සුපිරි සැලසුමක් ඇතුව තිරගත කල The Avengers චිත්‍රපටිය - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, June 2, 2012

සුපිරි සැලසුමක් ඇතුව තිරගත කල The Avengers චිත්‍රපටිය

සුපිරි සැලසුමක් ඇතුව තිරගත කල The Avengers චිත්‍රපටිය

මාතෘකාව දැක්කහම කට්ටිය බලනවා ඇති අද මම The Avengers ‍ෆිල්ම් එකවත් දෙන්න යනවද කියලා. නෑ නෑ කලබල වෙන්න එපා ඒක තාම දෙන්නේ නෑ. මොකද තාම හොද කොපියක් නිකුත් වෙලා නෑ. කට්ටිය මේ දවස් වල මේ චිත්‍රපටිය නිසා පිස්සු වැටිලා වගේ ඉන්නේ. මොකද දැනටමත් කට්ටිය Trailer එක එහෙම බලලනේ ඉන්නේ. ඉතින් දැන් චිත්‍රපටිය බලන්න ආසාවෙන් ඉන්නේ. ඉතින් මොකක් හරි වෙබ් අඩවියක The Avengers කියන නම දැක්කත් ඇති අපේ කට්ටිය පට පට ගාලා ගිහින් බලනවා හොද කොපියක් නිකුත් වෙලාද කියලා. පොඩි දෙයක් කියන්නම් ඔයාලට දැනගන්න. මේ ‍ෆිල්ම් එකේ හොද කොපියක් නිකුත් වෙන්නේ සැප්තැම්බර් මාසේ. ඉතින් තාම කලබල වෙන්න එපා. කලබල වෙලා ඔය TS වගේ කොපි බලන්න යන්න එපා. DVDRip, BRRip එකක් හරි BDRip එකක් හරි එනකම් ඉන්න. එහෙම එකකින් බලනකොට තමා නියම ගතිය තියෙන්නේ. ඉතින් කොහොම වුනත් අද මම කතා කරන්නේ The Avengers ‍ෆිල්ම් එක ගැන නෙවේ. ඒ ‍ෆිල්ම් එක කොහොමද හැදුනේ කියලා.

ඔයාලා දැනටමත් දන්නවනේ මේ Avengers චිත්‍රපටියට සුපිරි වීරයෝ ටිකක් එකතුවෙනවා කියලා. Iron Man, Captain America, The Hulk, Thor, Black Widow, Hawkeye, Loki කියන අය තමා ඒ සෙට් එක. ඉතින් මේ Avengers චිත්‍රපටියේ මේ කට්ටිය සෙට් වෙන්න කලින් අපි මේ කට්ටියව එක එක චිත්‍රපටි වල දැකලා තියනවා. ඉතින් අපි Avengers චිත්‍රපටිය බලන්න කලින් ඒ විරයෝ ටික සහ ඒයාලා ඉන්න චිත්‍රපටි ගැන පොඩ්ඩක් විස්තර දැනගෙන ඉමු. ඊට කලින් පොඩි දෙයක් කියන්නම් ඒ තමා මේ ලගදි ආපු The Avengers (2012) චිත්‍රපටිය 2008 ඉදන් කරපු සැලසුමක ප්‍රතිඵලයක්. ඔයාලට මම මේ කිව දේ ලිපිය පහලට කියවගෙන යද්දි තේරෙයි.

මම ඔයාලට මුලින් කිවනේ Avengers චිත්‍රපටිය බලන්න කලින් තව චිත්‍රපටි ටිකක් තියනවා ඒවා බලලා ඉන්න කියලා. ඒ ගැන තමා දැන් කියන්න යන්නේ. හොදට මතක තියාගන්න මම මේ දෙන පිළිවෙලටම මේ චිත්‍රපටි ටික බලන්න. ඔයාලා බලලා තියනවනම් ආයෙත් බලන්න ඔයාලට මොකක් හරි මගහැරුන තැන් තියනවද කියලා. මේ ලිපිය කියවගෙන යද්දි ඔයලා පුදුම වෙනවනම් මෙහෙම දේවල් තිබ්බද කියලා, එහෙනම් ඔයාලා හරියට ‍ෆිල්ම් ටික බලලා නෑ. ඒ හින්දා හොදට කල්පනාවෙන් බලන්න. මොකද මේ හැම චිත්‍රපටියක්ම එකට එකතු වෙන තැනක් තියනවා. එහෙනම් මෙහෙම අපි ආරම්භය ගනිමු.


මුලින්ම ඔයාලා Iron Man කියන්නේ කවුද කියලා දැනගන්න ඔනේ. ඒයා ගැන දැනගන්න නම් අපිට මුලින්ම බලන්න වෙනවා Iron Man (2008) කියන චිත්‍රපටිය. මම වෙනදා වගේ මේ චිත්‍රපටි වල කතාව කියන්න යන්නේ නෑ. මොකද ඒක ඔයාලම බලලා තේරුම් ගන්න වෙනවා. ඒ හින්දා මුලින්ම Iron Man (2008) කියන චිත්‍රපටිය බලන්න..

Iron Man (2008)

Robert Downey Jr. ගේ විශිෂ්ඨ රගපෑමක් ඔයාලට Iron Man චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. පොඩි විස්තර ටිකක් දැනගනිමු.


