Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (II) - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 30, 2012

Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (II)

Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (II)

අපි කතා කර කර හිටියේ අලුතෙන් ලිපියක් ලියන්නේ කොහොමද කියලා. මේක සම්පුර්ණ ලිපියක් විදිහට ලිවට කොටස් 2 කට කඩන්න වුනා. කලින් කොටස බලන්න මෙතනින් යන්න.

Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (I)

කලින් කොටසෙදි අපි අන්තිමට කතා කර කර හිටියේ මෙතන.



ලිපිය ලියන්න භාවිතා කරන Tools

Contents :

  1. Compose/HTML
  2. Undo/Redo
  3. Font
  4. Font Size
  5. Headings
  6. Bold/Italic/Underline/Strikethrough
  7. Text Color
  8. Background Color
  9. Add or Remove Link
  10. Insert Image
  11. Insert a Video
  12. Insert Jump Break
  13. Alignment
  14. Numbered/Bullet List
  15. Quote
  16. Remove Formatting
  17. Check Spelling


මෙතන 10 වෙනි කොටසට එනකම් අපි කලින් ලිපියෙදි කතා කරා. දැන් 11 වෙනි කොටසේ ඉදන් පටන් ගමු.



11 -: >> Insert a Video

මෙතනින් ඔයාලගේ ලිපියට Video එකක් ඇඩ් කරගන්න පුලුවන්.

Insert a Video


මේක ගැන මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. කලින් වගේමයි. Upload කියන තැනින් ඔයාලගේ Computer එකේ තියන විඩියෝ එකක් http://video.google.com/ කියන සයිට් එකට තමා අප්ලෝඩ් වෙන්නේ. මුලින්ම ඔයාලා එකේ Accout එකක් හදාගන්න ඔනේ. ඊලගට Youtube එකේ තියන විඩියෝ එකක් සර්ච් කරලා ඒක ඇඩ් කරගන්න පුලුවන්.. නැත්නම් ඔයාලගේ Youtube Account එකට අප්ලෝඩ් කරලා තියන විඩියෝ එකක් ඇඩ් කරගන්න පුලුවන්. තව Phone එකෙන් සහ වෙබ් කැම් එකෙන් ලබාගන්නා විඩියෝ ඇඩ් කරගන්න පුලුවන්..



12 -: >> Insert Jump Break

දැන් අපි කතා කරන්න යන්නේ Jump Break එකක් දාන හැටි ගැනයි. මේක ගොඩක් අය දන්නේ Read More Button එක හැටියටයි. සාමාන්‍යයෙන් අපි ලිපියක් ලියලා පල කරපුවාම, අපේ බ්ලොග් එකේ Home Page එකේ මුලු ලිපියම පෙන්නනවා. ඒක ටිකක් අපිළිවෙලයි වගේ. ඉතින් අපිට ඒකට මෙහෙම දෙයක් කරගන්න පුලුවන්. කොහොමද හෝම් පේජ් එකේ අපේ ලිපියෙන් පොඩි කොටසක් පෙන්නලා, ඉතිරිය කියවන්න ඔනෙනම් මෙතනින් ලිපියට යන්න කියලා වගේ දෙයක් දැම්මොත්? ඒක ලස්සනට තියෙයි නේද. එතකොට අපිට හෝම් පේජ් එකේ ලිපි ගොඩාක් දාන්න පුලුවන් වැඩි ඉඩක් අවශ්‍යවෙන්නෙත් නෑ. අනික එතකොට Home Page එක ගොඩක් පිළිවෙලට තියෙනවා. අන්න ඒ වැඩේ කරගන්නේ මෙතනින්.

ඔයාලා ලිපියක් ලියලා, හෝම් පේජ් එකේ පෙන්නන්න ඔනේ කොටස තියනවනේ, ඊට පහලින් මේ Jump Break එක ඇඩ් කරන්න. එතකොට හරි. වැඩි දෙයක් කරන්න නෑ.


Insert Jump Break


තව විවිධ ක්‍රම තියනවා මේ විදිහට Read More Button එකක් දාගන්න හැටි ගැන. ඒවා ගැන මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්...


