනක් ඔයාගේ බ්ලොග් එක Follow කරලා තියනවද කියලා බලාගන්න පුලුවන්.

ඒ වගේම මෙතනට පහලින් Blogger සම්බන්ධ පොඩි තොරතුරු වගයක් තියනවා.

Blogger

Blogger ගැන අලුත් තොරතුරු, ඒ කියන්නේ Blogger වලට අලුතෙන් එකතු කරන උපාංග එහෙම ගැන දැනගන්න පුලුවන් News From Blogger කියන තැනින්. ඒ වගේම ඔයාලගේ Mobile Phone එකෙන් බ්ලොග් එකට ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවනම් එහා පැත්තේ තියන Publish Blog Post On The Go කියන තැනින් Get Blogger for mobile කියන එක ක්ලික් කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්. ඊලගටම මම මේ ඔයාලට බ්ලොගර් ගැන කියලා දෙනවා වගේ Blogger කට්ටියත් එයාලගේ තියන උපාංග ගැන කියලා දෙනවා. ඒක Blogger Guide කියන තැනින් බලාගන්න පුලුවන්. ඒ වගේම අලුතෙන් එකතු වුන Blog ගැන Recent Blogs of Note කියන තැනින් පෙන්නනවා.

හරි දැන් අපි Overview එක ගැන කතා කරා. ඊලගට කතා කරමු Posts ගැන.


•?((¯°·._.• Posts •._.·°¯))؟•


Posts
හොදයි මේ Post කියලා තියන තැනින් අපේ බ්ලොග් එකේ තියන සියළුම ලිපි බලාගන්න පුලුවන්. ඒ කියන්නේ ලියලා තියන සහ ලියමින් සිටින ලිපි ඔක්කොම පෙන්නනවා. අපි මුලින් පොඩි රූපසටහනක් බලලා ඉමුකෝ.

Posts


දැන් අපි මෙතන පේන්න තියන ඒවා වෙන වෙනම අරගෙන කතා කරමු.

මුලින්ම Post කියන තැන. අපේ බ්ලොග් එකේ තියන ලිපි කාණ්ඩ 3 කින් පෙන්නනවා.

Posts

All කියන්න එක ‍තෝරපුවාම දැනට අපේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි පෙන්නනවා. Draft කියන එක ‍තෝරපුවාම අපේ බ්ලොග් එකේ දැනට අපි ලියමින් පවතින ලිපි ටික පෙන්නනවා. Published කියන එක ‍තෝරපුවාම දැනට පළකරලා තියන ලිපි සියල්ලම පෙන්නනවා.

ඊලගට අපි බලමු පහල තියන රූපේ තියෙන්නේ මොකද්ද කියලා.

Posts

පළවෙනියට තියෙන්නේ අපේ බ්ලොග් එකේ තියන Posts ටික Select කරගන්න තියන තැන. අපේ බ්ලොග් එකේ තියන හැම ලිපියක්ම Select කරගන්න ඔනෙනම් ඔතන තියන කො‍ටුවට ටික් මාර්ක් එක දාපුවාම හරි.

Posts


එහෙම නැත්නම් අපිට අවශ්‍ය එක ලිපියක් Select කරගන්න කරන්න ඔනේ ඒ ලිපියට ඉදිරියෙන් තියන කො‍ටුවට ටික් මාර්ක් එක දාන එක. බලන්නකෝ උදාහරණයක් පහල රූපයෙන්.

Select Post

ඔය විදිහට ටික් මාර්ක් එක දාලා ලිපි කිපයක් වුනත් ‍තෝරගන්න පුලුවන්.




ඊලගට දෙවනියට තියන එකෙන් මොකද්ද කරන්න පුලුවන් කියලා බලමු.
මෙතනින් වෙන්නේ මේකයි. අපිට ලිපියක් එක එක කාණ්ඩ වලට, ඒ කියන්නේ Label වලට වෙන් කරන්න පුලුවන් මෙතනින්.

