Crystal Shield Antivir 2012 - First Standard Anti-Virus In Sri Lanka - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 9, 2012

Crystal Shield Antivir 2012 - First Standard Anti-Virus In Sri Lanka

Crystal Shield Antivir 2012 - First Standard Anti-Virus In Sri Lanka

ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ Anti-Virus Software එකක් ගැන. මේක Freeware එකක්. නොමිලේ Download කරගන්න පුලුවන්. මේක හදලා තියෙන්නේ Sachith Dhananjaya Welivita කියලා ලංකාවේ කොල්ලෙක්. අවුරුදු 4 ක් තිස්සේ කට්ට කාලා හදලා නොමිලේ බෙදා හරින මේ Software එක දවසක් හරි ඔයාලගෙ Computer එකට දාලා බලන්න පුලුවන්නම් ඒක ඔහුට කරන ලොකු ගරු කිරිමක්.. Sachith ගේ තව විස්තර ටිකක් තියනවා. ඒ ගැන අපි මේ ලිපිය අවසානයේ කතා කරමු. දැන් කෙලින්ම Anti-Virus Software එක ගැන කතා කරමු.



Crystal Shield Antivir 2012


Crystal Shield Antivir 2012 එකේ තියන Features


» Summary

මෙතන Antivirus එකේ Latest ම States පෙන්නනවා.

» Quick Launch

Sub Utilities ටිකක් තියනව ඒවා launch කරගන්න පුළුවන්

» Resident Shield

මෙතනත් Sub Utilities ටිකක් තියනවා.

1. Smart File/Folders Scanner
මෙතනින් Files and Folders Scan කරගන්න පුලුවන්.
2. Resident Shield UI
File System Shield එක Automatically scan කරපු Files මෙතන පෙන්නනවා.
3. Quarantine
Threat එකක් Quarantine කරන්න කියලා දුන්නහම යන තැන තියන Files මෙතන පෙන්නනවා.
4. Resident Shield Settings
Resident Shield එකට අයත් Settings මෙතනින් හදා ගන්න පුලුවන්.

» Process Shield

Process Shield එකට අදාල Sub Utilities

1. Process Blocker
Computer එකේ දැනට Run වෙන Process හා Executable File මේක මගින් Block කරගන්න පුලුවන්.
2. Advanced Task Manager
සාමාන්‍ය Task Manager එකට වඩා Advance විදිහට මේක හදලා තියනවා.
3. Advanced Service Manager
මෙතනින් දැනට Run වෙන Services, Start/Stop කරගන්න පුලුවන්.
4. Process Shield Settings
Process Shield එකට අයත් Settings මෙතනින් හදා ගන්න පුලුවන්.

තව පොඩි Item එකක් තියනවා. එකෙන් Task Manager යන්නේ නැතුව Executable file එකක් Right click කරල End Process කරන්න පුළුවන්.

Crystal Shield Antivir 2012

Registry Shield

Registry Shield එකට අදාල Sub Utilities

1. Startup Manager
මෙතනින් Windows Startup එකේදී Run වන Files manage කරගන්න පුලුවන්
2. Launch Windows Utilities
Registry Editor, Control Panal, Power Options වගේ පොඩි පොඩි දේවල් ටිකක් launch කරගන්න පුලුවන් මෙතනින්.
3. Registry Shield Settings
Registry Shield එකට අයත් Settings මෙතනින් හදා ගන්න පුලුවන්.

USB Shield

USB Shield එකට අදාල Sub Utilities

1. USB Scanner
USB Drive එක Scan කරලා Threats එහෙම Delete කරගන්න පුලුවන්.
2. Windows Autoplay Settings
Windows වලින් සාමාන්‍ය ආකාරයට configure කරගත නොහැකි Autoplay Configuration's කීපයක් මෙය මගින් කර ගත හැක
3. USB Shield Settings
USB Shield එකට අයත් Settings මෙතනින් හදා ගන්න පුලුවන්.

Special Modes

Special Modes යටතේ ඇති දේවල්

1. Gaming Mode
අපි Game එකක් Play කරනකොට අනවශ්‍ය Processes & Services නවත්තලා දාන්න මෙතනින් පුලුවන්. Gaming Mode එක Activate වෙන්න ඔනේ Game එක List එකට ඇඩ් කරගන්න එක විතරයි කරන්න තියෙන්නේ.
2. Browsing Mode
Internet Connect කරපු ගමන් Activate වෙලා File System Shield එකේ mode එක වෙනස් කර ගන්නවා.. සහ අලුතෙන් දාල තියන Virus Definitions මොනාද සහ අලුත්ම Program Version එක මොකද්ද වගේ ඒවා Check කරල බලනවා. තව Web Site Blocker එකක් තියනවා.
3. Special Modes Settings
Special Mode එකට අයත් Settings මෙතනින් හදා ගන්න පුලුවන්.