13 -: >> Alignment

මෙතනින් අපිට අපි ලියන ජේදයක Alignment එක වෙනස් කරන්න පුලුවන්. ඒ කියන්නේ ඒ ජේදය වම් පැත්තට, දකුණු පැත්තට, හරි මැදට වගේ එන විදිහට හදාගන්න පුලුවන්.

Alignment



14 -: >> Numbered/Bullet List

අපි යම්කිසි කරුණු වගයක් ලියනවා කියලා හිතමුකෝ. අපිට ඒ කරුණු වලට 1,2,3 වගේ Number සහ Bullet ඇඩ් කරගන්න පුලුවන්. පහත උදාහරණයෙන් ඔයාලට ඒ ගැන වැටහීමක් ලබාගන්න පුලුවන්.

Numbered/Bullet List




15 -: >> Quote

කවුරුන් හෝ කියපු ප්‍රකාශයක් අපේ ලිපියේ අඩංගු වෙනවනම්, එය අනිත් තොරතුරු වලින් වෙන් කරලා බලන කෙනාට අදුනගන්න පුලුවන් වෙන්න දාන්න එකක් තමා මේ Quote එක කියන්නේ. කොහොමත් ඔයාලගේ ලිපියේ ඉතා වැදගත් දෙයක් අඩංගුවෙනවනම්, ඒක බලන කෙනාට අනිත් තොරතුරු වලින් වෙන් කරලා අදුනගන්න පුලුවන් වෙන්න, මේක දාන්න. ඒ දාන ජේදයට හෝ වාක්‍යය Select කරලා ඕක ක්ලික් කරන්න.


16 -: >> Remove Formatting

මම ඔය මුලින් කතා කරපු Blod, Italic, Underline කරපුවා, වචන වල පාට වෙනස් කරපුවා එහෙම හැම දෙයක්ම සාමාන්‍ය තත්වයට ගන්න පුලුවන් මේ Button එක ක්ලික් කරලා. ඒ අදාල ජේදය හෝ වාක්‍යය Select කරලා මේ Button එකක් ක්ලික් කරපුවාම , අපි වෙනස් කරපු ඔක්කොම Format ටික නැති වෙනවා.



17 -: >> Check Spelling

අපි මොකක් හරි Type කරපු English වචනයක Spelling හරිද වැරදිද කියලා මෙතනින් බලාගන්න පුලුවන්. Automatic කියන එක උදාහරණයකට අරගෙන තියනවා. බලන්නකෝ.

Check Spelling

වැරදි වචනය හයිලයිට් කරලා පෙන්නනවා.

හරි අපි දැන් 2 වෙනි කොටස ගැන සම්පූර්ණයෙන්ම කතා කරා. දැන් ඊලගට 3 වෙනි කොටසේ අපිට දැනගන්න තියෙන්නේ මොනවද කියලා බලමු.



3 වෙනි කොටස - ලිපිය Publish කරන තැන


3 වෙනි කොටසට අදාල රූපසටහන වෙන්නේ මේකයි.