Label


අපිට ලිපිය ලියන වෙලාවට Label කරන්නත් පුලුවන්. එහෙම නැත්නම් ලිපිය ලියලා ඉවර වෙලා Save කරලා මෙතනින් Label කරන්නත් පුලුවන්. Label කරන්න ඉස්සර වෙලා ලිපිය Select කරගන්න ඔනේ.

Label


ඊලගට තුන් වෙනියට තියන Publish කියන එක ගැන කතා කරමු.
ඔයාලට මතක ඇතිනේ අපි Blogger Tutorial 4 වෙනි ලිපියෙන් කතා කරා කොහොමද ලිපියක් ලියලා ඉවර වෙලා Publish කරන්නේ කියලා. මේකත් ඒවගේමයි. මෙතන වෙන්නේ ලිපිය ලියලා ඉවර වෙලා ඒක Save කරලා, පස්සේ වෙලාවක ඔයාට ඔනෙනම් Publish කරන්න පුලුවන්. මුලින්ම ඒ Save කරපු ලිපිය Select කරලා Publish කියන එක ක්ලික් කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ.

හතර වෙනියට තියන Revert to draft කියන එකෙන් වෙන්නේ ඔයා දැනට Publish කරලා තියන ලිපියක් Unpublish වෙන එකයි. ඒ කියන්නේ ඒක Publish වෙලා නැති ලිපියක් විදිහට හරවනවා. මේක ක්ලික් කරන්න කලින් ඔයාලට අවශ්‍ය ලිපිය Select කරගන්න.

පස්වෙනියට තියන එකනම් හැමෝම දන්නවනේ. ඔයාලට වැඩක් නැති ලිපියක් තියනවම් ඒක Select කරලා මෙතනින් Delete කරගන්න පුලුවන්. හැබැයි පරිස්සමෙන්. හොදට බලන්න Select කරලා තියන ලිපිය හරි ලිපියක්ද කියලා. මොකද Delete වුනාට පස්සේ ආපහු ඒක අරගන්න බෑ.



හරි කොටසෙත් ඔක්කොම ගැන සාකච්චා කරලා ඉවරයි. දැන් අපි තවත් කොටසක් ගනිමු.

Search Posts

මේ කොටසෙන් වෙන්නේ ඔයාලා දැනට පළ කරලා තියන ලිපි පහසුවෙන් හොයාගන්න උදව් කරන එකයි. හදිස්සියේ ලිපියක් Edit කරන්න සිදුවුනොත් ඒක කරගන්න කලින් ලිපිය හොයාගන්න ඔනෙනේ. මෙතනින් ඒකට උදව් කරනවා.

ඔනෙනම් ඔයාලට ඒ ලිපිය ලේබල් කරලා තියන Label වලින් හොයාගන්න පුලුවන්. All Labels කියන එක ක්ලික් කරපුවාම දැනට ඔයාලා භාවිතා කරලා තියන Label ඔක්කොම ටික පෙන්නනවා. එතනින් ඒ ලිපිය අඩංගු ලේබල් එක ක්ලික් කරහම පහසුවෙන් ලිපිය හොයාගන්න පුලුවන්.


Search By Label


ඔය ලේබල් ඉස්සරහින් අංක වගයක් පෙන්නන්නේ, එතන තියෙන්නේ ඔය ලේබල් එක භාවිතා කරලා තියන ලිපි ගණනයි. උදාහරණයක් විදිහට Action කියන ලේබල් එක මම ලිපි 22 කට භාවිතා කරලා තියනවා. ඉතින් ඔය විදිහට මෙතනින් ලිපි හොයාගන්නවා වගේම තව ලේසි ක්‍රමයක් තියනවා.

ඒ තමා Search කිරීම මගින්. ලිපියේ මාතෘකාව එහා පැත්තේ තියන Search Box එකේ ගහලා Search කරපුවාම කෙලෙන්ම ඒ ලිපියම පෙන්නනවා.

Search Posts

ඒ කොටසත් අපි සාකච්චා කරලා ඉවරයි. දැන් තව කොටසක් සාකච්චා කරන්න ගමු.




මුලින්ම පහල රූපසටහන බලලා ඉන්නකෝ.