ඉතින් ඔය වගේ වැඩ කෑලි ගොඩක් තියනවා අපේ කොල්ලා හදපු AntiVirus එකේ. Softpedia එකේ Screenshot වගයක් තියනවා. ඔයාලට එතනින් මේ තොරතුරු සහ රූපසටහන් සසදමින් බලන්න පුලුවන්.මේ තොරතුරු ලබාදීම පිළිබදවත් සචිත්ට ස්තුතිවන්ත වෙනවා.

මේ Antivirus Softwere එක පහල සයිට් වලින් ඔනෙම එකකින් ඔයාලට Download කරගන්න පුලුවන්. ඒ වගේම ඔයාලගෙන් මම ඉල්ලන්න කැමතියි පොඩි උදව්වක්. ඔයාලට පුලුවන්නම් Download කරන ගමන්, ඒ සයිට් එකේ මේ Software එකට පොඩි Rating පාරක් දාලා පොඩි Review එකක් ලියන්න, ඒක අපේ Sachith කොලුවට කරන ලොකු උදව්වක්. මොකද ලංකාවේ කොල්ලෙක් හදපු දෙයක්නේ. අපි ඒක අගය කරන්න ඔනේ.

DOWNLOAD

Crystal Shield Antivir

මම මුලින්ම කිවනේ Sachith ගැන පොඩි තොරතුරු වගයක් දෙන්න තියනවා කියලා. ඔන්න ඒක දෙන්නයි හදන්නේ.ඔයාලා මේ Antivirus එක පාවිච්චි කරනකොට ගැන පොඩි පොඩි ප්‍රශ්ණ එහෙම ආවොත් සහ ඔයාලා Antivirus Softwares ගැන හොද expert ලනම්, මේ වයිරස් ගාර්ඩ් එකේ තියන අඩුපාඩු මොනවද? අලුතෙන් මොනවගේ අංග එකතුවුනොත් හොදයිද? වගේ අලුත් අදහස් එහෙම තියනවනම් Sachith ව පහල තියන ආකාරයට ඔයාලට සම්බන්ධ කරගන්න පුලුවන්.

Name : Sachith Dhananjaya Welivita
Address : 384 1/2 Pokuna Junction, Ganemulla, Gampaha, Colombo, Sri Lanka
SMS Number : +94 71 11 72 75 8
Official Site : SD Studios
Skype : sachith.sdstudios
Facebook : http://www.facebook.com/sachith19920726
Email : sachith.sdstudios@gmail.com

Message From Sachith -

This Softwares are Completely Free for use with out eny modification..
I have no Responsability for eny damage that you take from this software
and Using this software is your own Risk !
Thanks....

අවසානයේ කියන්න පොඩි දෙයක් තියනවා. සචිත්, ඔබට තව තවත් මෙවැනි Softwares සෑදීමට සහ ඔබගේ ඉගෙනීම ඇතුලු අනෙකුත් සියලුම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා. කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම අපේ රටේ මෙවැනිම දක්ෂ අක්කලා අයියලා නංගිලා මල්ලිලා ඉන්න පුලුවන්. ඔබත් මේ වගේ කෙනෙක්නම් saagarayablog@gmail.com කියන Address එකට මට Email එකක් එවන්න. ඔබගේ ඒ කාර්යය ගැන සම්පුර්ණ ලිපියක් පලකිරිමට මම සුදානම්.



Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් හරි ආකාරයෙන් ක්‍රියාත්මක නොවෙන නිසා ඉවත් කිරීමට සිදු විය.


ලංකාවේ නිපදවූ පළමු වයිරස් ගාර්ඩ් එක, ක්‍රිස්ටල් ෂීල්ඩ් මෘදුකාංගය, Crystal Shield Antivir 2012, සචිත් ධනංජය, First Standard Anti-Virus In Sri Lanka,

7 comments:

  1. Thanks Machan, mamath meka damma,Hodai elakiri!!!

    ReplyDelete
  2. @ පහන් තාරක ප්‍රභාෂ්වර :

    බොහෝම ස්තුතියි කොල්ලා Comment එකට...

    ReplyDelete
  3. How nice. I can't belive this.... Well done!

    ReplyDelete
  4. @ Smart eDesigners :

    Thanks For Comment..!!

    ReplyDelete
  5. Mcho Me AV 1ta Update Ehema Thiyenawada?

    ReplyDelete
  6. @ Rohan Dananjaya : ඔව් මචන්. අලුත් අප්ඩේට් එකක් මේ ලගදි දීලා තියනවා.

    ReplyDelete