ලිපිය Publish කරන තැන


  • මුලින්ම තියෙන්නේ Post Title කියලා, එතන තමා අපි ලිපියේ නම Type කරන්නේ. මතක තියාගන්න ලිපියේ නම කියන්නේ ඉතාම වැදගත් කොටසක්. පුද්ගලයෙක්ගේ හිත ඇදගන්න පුලුවන් විදිහේ නමක් දාන්න ලිපියට. මොකද ඔනෙම කෙනෙක් ලිපියේ අන්තර්ගතය බලන්න කලින් බලන්නේ ලිපියේ නමනේ. බලන කෙනාට කුතුහලයක් දනවන අයුරින් නම දැම්මොත් ගොඩක් අය ඔයාලගේ ලිපිය කියවයි.
  • හොදයි ඊලගට තියෙන්නේ Publish. මෙතනින් තමා අපි ලිපිය ලියලා ඉවර වෙනා ලිපිය පළකරන්නේ. ලිපියේ ඔක්කොම වැඩ කටයුතු ඉවර වුනහම Publish කියන එක ක්ලික් කරන්න.
  • ඊටපස්සේ තියෙන්නේ Save. අපි ලිපියක් ලිය ලියන් ඉන්න කොට හදිස්සියේ විදුලිය ඇනහිටියා. මොකද කරන්නේ? ඉක්මනට Save කරගන්න ඔනේ. කෙලින්ම Save කියන එක ක්ලික් කරන්න. කෝකටත් හැම වෙලේම ලිපියක් ලියන කොට විටින් විට Save කරන්න පුරුදු වෙන්න. මේක කොහොමත් විටින් විට Auto Save වෙන විදිහට හදලා තියෙන්නේ. කෝකටත් ඔයාලත් Save කරන්න පුරුදුවෙන්න.
  • ඊලගට තව පහසුකමක් තියනවා. ඒක තමා ඔයාලා ලියන ලිපියේ Preview එකක් බලාගන්න පුලුවන් ලිපිය පළකරන්න කලින්. ඒක ගොඩක් වටිනවා. ඔයාලගේ ලිපිය පළකරාට පස්සේ කොහොමද සයිට් එකේ ඒක පෙන්නන්නේ කියලා බලාගන්න Preview කියන එක ක්ලික් කරන්න. ඔය Preview එක බලද්දිත් ඔයාලා ලියපු ලිපිය Auto Save වෙනවා.
  • ඊලග එක Close. ඒකනම් ඔක්කොමලා දන්නවනේ. ලියන ලිපිය Close කරලා දාන්න පුලුවන් මෙතනින්. ලියපු එක Save කරලා හරි Save නොකර හරි Close කරන්න පුලුවන්.

හරි. 3 වෙනි කොටසත් ඉවරයි. දැන් යමු අපි 4 වෙනි කොටසට.


4 වෙනි කොටස - Post Settings ගැන


4 වෙනි කොටසේ අඩංගු වෙන්නේ මොනවද කියලා බලමු.

Post Settings ගැන

Contents :

ඔතන තියන දේවල් ගැන එකින් එක දැන් කතා කරමු.


Labels -

මුලින්ම Labels කියන එක උඩ ක්ලික් කරන්න. මෙතනින් ඔයාලගේ ලිපිය Label කරගන්න පුලුවන්. ඒ කියන්නේ එක එක Categories වලට වෙන් කරගන්න පුලුවන්. උදාහරණයක් විදිහට මම මේ දාන ලිපිය දාන්නේ පහල තියනවා වගේ Label කරලයි.

Labels


Label කරලා ඉවරවුනාට පස්සේ යට තියෙන Done කියන එක ක්ලික් කරන්න.


Schedule -

මෙතනින් වෙන්නේ ඔයාලා ලිපිය පලකරන වෙලාව සකසන එකයි. Automatic දුන්නහම ඒක සාමාන්‍ය වෙලාවම වැටෙනවා. Set Date And Time එක Select කරලා ඔයාලට කැමති වෙලාවකුයි දිනේකුයි අවුරුද්දකුයි දාන්න පුලුවන්. එහෙම කරලා Done කියන එක ක්ලික් කරන්න.
ඒ වගේම තව පොඩි වැඩක් කරන්න පුලුවන්. ඔයාලා ගිය අවුරුද්දේ පළකරපු ලිපියක්, දැන් බ්ලොග් එකට එන අයට පේන්න දාන්න ඔනෙනම් එකේ දිනේ වෙනස් කරන්න. අද දිනේ දාන්න. එතකොට ඒ ලිපිය තමා බ්ලොග් එකේ හෝම් පේජ් එකේ මුලින්ම පෙන්නන්නේ. තව මේ වැඩේ අලුතෙන් Update කරන ලිපි වලටත් කරන්න පුලුවන්.

Schedule


Permalink -

මෙතනින් අපේ ලිපියේ URL එක හදාගන්න පුලුවන්. මේක මේ ලගකදි තමා Blogger එකට එකතු කරේ. ඉතාම වටිනා දෙයක්. උදාහරණයක් විදිහට Internet Download Manager ගැන ලිපියක් ලියනවනම් ඔයාලට URL එක විදිහට පහත තියන විදිහට හදාගන්න පුලුවන්.

