Blogger Tutorials 3 - Dashboard එක ගැන විස්තර ටිකක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, September 26, 2012

Blogger Tutorials 3 - Dashboard එක ගැන විස්තර ටිකක්

Blogger Tutorials 3 - Dashboard එක ගැන විස්තර ටිකක්

කොහොමද Blog එකක් හදාගන්නේ කියලා, මම ඔයාලට කියලා දෙන ලිපි මාලාවේ තුන්වෙනි ලිපිය තමා අද මේ පළ කරන්නේ. ඔයාලට මම මීට කලින් ලිපියෙදි කියලා දුන්නා Blogger Account එකක් හදාගන්නා අන්දම.


ඉතින් ඒ ලිපිය අවසන් වුනේ ලස්සනට Blogger Account එකක් හදාගෙන. ඒ වගේම ඒ ලිපියේ අන්තිමේදි කියවුනා Dashboard කියලා වචනයක්. ඔන්න එහෙනම් අද ලිපිය පටන් ගන්නේ අන්න ඒ Dashboard එකෙන්.

මොකද්ද මේ Dashboard කියන්නේ?


Blogger වල අපිට විවිධ පහසුකම් දීලා තියනවා. උදාරහරණ විදිහට, අලුත් ලිපි ලියන්න, අපේ බ්ලොග් එකට යන එන පිරිස කොච්චරද කියලා බලාගන්න, ඔයාලට Adsense ගිණුමක් තියනවනම් ඒ ගිණුම Blogger වලට සම්බන්ධ කරන්න, විවිධ ගැජට් ඔයාලගේ බ්ලොග් එකට එකතු කරගන්න. වගේ තව අලුත් ගොඩාක් පහසුකම් Blogger විසින් අපිට දීලා තියනවා. ඉතින් ඔව්වා එක එක තැන්වල තිබුනොත් අපිට හොයාගන්න අපහසු වෙනවනේ. අනික එතකොට නිකන් අච්චාරුවක් වගේනේ. එහෙම නොකර Blogger විසින් හැදුවා Board එක. පුවරුවක්. දැන් එයාලා ඔය ඔක්කොම පහසුකම් ටික පිළිවලට ඒ Board එකේ අහුරලා තියනවා. අපිට තියෙන්නේ ඒ පහසුකම් අත්විදින එක පමනයි. ඉතින් ඔන්න ඔය Borad එකට තමා Dashborad එක කියන්නේ. ඉතින් අද අපි මේ Dashborad එක තියන විවිධ පහසුකම් ගැන පොඩ්ඩක් කතා කරමු.


1.  මුලින්ම ඔයාලා Blogger වලට ලොග් වෙන්න.

මේ තියෙන්නේ ඔයාලා Blogger වලට ලොග් වුනහම පේන විදිහ.

Blogger Dashboard


ඔය Saagaraya | සාගරය කියලා තියෙන්නේ මගේ බ්ලොග් එක.

2.  ඉතින් අද අපි Dashboard එක ගැනනේ කතා කරන්න යන්නේ. ඒ නිසා Dashboard එකට යන්න ඔයාලගේ බ්ලොග් එක උඩ ක්ලික් කරන්න. එතකොට මෙන්න මෙහෙම තමා ඔයාලට Dashboard එක පෙන්නන්නේ.

Saagaraya Dashboard


දැන් මේකේ පේන්න තියන දේවල්, මම කොටස් කීපයකට වෙන් කරලා ඔයාලට තේරෙන විදිහට හදුන්වලා දෙන්නම්.


Dashboard එකේ අඩංගු වෙන දේවල්


මම ඔයාලට මේක තේරුම් ගන්න පහසු වෙන්න මේ Dashboard එක කොටස් තුනකට වෙන් කරලා හදුන්වලා දෙන්නම්.


Dashboard


මුලින්ම අපි පළවෙනි කොටස මොකද්ද කියලා බලමු.