Posts


අපි දැන් ඉන්නේ Posts කියන කොටසෙනේ. මේ Posts කියන කොටසේ පෙන්නන්නේ අපි දැනට ලියලා තියන ලිපි ටිකයි. ඉතින් අපි දැන් ලිපි 500ක් විතර ලියලා තියනවා කියලා හිතමුකෝ. එතකොට ඒ ලිපි 500 යම එක දිගට පෙන්නන්න ගියෝත් අපිට පහලට පහලට ගිහිල්ලා එපා වෙනවා. ඒ නිසා බ්ලොගර් කට්ටිය අපිට පොඩි උදව්වක් කරලා තියනවා. ඒ මොකද්ද දන්නවද. එක පි‍ටුවකට ලිපි කියක් පෙන්නන්න ඔනෙද කියලා හදාගන්න එක.

ඔතන එහා පැත්තේ 25 කියලා තියෙන්නේ. එතනින් අපිට හදාගන්න පුලුවන් එක පි‍ටුවකට ලිපි කියක් පෙන්නන්න ඔනෙද කියලා.

Posts

මම ‍තෝරලා තියෙන්නේ 25. ඔයාලට කැමතිනම් 10, 25, 50, 100, වගේ ඔනෙම එකක් ‍තෝරගන්න පුලුවන්.

ඊටපස්සේ මෙහා පැත්තේ 1 කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් කීවෙනි පි‍ටුවෙද ඉන්නේ කියන එකයි. එක පි‍ටුවකට ලිපි 25 ක් පෙන්නනකොට අපි ලිපි 100ක් ලියලා තියනවනම්, අපිට පි‍ටු 4 ක් පෙන්නන්න ඔනෙනේ. ඉතින් මෙතනින් අපිට ඒ පි‍ටු සංඛ්‍යාව බලාගන්න පුලුවන් වගේම ඒ පි‍ටු වලට යන්නත් පුලුවන්.

Posts


ඒ වගේම් දෙපැත්තෙන් < , > වගේ දෙකක් තියෙන්නේ. එතනින් පසු පි‍ටු වලටත් ඉදිරි පි‍ටු වලටත් යන්න පුලුවන්.




ඒ කොටස ගැනත් අපි සාකච්චා කරලා ඉවරයි. දැන් තව පොඩි දෙයක් ඔයාලට දැනගන්න තියනවා. ඒ ලිපියක් ගත්තහම එතන තියන දේවල් ටිකක් ගැන.

මුලින්ම පොඩි රූපසටහනක් බලලා ඉමු.

Post


මේ විදිහට තමා මෙතන ලිපියක් පෙන්වන්නේ. අපි දැන් මේ රුපයේ ඇතුලත් වන දේවල් ගැන පොඩි විස්තරයක් දැනගමු.
ඔයාලට විස්තර කරලා දෙන්න පහසු වෙන්න මම මේ රූපය කොටස් කිපයකට වෙන් කරගන්නවා.

Post


1. මෙතනින් පෙන්නන්නේ ලිපියේ මාතෘකාවයි.
2. මෙතනින් පෙන්නන්නේ ඒ ලිපියට දාලා තියන Label ටිකයි.
3. මෙතන්ට ටික් මාර්ක් එක දාලා තමයි ලිපිය Select කරගන්නේ.
4. ලිපියේ මොනව හරි සංශෝදනයක් කරන්න තියනවනම් මේ Edit කියන එක ක්ලික් කරලා ලිපිය Edit කරන්න යන්න පුලුවන්.
5. මෙතනින් බ්ලොග් එකේ තියන මේ ලිපිය බලාගන්න පුලුවන්.
6. මෙතනින් ලිපිය Google plus එකේ Share කරන්න පුලුවන්. නමුත් මීට කලින් අපේ බ්ලොග් ප්‍රොෆයිල් එක විදිහට ගූගල් ප්‍රොෆයිල් එක ඇඩ් කරගන්න ඔනේ. මේක කරන හැටි මම ඊලග ලිපියෙන් කියලා දෙන්නම්.
7. මෙතනින් මේ ලිපිය Delete කරලා දාන්න පුලුවන්.