Permalink


Automatic Permalink  එක Select කරපුවාම එයාලා Automatic ම අපිට URL එකක් හදලා දෙනවා. Custom Permalink දාලා අපිට කැමති URL එකක් දාගන්න පුලුවන්. මීට කලින් අපි ඒ URL එක පාවිචි කරලා තියනවනම් ඒක දාගන්න එයාලා දෙන්නේ නෑ. ඒකත් හදාගෙන Done කරන්න.


Location -

මෙතනින් අපිට ඔනෙනම් Location එකක් දෙන්න පුලුවන්. ඔයාලා ඉන්න තැන. ඒක දීලා Done කරන්න.

Location


Search Description -

මේකනම් ගොඩක් අයගේ නැතුව ඇති. මේක දාගන්න ඔනේ Dashboard එකේ Settings වලින්. ඒක මම ඒ කොටස විස්තර කරලා දෙනකොට කියලා දෙන්නම්. මෙතනින් වෙන්නේ ඔයාලගේ ලිපිය ගැන පොඩි විස්තරයක් දෙන එකයි. එතකොට මේ ලිපිය Search වෙනකොට මේ Description එක පෙන්නනවා. ලස්සනට කෙටියෙන් හොද විස්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. ඒකත් දීලා Done කරන්න.

Search Description


Options -

Options



මුලින්ම තියෙන්නේ Reader Comments. ඒ කියන්නේ ඔයාගේ මේ ලිපිය බලන අයට Comment කරන්න පුලුවන් විදිහට හදනවද නැද්ද කියන එක මෙතනින් ‍තෝරන්න පුලුවන්. Allow කියන එක Select කරපුවාම බලන අයට Comment කරන්න පුලුවන්. Don't Allow, Show Existing කියන එක Select කරපුවාම ඔයාගේ ලිපියේ දැනට Comment කරලා තියන අය පෙන්නනවා, නමුත් අලුතෙන් ආයේ කාටවත් Comment කරන්න බෑ.. ඒ වගේම මැසේජ් එකක් පෙන්නනවා අලුතෙන් Comment කරන්න දෙන්නේ නෑ කියලා. ඊලග එක Don't Allow, Hide Existing කියන එක Select කරපුවාම බලන අයට Comment කරන්න බෑ වගේම මුලින් කවුරුහරි Comment කරලා තිබ්බනම් ඒවා පෙන්නන්නෙත් නෑ.

ඊලගට තියෙන්නේ Compose Mode. ඒ කියන්නේ ඔයාලගේ ලිපියේ  Compose කියන කොටසේ HTML Code එහෙම තියනවනම් ඒක පෙන්නන්නද එපාද කියන එකයි මෙතනින් ‍තෝරන්නේ. උදාහරණයක් විදිහට

<div class="sidebar"><img src="/img/my-image.png"></div>

මේ වගේ Code එකක් ඔයාලගේ ලිපියට දානවනම් ඒක Publish කරන ලිපියේ පෙන්නන ඔනෙනම් Show HTML Literally කියන එක ‍තෝරන්න. ඒක පෙන්නන්න එපානම් Interpret Typed HTML කියන එක Select කරන්න.

ඊලග එක Line Breaks. අපි සාමාන්‍යයෙන් ලිපියේ හිස් ලයින් එකක් දාන්න ඔනෙනම් කරන්නේ Enter Key එක Press කරන එකනේ. ඒ වගේම ඔයාට හිස් ලයින් එකක් ලිපියේ දාන්න ඔනෙනම් <br> කෝඩ් එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒක ‍තෝරගන්න එක තමා මෙතනින් කරන්නේ. ඒකත් ‍තෝරලා Done කරන්න.


මේ කතා කරපු Settings ඔයාල ලිපිය පළකරලා, පසුව ඔනෙම වෙලාවක වෙනස් කරගන්න පුලුවන්.





ඔන්න එහෙනම් අලුතෙන් ලිපියක් ලියන්න පටන් ගන්න හැටිත් කියලා දුන්නා. තව ඔයාලා ලිපියක් ලියද්දි දැනගන්න ඕන වැදගත් තොරතුරු කිපයක් තියනවා. ඒ ටික ගැන දැන් කතා කරමු.