Blogger Profile එක


Blogger Profile


මෙතන තමා අපේ Profile එක පෙන්නන්නේ. බ්ලොග් කලාවට එන ඔනෙම කෙනෙක් මුලින්ම කරන්න ඔනේ දෙයක් තමා හොදට තමන්ගේ Profile එක හදාගන්න එක. හොදයි දැන් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා.

1.  එතන පහලට තියන ඊ හිසක් ( ▼ ) වගේ එක ක්ලික් කරන්න. එතකොට එනවා මේ වගේ එකක්.

Blogger Profile


2.  එතන මුලින්ම තියෙන්නේ ඔයාලගේ Profile එකේ නමයි. ඊටපස්සේ Email ඇඩ්‍රස් එක තියනවා. ඊටපස්සේ Blogger Profile, Account Settings, Sign out කියලා තියනවා. එතනින් Blogger Profile කියන එක ක්ලික් කරන්න.

3.  ඊටපස්සේ ඔය පහල තියන විදිහට වෙනම වින්ඩෝ එකකින් ඔයාලගේ Profile එක Open වෙයි.

Blogger Profile


4.  එතන දකුණට වෙන්න තියනවා Edit Profile කියල. ඒක ක්ලික් කරන්න. ඔන්න දැන් එන්නේ ඔයාගේ Profile එක Edit කරන්න පුලුවන් තැනටයි.

ඔතන ගොඩාක් කරන්න තියෙන්නේ ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක තමා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊමේල් එක, ස්ත්‍රී පුරුෂ භාවය, වෙබ් සයිට් එකේ නම, ජිවත් වෙන රට, නගරය, ඔයා වැඩ කරන තැන වගේ එක එක තොරතුරුයි. ඉතින් ඒ ටික ඔයාලට ලේසියෙන් පුරවගන්න පුලුවන්. ඉතින් ඔයාට හිතෙනවනම් මම වැඩ කරන තැන වගේ තොරතුරු දාන්න ඔනේ නෑ කියලා, දාන්න එපා. ඔයා දාන්න අකමැති තොරතුරු මොනවත් දාන්න එපා. මම ඔතනින් වැදගත්යැයි කියලා හිතෙන තොරතුරු ටිකක් පුරවන හැටි ඔයාලට කියලා දෙන්නම්. බලන්නකෝ පහල රූපය.

Edit User Profile


Privacy යටතේ තියනවා
  • Share my profile - ඔයාගේ මේ Profile එක අනිත් අයටත් පේන්න සලස්වන්න ඔනෙනම්  එතන කො‍ටුව තුල ටික් එක දාන්න
  • Show my email address - ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක Profile එක බලන අයට පේන්න සලස්වන්න ඕනෙනම් එතන ටික් මාර්ක් එක දාන්න.
  • Show my blogs - ඔයාගේ බ්ලොග් අඩවි ගොඩක් තියනවනම්, ඒ බ්ලොග් අඩවි ඔයාගේ ප්‍රොෆයිල් එක බලන අයට පෙන්නන්න ඔනෙද, මොන මොන අඩවිද පෙන්නන්න ඔනේ කියලා ඔතනින් ඔයාට ‍තෝරලා දෙන්න පුලුවන්.
  • Show sites i follow - මම Follow කරපු සයිට් අනිත් අයට පෙන්නන්න ඔනෙනම් ඔතෙන්ටත් ටික් මාර්ක් එක දාන්න.

ඊටපස්සේ Identity යටතේ
  • Username - ඒක ඔයාට වෙනස් කරන්න බෑ. Gmail එකේ යූසර් නේම් එකමයි තියෙන්නේ.
  • Email Address - ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න.
  • Display Name - ඔයාගේ ප්‍රොෆයිල් එකේ නම් වෙනස් කරන්න ඔනෙනම් ඔතනින් වෙනස් කරන්න පුලුවන්.

Profile Photo යටතේ

ඔයාට කැමති Photo එකක් අප්ලෝඩ් කරන්න පුලුවන් ඔයාගේ Profile photo එක විදිහට.


