The Fast and the Furious (2001) - වේගවත් බව ජයග්‍රහණයේ තවත් මාවතක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, September 18, 2012

The Fast and the Furious (2001) - වේගවත් බව ජයග්‍රහණයේ තවත් මාවතක්

The Fast and the Furious (2001) - වේගවත් බව ජයග්‍රහණයේ තවත් මාවතක්

මම ඔයාලට කලින් දීලා තියනවා Fast Five (2011) කියලා චිත්‍රපටියක්. ඉතින් මට අද හිතුනා Fast and the Furious චිත්‍රපට මාලාවේ කලින් ආපු චිත්‍රපටි ටික දෙන්න ඔනේ කියලා. එහෙම හිතුනේ කාරණා 2 ක් නිසා. පළවෙනි එක කලින් ආපු මූවි ටික බලන්නේ නැතුව Fast Five බලන එකේ තේරුමක් නෑ. අනිත් කාරණාව තමා 2013 දී මේ  Series එකේ තව චිත්‍රපටියක් එනවා. ඒ The Fast and the Furious 6 . ඒ ගැන අපි වැඩි විස්තර ඉස්සරහට කතා කරමු. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ සීරිස් එකේ මුලින්ම ආපු චිත්‍රපටිය වන The Fast and the Furious (2001) චිත්‍රපටිය ගැනයි.

Brian O'Conner කියන්නේ L.A.P.D එකේ ඉන්න රහස් පරික්ෂකවරයෙක්. L.A.P.D එක විසින් මෙයාට වැඩක් බාර දෙනවා. ඒ තමා Semi-trailer Truck කොල්ල කන පිරිසක් අල්ලගන්න. ඒ පිළිබදව සොයා බලන අතරේ මේ Brian, Street Race ( වීදි වල තියෙන රේස්) ගැනත් සොයා බලමින් ඉන්නවා. මේ සදහා Brian මේ රේස් වලට එකතු වෙනවා. ඒ අතරේ තමා මෙයාට Dominic Toretto (Dom) ව සහ එයාගේ කණ්ඩායම හම්බවෙන්නේ. ඉතින් මේ Brian කොහොම හරි, Dom සමග මිතුරු කමක් ගොඩනගා ගන්නවා. ඒ වගේම Dom ගේ සහෝදරිය වන Mia Toretto සමග ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. Dom, Mia සහ Brian ගේ සම්බන්ධය ගැන දැනගනීද? Brian ට අර Truck කොල්ල කන පිරිස අල්ලගන්න පුලුවන් වෙයිද? ඔය ගැන දැනගන්නම් අනිවාරයෙන් චිත්‍රපටිය බලන්න වෙනවා. ඒ වගේම චිත්‍රපටිය බැලුවට පාඩුවක් වෙන්නේ නෑ. හොද කාර් රේස් ටිකක් බලාගන්න පුලුවන්.

සුපිරි නළු දෙපලක් වන Vin Diesel සහ Paul Walker, පිළිවෙලින් Dominic සහ Brian ගේ චරිත වලට පනපොවයි. Michelle Rodriguez, Jordana Brewster, Chad Lindberg,  ආදී ජනප්‍රිය නළු නිළියන් ‍රැසක් මේ චිත්‍රපටිය සදහා දායක වෙයි.

තව පොඩි තොරතුරු ටිකක් දැනගමු.

Genre : Action | Crime | Thriller
Directed by : Rob Cohen
Produced by : Neal H. Moritz
Starring : Paul Walker, Vin Diesel, Michelle Rodriguez, Jordana Brewster, Matt Schulze, Thom Barry
Distributed by : Universal Pictures
Release date(s) : June 22, 2001
Running time : 107 minutes
Country : United States
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


2 Fast 2 Furious (2003) >>




The Fast and the Furious (2001) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, අපරාධ, ත්‍රාසජනක, ඉංග්‍රීසි චිත්‍රපටි,

4 comments:

  1. මේ වගේ පෝස්ට් එකක් දකිද්දි ආයේ බාගෙන බලන්න හිතෙනවා, එච්චරටම ලස්සන Movie එකක් මේක, ස්තූතියි සහෝ,

    ReplyDelete
  2. @ පහන් තාරක ප්‍රභාෂ්වර :

    බෝහෝම ස්තුතියි සහෝදරයා Comment එකට..

    ReplyDelete
  3. හොඳ series එකක්. මම තවම පලවෙනි ෆිල්ම් හතර විතරයි බලල තියෙන්නේ. හොඳ පොස්ට් එකක්.

    ReplyDelete
  4. @ Rashi :

    පස්වෙනි film එකත් බලන්න. Fast Five 2011. ඒකත් නියම Film එකක්.

    බොහෝම ස්තුතියි Comment එකට.

    ReplyDelete