Note :

► ලිපිය ගොඩාක් දිගට ලියන්න එපා. මොකද බලන කෙනාට එපා වෙනවා. උදාහරණයක් විදිහට Computer එක Format කරන එක ගැන දීර්ඝ ලිපියක් ලියනවනම්, මේ දැන් Computer එක Format කරන්න යන කෙනෙක් මිසක් ඉදිරියට කරන්න ඉන්න කෙනෙක් ඔය ලිපිය කියවන්නේ නෑ. මේ දේ දැනගන්න ඉතා හදිස්සි කෙනෙක් විතරයි ඕක කියවන්නේ. එහෙම නෙවේ. ඔයාලා ඔය ලිපිය කොටස් 2 කට කඩන්න. Computer එක Format කරමු (I), (II) විදිහට.
► ඊලගට ලිපියේ මාතෘකාව. මාතෘකාවනම් සුපිරියට තියෙන්න ඔනේ. මාතෘකාව බලන කෙනෙක්ට ඇතුලේ ලිපිය කියවන්න හිතෙන විදිහට මාතෘකාව දාන්න ඔනේ. පොඩි කුතුහලයක් ඇති කරන විදිහට දාන්න පුලුවන්නම් හොදයි.
► මම කලින් ඔයාලට කිවා ලිපිය ලියද්දි වැදගත් වචන හයිලයිට් කරලා, අකුරු වල Font එක වෙනස් කරලා, වෙන වෙන පාට වලින් ලියන්න කියලා. නමුත් මේක ඔනේවට වඩා යොදාගන්න එපා. ඔයාලගේ ලිපිය තොරණක් කරන්න එපා. සාමාන්‍යයෙන් වැදගත් වචන වලට විතරක් මේ දේවල් කරන්න. අනිත් හැම වචනයක්ම කලු පාටින් හරි, ඔයාලා තොරාගත්ත පාටකින් ලියන්න.
► අනිවාරයෙන්ම Jump Break එක දාන්න. නැත්නම් ඔයාලගේ හෝම් පේජ් එක කැත වෙනවා.
► ඊලග කාරණයක් තමා ලිපියට ඇතුලත් කරන පිංතුර. ගොඩාක් සයිස් එකේන් ලොකු පිංතුර ඇතුල් කරන්න එපා. එහෙම ඇතුල් කරනවනම් ඒවගේ සයිස් එක අඩු කරලා අප්ලෝඩ් කරන්න. Photoshop වගේ මෘදුකාංග භාවිතා කරලා ඒ දේ කරගන්න පුලුවන්. තවත් මේවැනි මෘදුකාංග ගොඩක් තියනවා. මම භාවිතා කරන්නේ Photoshop. මෙහෙම සයිස් එකෙන් වැඩි Images දාන්න එපා කිවේ, ඒවා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. දන්නවනේ ලංකාවේ එහෙම තියන ඉන්ටර්නෙට් වල ස්පීඩ් එක. මෙහෙම ලිපිය ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනකොට බලන කෙනාට එපාවෙනවා. GIF ඉමේජ් එහෙම නොදා ඉන්න තරමට හොදයි.
► ලිපිය ලියද්දි සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට කියන්න.
► මීට කලින් ලිපියකදි දීර්ඝව කතා කරපු දෙයක් ගැන දැන් ලියන ලිපියේ සදහන් වෙනවනම්, එතෙන්ට අර කලින් ලිපියේ ලින්ක් එකක් දාන්න. එතකොට ඔයාට මේ ලිපියෙදි ගොඩක් ඒ ගැන සදහන් කරන්න ඔන වෙන්නේ නෑ.
► ලිපිය ඇතුලෙත් මාතෘකා අඩංගුවෙනවනම් හොදට පේන විදිහට හයිලයිට් කරන්න.


මම හිතනවා මේ ලිපිය ලියන තැන තිබුන හැම දෙයක් ගැනම කතා කරා කියලා. ඒ වගේම මේ ලිපිය සම්බන්ධයෙන් ඔයාලා දන්නේ නැති දෙයක් තියනවනම් මෙතනම Comment එකක් දාලා අහන්න. මොකද ඒක ඔයාලට වගේම තව මේ ලිපිය බලන අනිත් අයටත් වැදගත් වෙන්න පුලුවන් සමහරවිට.