5.  ඔය ටික තමා Edit Profile යටතේ තියන වැදගත්ම ටික. ඉතින් මේ ටික ඔයාට කැමති විදිහට හදාගෙන යටම තියන Save Profile කියන එක ක්ලික් කරන්න.

Save

6.  ඊටපස්සේ View Updated Profile කියන එක ක්ලික් කරලා ඔයාලගේ ප්‍රොෆයිල් එක බලාගන්න පුලුවන්.

Update Profile



දැන් අපි ඔය කතා කරේ Blogger Profile එක කොහොමද Edit කරගන්නේ කියලා. දැන් ඊලග එකට යමු.

Blogger Profile


ඔතන ඊලගට තියෙන්නේ Account Settings සහ Sign out.

Account Settings කියන්නේ ඔයාලගේ Email එකේ Settings වලට. ඒ නිසා ඒක ගැන වැඩිය කතා කරන්න ඔනේ නෑ. ඊලගට ඔයාට Blogger වලින් ඉවත් වෙන්න ඔන වුනහම කරන්න තියෙන්නෙ Sign out වෙන එක.


හොදයි අපි දැන් මෙච්චර වෙලා කතා කරේ Blogger Dashboard එක කොටස් වලට වෙන් කරලා, ඒකේ පළවෙනි කොටස ගැන. දැන් දෙවනි කොටසට යමු. හරි අපි දෙවනි කොටසට ‍තෝරගත්තේ මේ ටික.

Blogger Dashboard

හරි මෙතන දැනගන්න බොහෝම පොඩි දෙයයි තියෙන්නේ.

  • ඔය B අකුරක් තියෙන්නේ. එතනින් අපිට Blogger Home එකට යන්න පුලුවන්. ඒ කියන්නේ Blogger.com වෙතට.
  • ඊලගට තියෙන්නේ පැන්සලක් වගේ. ඒක ක්ලික් කරලා අපිට ලිපි ලියන තැනට යන්න පුලුවන්. ඒ කියන්නේ අලුත් ලිපියක් ලියන්න ආරම්භ කරන්න. ( අලුත් ලිපියක් ලියන හැටි ගැන සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට කියලා දෙනවා )
  • ඊලගට තියෙන්නේ කොල ටිකක්. ඒක ක්ලික් කරලා, අපි මෙතෙක් ලියලා තියන ලිපි බලන්න යන්න පුලුවන්.
  • View Blog කියන එක ක්ලික් කරලා අපි හදලා තියන අපේ බ්ලොග් එක බලන්න යන්න පුලුවන්.

හරි දැන් අපි Blogger Dashboard එක, අපිට අදුරගන්න පුලුවන් වෙන්න කොටස් 3 කට වෙන් කරලා පළවෙනි කොටසයි, දෙවනි කොටසයි ගැන සම්පූර්ණයෙන්ම දැනගත්තා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ තුන්වන කොටස. ඔයාලට විස්තර කරලා දෙන්නයි. එහෙනම් දැන් අපි තුන්වන කොටස හෙවත් ඉතා වැදගත්ම කොටස ගැන සාකච්චා කරමු. සාකච්චාවට කලින් තව පොඩි දෙයක් කියන්න තියනවා. මම මුලින් කිවනේ මේක ඉතා වැදගත් කොටසක් කියලා. ඉතින් මම මේ ලිපිය මුල ඉදන් ලියාගෙන ආවේ ඔයාලට ඔක්කොම අද කියලා දෙනවා කියලා. නමුත් අවාසනාවකට වගේ අද මට මේ පිළිබදව සම්පුර්ණයෙන් මෙතන විස්තර කරන්න බෑ. මොකද එහෙම කරොත් ලිපිය ගොඩාක් දිග වෙනවා. ඉතින් ඔයාලට ඒ ගැන අද කියලා නොදි බැරි නිසා, මම මේ ගැන කෙටියෙන් කියලා දීලා ඊලග ලිපියෙන් සම්පූණ විස්තරයක් දෙන්නම්. මම හිතනවා එහෙම හොද ඇති කියලා. එහෙනම් වැඩේ පටන් ගමු.