Post

8. මෙතන සදහන් වෙන්නේ මේ ලිපිය ලියපු කෙනයි. ඒ කියන්නේ Author. ඔයාලගේ බ්ලොග් එකේ Author ලා කිපදෙනෙක් ඉන්නවනම්, මෙතන ඒ අය ලියන ලිපි ඉදිරියේ එයාලගේ නම පළවෙනවා.
9. මෙතනින් පෙන්වන්නේ මේ ලිපියට දැනට ලැබිලා තියෙන Comments ගාන.
10. මෙතන පෙන්වන්නේ මේ ලිපිය කොච්චර බලලා තියනවද කියලා.
11. මෙතන මේ ලිපිය පළකරපු දිනේ වැටෙනවා.


හොදයි එහෙනම් අද Overview සහ Posts ගැන දැනගත්තනේ. ඊලග ලිපියෙන් අපි තව දේවල් ටිකක් ගැන වැඩි දුර කතා කරමු.


Blogger සම්බන්ධ අලුත් තොරතුරු ඔක්කොම ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්.

All Blogger Tutorials



Tags : blogger widgets, blogger tricks 2012, blogger tricks and hacks, top blogger tricks, blogger tricks and tools, blogger tricks meta tags, blogger tricks toolz, blogger tips and tricks 2012, Blog about Blogger Tips, Blogger Templates, Widgets, hacks, Blogger Tricks, Blogger and blogs, creating your blog, blogger writing tips, widgets, design, templates, themes, SEO, social media, Find Blogger Widgets, Blogger Gadgets, Blogging tips, Free Templates, Plugins, SEO, complete list of blogger tutorials, blogger tutorials 2012, blogger tutorials blog, blogger tutorials beginners, blogspot tutorials, blogger templates, blogger widgets, blogger tricks, blogger tips and tricks, blogger tips and tricks widget, blogger tricks, google blogger tips, blogger tips 2011, blogger tips and tricks 2012, Blog Tips in Sinhala, සිංහලෙන් බ්ලොග් ටිප්ස් , සිංහලෙන් ඉගෙන ගමු, Blogger ගැන සිංහලෙන්, කොහොමද Blog එකක් හදන්නේ, blogger tutorial සිංහලෙන්, Blogger Tips and Tricks, Best Blogger tips, Blogger Hacks, Blogspot Tutorial, Blogspot tips and Tricks, Blogger Templates, Seo tips, sinhala tutorial, sinhala tricks, tips, බ්ලොගර් උදවු, Blogger help, Blogger tricks and Tools, best blogger tips and tricks,


9 comments:

  1. ස්තූතියි ! ඔබට මේ වටිනා සටහනට.

    ReplyDelete
  2. @ Chandi :

    බොහෝම ස්තුතියි අක්කේ හැමදාම මගේ ලිපි වලට Comment කරලා මාව දිරිමත් කරනවට.

    ReplyDelete
  3. පට්ට මචන්...තව එකක් දාන්නකො ඉක්මන්ට

    ReplyDelete
  4. @ sameera madushan :

    ලියන්න වෙලාවක් තමා නැත්තේ කොල්ලා. පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්නම්.

    ReplyDelete
  5. ko ane Blogger Tutorials 6 api balan ennawo....ekmanata dento....

    ReplyDelete
  6. Pageviews today එකේ අපි අපේ page එක බලන්න ගියත් count වෙනවද

    ReplyDelete
  7. @ Chinthaka :

    ★ Sorry මචන්. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. පුලුවන් තරම් ඉක්මනට ඊලග ලිපිය දෙන්න බලන්නම්...

    ★ ඔව් මචන් අපි බලන්න ගියත් Count වෙනවා. Stats ගිහින් Don't track your own pageviews දුන්නහම හරි. මම ඒ ගැන වැඩි විස්තර ඉදිරියට කියලා දෙන්නම්..

    Comment එකට ස්තුතියි මචන්..!!

    ReplyDelete
  8. kumaara

    elaga ekath dannakooooooooooo kollo

    ReplyDelete
  9. @ Anonymous :

    ලගදිම ඊලග එකත් දාන්නම් මචන්. Comment එකට ස්තුතියි...

    ReplyDelete