David Garrett - ඩේවිඩ් ගැරට් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, September 26, 2012

David Garrett - ඩේවිඩ් ගැරට්

David Garrett - ඩේවිඩ් ගැරට්

අද මම ඔයාලට කියන්න යන්නේ ඩේවිඩ් ගැරට් කියන වයලින් වාදකයා ගැනයි. ඔයාලට මතක ඇති මම කලින් ලිපියකදි දුන්නා මෙයා Play කරපු He's a Pirate කියන Pirates of the Caribbean කියන චිත්‍රපටියේ Theme Song එක. බැලුවේ නැත්නම් මුලින් එක බලලා ඉන්න. එතකොට ඔයාලට බලාගන්න පුලුවන් මෙයා මොනවගේ කෙනෙක්ද කියලා.


මෙයා ජර්මානු සම්භවය ඇති ඇමරිකානුවෙක්. 1980 සැප්තැම්බර් 4 වෙනිදා ඉපදුන මේ ඩේවිඩ් ගේ මුල්ම නම වන්නේ David Bongartz.. ඩේවිඩ්ගේ අම්මා ඇමරිකානු කාන්තාවක් , තාත්තා ජර්මානු ජාතියකයෙක්. Germany යේ Aachen නගරයේ වල තමා මෙයා ඉපදිලා තියෙන්නේ. මෙයාට අවුරුදු 4 දි, තාත්තා ඩේවිඩ්ගේ ලොකු සහෝදරයට වයලින් එකක් අරන් දීලා. එකෙන් තමා මෙයා වයලින් ගහන්න පුරුදුවෙලා තියෙන්නේ. කොච්චර උනන්දුවෙන් පුරුදු වුනාද කිවොත් ඊලග අවුරුද්දේ තිබුන තරගයකින් ඩේවිඩ් පළමුවන ස්ථානය දිනාගෙන තියනවා. ඩේවිඩ් අවුරුදු 7 දී Lübeck Academy එකට සම්බන්ධවෙලා සංගිතය ඉගෙනගන්න.

1997 David Garrett2002 David Garrett2004 David Garrett2006 David Garrett2007 David Garrett2008 David Garrett

( උඩ ඉදන් වම් පැත්තට පිළිවෙලින් → 1997, 2002, 2004, 2006, 2007, 2008 ඩේවිඩ් ගැරට් )


ඉතින් ඔය වගේ ආරම්භයක් අරගෙන තමා ඩේවිඩ් ගැරට් අද ඉන්න තත්වයට පැමිණිලා තියෙන්නේ. තව ඉතින් මෙයාගේ ජිවිත කතාව ගැන ගොඩක් දේවල් තියනවා. ඒ ඔක්කෝම කියන්න ගියොත් බලන ඔයාලට ලිපිය බලන එක එපාවෙයි. වැඩි විස්තර ඕන කෙනෙක්ට පහත තියන ලින්ක් වලින් ගිහින් විස්තර බලාගන්න පුලුවන්.


දැන් අපි පොඩ්ඩක් බලමු මෙයා නිකුත් කරලා තියන Albums එහෙම මොනවද කියලා...

► Studio albums
Free (2007)
Virtuoso (2007)
Encore (2008)
David Garrett (2009)
Classic Romance (2009)
Rock Symphonies (2010)
Legacy (2011)

► Other albums
Nokia Night of the Proms (2004)
The New Classical Generation 2008 (2008)

► DVD
David Garrett Live - In Concert & In Private (2009)
David Garrett: Rock Symphonies – Open Air Live (2011)


ඒවගේම මෙයාට තව සම්මාන ගොඩකුත් හම්බවෙලා තියනවා.

  • Radio Regenbogen Award, March 2008
  • Echo Classics, Classic without borders, October 2008
  • GQ Award Man of the Year category music, November 2008
  • Goldene Feder, May 2009
  • Goldener Geigenbogen, May 2009
  • Golden Camera, Best Music International, January 2010

තව ලෝකේ වේගවත්ම වයලින් වාදකයට හිමි ගිනස් වාර්ථාවටත් කාලයකට ඉහතදී හිමිකම් කීවා. ඉතින් ඔයාලට අමතර තොරතුරු ටිකක් දැනගන්නත් එක්ක මම කියන්නම් කොහොමද මේ වේගවත්ම වයලින් වාදකයා හොයන්නේ කියලා. 

වේගවත්ම වයලින් වාදකයාව ‍තෝරගන්නේ කොහොමද?


Flight of the Bumblebee කියන සංගීත ඛන්ඩය තමා ඒකට ‍තෝරාගන්නේ. පහලින් ඔයාලට ඒක අහන්න පුලුවන්.

Flight of the Bumblebee
Hosted at: wikimedia.org [Thanks]

තත්පර 66.56 ක් දිග මේ සංගීත ඛන්ඩය ඒ කාලයට අඩුවෙන් වාදනය කරන කෙනා තමා මේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ. ඉතින් මේ ඩේවිඩ් ගැරට්ට ඒක වාදනය කරන්නේ ගියේ තත්පර 65.26 පමණයි. පහලින් බලන්නකෝ විඩියෝ එක.





නමුත් මේ ඩේවිඩ් ගැරට් තියපු වාර්තාව 2011 දී කැඩුවා Ben Lee කියන වයලින් වාදකයා. බෙන්, මේ සංගීත ඛන්ඩය වාදනය කරන්න ගතකල කාලය වන්නේ තත්පර 54.24 ක්. දැනට එයාගේ නමින් තමා මේ ලෝක වාර්ථාව තියෙන්නේ.

More Info >> Guinness World Record

ඉතින් කොහොම හරි ඔයවගේ සුපිරි වැඩ පෙන්නපු වයලින් වාදකයෙක් තමා ඩේවිඩ් ගැරට් කියන්නේ.මෙයා Play කරපු ලස්සන Tracks ටිකක් ඉදිරියේදී මම ඔයාලට දෙන්නම්කෝ...


ඩේවිඩ් ගැරට්, Fastest Violin Player, Flight of the Bumblebee, වයලින් වාදකයා, David Garrett Violinist Biography, David garrett Flight of the Bumblebee,

2 comments:

  1. ස්තුතියි ලිපියට!
    ජයම වේවා!

    ReplyDelete
  2. @ හිරුහිමාවී :

    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට

    ReplyDelete