Blogger සම්බන්ධ අලුත් තොරතුරු ඔක්කොම ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්.

All Blogger Tutorials




Tags : blogger widgets, blogger tricks 2012, blogger tricks and hacks, top blogger tricks, blogger tricks and tools, blogger tricks meta tags, blogger tricks toolz, blogger tips and tricks 2012, Blog about Blogger Tips, Blogger Templates, Widgets, hacks, Blogger Tricks, Blogger and blogs, creating your blog, blogger writing tips, widgets, design, templates, themes, SEO, social media, Find Blogger Widgets, Blogger Gadgets, Blogging tips, Free Templates, Plugins, SEO, complete list of blogger tutorials, blogger tutorials 2012, blogger tutorials blog, blogger tutorials beginners, blogspot tutorials, blogger templates, blogger widgets, blogger tricks, blogger tips and tricks, blogger tips and tricks widget, blogger tricks, google blogger tips, blogger tips 2011, blogger tips and tricks 2012, Blog Tips in Sinhala, සිංහලෙන් බ්ලොග් ටිප්ස් , සිංහලෙන් ඉගෙන ගමු, Blogger ගැන සිංහලෙන්, කොහොමද Blog එකක් හදන්නේ, blogger tutorial සිංහලෙන්, Blogger Tips and Tricks, Best Blogger tips, Blogger Hacks, Blogspot Tutorial, Blogspot tips and Tricks, Blogger Templates, Seo tips, sinhala tutorial, sinhala tricks, tips, බ්ලොගර් උදවු, Blogger help, Blogger tricks and Tools, best blogger tips and tricks,


10 comments:

  1. බොහොම වටිනා පෝස්ට් එකක් මල්ලී. දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා!

    ReplyDelete
  2. @ Chandi :

    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට.. :)

    ReplyDelete
  3. blog 1ke api kemathi front 1k use karanna bee ne front poddaine thiyenne?

    ReplyDelete
  4. @ newton :

    Template එක Edit කරලා font එක වෙනස් කරගන්න පුලුවන්. මම ඒ ගැන ලගදිම හොද විස්තරයක් කියලා දෙන්නම්. Comment එකට ස්තුතියි සහෝදරයා.

    ReplyDelete
  5. කොහොමද අපි කලින් MS office 2007 හි පිළිවෙල කරගත් ලිපියක් පොස්ට් එකක් ලෙස පලකරන්නේ කොපි පේස්ට් නොකර ඒක ඒ ආකාරයෙන් ම පොස්ට් කරන්නේ කොහොමද ( මම හදපු රිපොට්ස් වගයක් තියනවා ඒවා MS office 2007 file ආකාරයෙන් තියෙන්නේ මට ඕනේ ඒවා මගේ blog එකේ පලකරන්න පොස්ට් කරන්න ඒක කරන්නේ කොහොමද උදවු කරන්න මට

    ReplyDelete
  6. @ HNDM -- Kurunegala :

    ඒ විදිහටම ලිපිය බ්ලොග් එකේ Type කරන්න. MS Office එකේ ඒ ලිපියට Table එහෙම ඇඩ් කරලා තියනවනම් බ්ලොග් එකටත් ඒ විදිහටම Table එහෙම ඇඩ් කරගන්න පුලුවන්. එහෙම නැත්නම් Screenshot එකක් ගහලා පිංතුරයක් විදිහට තමා බ්ලොග් එකේ පෝස්ට් කරන්න වෙන්නේ. වෙනනම් ක්‍රමයක් නෑ...

    ReplyDelete
  7. නියමම පොස්ට් එකක් සහෝ!!!!ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.ජය වේවා.

    ReplyDelete
  8. aiye mata kiyanna puluwanda follow toolbar ekak blog ekata dana vidiha gana

    ReplyDelete
  9. @ Kavindu Malinga:

    මට ඉඩක් ලැබුන හැටියෙම මම ලිපි ටිකක් ලියන්නම් මේ ගැන. ඒ අතරතුර පොඩ්ඩක් Google සර්ච් කරලා බලන්නකෝ "Social Media Blogger Widgets" කියලා.

    ReplyDelete