මේ තමා අපි ‍තෝරගත්ත තුන්වෙනි කොටස.

Blogger Dashboard


  • New Post - මම දෙවෙනි කොටසෙදි ඔයාලට කිවා වගේ මේක ක්ලික් කරලා අපිට අලුත් ලිපියක් ආරම්භ කරන්න පුලුවන්.
  • Overview - මෙතනින් අපිට අපේ බ්ලොග් එක ගැන පොඩි තොරතුරු වගයක් දැනගන්න පුලුවන්. ඒ කියන්නේ Pageviews ගාන, Comments කියක් වැටිලා තියනවද, දැනට අපි ලිපි කියක් දාලා තියනවද, අපිව කී දෙනෙක් Follow කරලා තියනවද, වගේ පොඩි පොඩ් තොරතුරු වගයක් දැනගන්න පුලුවන්.
  • Posts - මෙතනින් අපි දැනට ලියලා තියන, භාගයක් ලියලා සේව් කරලා තියන ලිපි බලාගන්න පුලුවන්.
  • Pages - මෙතනින් අපි හදලා තියන පි‍ටු බලාගන්න පුලුවන්.
  • Comments - අපේ බ්ලොග් එකට වැටිලා තියන Comments මෙතනින් අපිට බලාගන්න පුලුවන්. ඔනෙනම් Spam Comments වගේ තියනවනම් ඒවා අයින් කරන්නත් මෙතනින් පුලුවන්
  • Google + - ඔයාලගේ Google + Profile එකක් තියනවනම් ඒක Blogger එක්ක සම්බන්ධ කරන්න පුලුවන් මෙතනින්.
  • Stats - මෙතනින් ඔයාලගේ බ්ලොග් එකේ Pageview ගාන, වැඩියෙන්ම බලලා තියෙන්නේ මොන මොන Posts ද, මොන රටවල් වලිද ඔයාගේ බ්ලොග් එක බලන්න එන්නේ වැඩියෙන්ම, මොන වෙබ් අඩවි හරහාද ඔයාගේ බ්ලොග් එකට වැඩියෙන්ම මිනිස්සු එන්නේ වගේ තොරතුරු ටිකක් දැනගන්න පුලුවන්.
  • Earnings - මෙතනින් ඔයාගේ Adsense ගිණුම Blogger එක්ක සම්බන්ධ කරන්න පුලුවන්.
  • Layout - ඔයාලගේ බ්ලොග් එකට එක එක Widgets ඒ කියන්නේ ජනප්‍රිය ලිපි පෙන්නව ගැජට් එකක්, ඔරලෝසු, කැලැන්ඩර්, ෆේස් බුක් ලයික් බොක්ස් එක.... වගේ ගොඩාක් දේවල් එකතු කරගන්න පුලුවන්.
  • Template - මෙතන්ට තමා ඔයාගේ Blog Template එක එන්නේ. අපිට ඔනෙනම් එක Edit කරගන්න්, වෙන Template එකක් දාගන්න වගේ දේවල් මෙතනින් කරගන්න පුලුවන්.
  • Settings - ඔයාලගේ බ්ලොග් එක සතු හැම Settings එකක්ම මෙතනින් හදාගන්න පුලුවන්. මේක ඉතා වැදගත් මෙතන නොදන්න දේවල් කිසිවක් වෙනස් කරන්න යන්න එපා.

මේ දේවල් ගැන සම්පූර්ණයෙන්ම ඉදිරියෙදී ඔයාලට කියලා දෙනවා. කලින් කීවා වගේ Blog කලාවට අලුත් කෙනෙක් ඉන්නවනම්, Settings එකට අත තියන්නේ නැතුව අනිත් දේවල් පොඩ්ඩක් අතපත ගාලා බලන්න. අත පත ගාන තරමට ඔයාලගේ මේ Blogger සම්බන්ධ දැනුව වැඩි වෙනවා. මම කිවා වගේ Settings එකට අත තියන්න එපා. මම එහෙම කියන්නේ ඔයාලා අතින් නොදැනුවත්වම මොකක් හරි සෙටින්ස් එකක් වෙනස් වුනොත් විශාල කරදරයක් වෙනවා. තව ටික දවසකින් මම කියලා දෙනවා බය නැතුව Settings එකත් එක්ක වැඩ කරන හැටි. එහෙනම් අදට නවතිනවා ඉක්මනින්ම ඊලග ලිපිය දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසානයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. රෑදී සිටින්න අප සමගින්.


Blogger සම්බන්ධ අලුත් තොරතුරු ඔක්කොම ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්.

All Blogger Tutorials




<< Blogger Tutorials 2 Blogger Tutorials 4 >>



Saagaraya Blogger, Blogger Sinhala Tutorial, බ්ලොග් ට්‍රික්ස්, Blogger ගැන සිංහලෙන්, Blogger Tutorial සිංහලෙන්, බ්ලොග් ටිප්ස්, සිංහලෙන් ඉගෙන ගමු, බ්ලොගර් උදවු, සිංහලෙන් බ්ලොග් ටිප්ස්, Blogger Tips And Tricks in Sinhala, Dashboard එක ගැන විස්තර, Blogger Profile එක, Dashboard එකේ අඩංගු වෙන දේවල්

10 comments:

  1. හරිම වටිනවා මේ සටහන් පෙළ. මගෙ දියණියක් ඉන්නවා ඈට ඇවිදින්නට අමාරුයි. ඈට ලඟකදී පරිගනකයක් ලැබී තිබුනා. ඇය ලියන්නට ආසාවෙන් ඉන්නවා. මෙය මම ඈට යවනවා. ඔබට බොහෝ පින්. ඒ වගේ අසරණ වෙච්ච කෙනෙකුට වදනක් හෝ කියන්න අහන්න කෙනෙක් ඉන්නවා නම් කොතරම් සැනසීමක් වෙයිද?

    ReplyDelete
  2. @ Chandi :

    අනිවාරයෙන්ම අක්කේ. ඇයට කියන්න බ්ලොග් එකක් පටන් ගන්න කියලා. ඇයට පෙන්නන්න හොද ලස්සන, වටිනා අදහස්, කවි සිතුවිලි වගේ දේවල් තියන බ්ලොග් ටිකක්. ඒවා කියවන්න කියන්න. එතකොට එයාටත් හිතෙයි බ්ලොග් එකක් පටන් ගන්න. දන්නේ නැති දේවල් තියනවනම් අහන්න කියන්න. අනිවාරයෙන්ම උදව් කරනවා.
    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට.

    ReplyDelete
  3. ඇත්තටම මචන් මමත් ගොඩක් අගේ කරනවා මේ වගේ වැඩක් උබ කරන එක ගැන ස්තූතියි.

    ReplyDelete
  4. @ පහන් තාරක ප්‍රභාෂ්වර :

    බොහෝම ස්තුතියි මචන් Comment එකට.

    ReplyDelete
  5. aiya mata sinhala type karanna kiyala dena vidiye blog 1k kiyanawada?
    mee post 1 niyamai

    ReplyDelete
  6. @ sandun nilanka :

    මම හිතන්නේ ඔයා මේ අහලා තියෙන්නේ සිංහල Type කරන්නේ කොහොමද කියලා වෙන්න ඇති. මේක බලන්නකෝ.....
    http://bit.ly/SV529U

    Comment එකට ස්තුතියි මල්ලී...

    ReplyDelete
  7. අලුත් අයට ඇත්තටම වටිනවා සහෝ.,
    දන්නා දේ කියාදෙන එක අපි හිතනවට වඩා ලොකු පිනක්! :)

    ජයම වේවා ඔබට!

    ReplyDelete
  8. @ හිරුහිමාවී :

    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට :D

    ReplyDelete
  9. නියමයි සහෝ ..... ඉගෙන ගන්න ඇයට ගොඩක් වටිනවා... දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  10. @ asanka sanjaya :

    බොහෝම ස්තුතියි සහෝදරයා Comment එකට..

    ReplyDelete