Iron Man (2008)

Genre : Action | Adventure | Sci-Fi
Directed by : Jon Favreau
Produced by : Avi Arad, Kevin Feige
Starring : Robert Downey, Jr., Terrence Howard, Jeff Bridges, Gwyneth Paltrow
Distributed by : Paramount Pictures
Release date(s) : May 2, 2008
Running time : 126 minutes
Country : United States
Language : English



චිත්‍රපටිය බලද්දි බොහෝම කල්පනාවෙන් බලන්න. හම්බවෙන හැම චරිතයක්ම මතකේ තියාගන්න. මොකද මේකේ එන චරිත The Avengers චිත්‍රපටියේ රගපාන නිසා. මම ඔයාලට පොඩි උදව්වක් විදිහට ඒ චරිත කවුද කියලා පෙන්නන්නම්. ඒවගේම Iron Man (2008) ‍ෆිල්ම් එකේ After Credits Scene එකක් පෙන්නනවා. ඒ කියන්නේ ‍ෆිල්ම් එක ඉවර වුනහම, චිත්‍රපටිය හදන්න දායක වුන විවිධ අයගේ නම් එහෙම යන්නේ. අන්නේ ඒවා ඔක්කොම ගිහින් ඉවර වුනහම තව පොඩි Scene එකක් පෙන්නනවා. ( Iron Man ‍ෆිල්ම් එකේ විතරක් නෙවේ මෙහෙම පෙන්නන්නේ. ගොඩක් ‍ෆිල්ම් වල අවසානයේදි After Credits Scene එකක් පෙන්නනවා. ඉතින් ඔයාලා ඕනෙම චිත්‍රපටියක් බැලුවොත් අනිවාරයෙන්ම බලන්න After Credits Scene එකක් තියනවද කියලා.) ඉතින් මේ Iron Man (2008) ‍ෆිල්ම් එකේ After Credits Scene එක විදිහට පෙන්නන්නේ මම මුලින් කීව S.H.I.E.L.D කියන ආයතනේ අධ්‍යක්ෂක වන Nick Fury කියලා කෙනෙක් ඇවිත් Iron Man ට කතා කරන එකක්. මොනවා ගැනද කතා කරන්නේ? ඒක ඔයාලම බලාගන්නකෝ.. මම කිවොත් ඒකේ කිසි ගතියක් නෑ.

මේ Iron Man චිත්‍රපටියේ රගපාන, ඒ වගේම The Avengers කියන චිත්‍රපටියෙත් ඉන්න චරිත.

Tony Stark Nick Fury Phil Coulson
Robert Downey Jr. Samuel L. Jackson Clark Gregg

  • Robert Downey Jr. රගපාන්නේ Tony Stark කියන චරිතයට ඒ කියන්නේ Iron Man.
  • Samuel L. Jackson රගපාන්නේ Nick Fury කියන චරිතයට.
  • Clark Gregg රගපාන්නේ Phil Coulson කියන චරිතයට.

Iron Man (2008) ‍ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලා බලන්න ඔනේ The Incredible Hulk (2008) කියන චිත්‍රපටිය.

The Incredible Hulk (2008)

මට මේක අමතක වෙලා තිබ්බේ. Rashi කියන සොහොයුරියගේ Comment එකෙන් තමා මේක මතක් වුනේ. ඊටපස්සේ ආපහු Post එක Edit කරලා මේක මැදට රිංගුවා. ඒ සොහොයුරියට ස්තුතියි  මේක මතක් කරලා දුන්නට. එහෙනම් ඊලගට ඔයාලා බලන්න ඔනේ මේක.පොඩි විස්තර ටිකක් දැනගෙන ඉමු.

The Incredible Hulk (2008)

Genre : Action | Sci-Fi | Thriller
Directed by : Louis Leterrier
Produced by : Avi Arad, Gale Anne Hurd, Kevin Feige
Starring : Edward Norton, Liv Tyler, Tim Roth, William Hurt
Distributed by : Universal Pictures
Release date(s) : June 13, 2008
Running time : 112 minutes
Country : United States
Language : English, Portuguese, Spanish


මේකේ අවසානයේදි එනවා අයර්න් මෑන්. ඒ කියන්නේ Tony Stark. ඔයාලම බලන්නකෝ ඇවිල්ලා මොනවද කියන්නේ කියලා. ඒ කියන්නේ මේක Iron Man කියන ‍ෆිල්ම් එකට සම්බන්දයි. මේ The Incredible Hulk (2008) ‍ෆිල්ම් එකට පස්සේ ඔයාලා බලන්න ඔනේ අයර්න් මෑන් ඊලග ‍ෆිල්ම් එක.

Iron Man 2 (2010)

ඉන් පසුව 2010 වසරේදි එනවා Iron Man 2 චිත්‍රපටිය. ඔයාලා ඊලගට බලන්න ඔනේ මේ ‍ෆිල්ම් එක. මෙකෙත් Iron Man විදිහට Robert Downey Jr. සුපිරි රගපෑමක් කරනවා. පොඩි විස්තර ටිකක් දැනගෙන මේ චිත්‍රපටියත් බලලා ඉමු. ඊට පස්සේ කියන්න තව රසවත් කතාවක් තියනවා.


Iron Man 2 (2010)

Genre : Action | Adventure | Sci-Fi
Directed by : Jon Favreau
Produced by : Kevin Feige
Starring : Robert Downey, Jr., Gwyneth Paltrow, Don Cheadle, Scarlett Johansson, Mickey Rourke
Distributed by : Paramount Pictures
Release date(s) : May 7, 2010 (United States)
Running time : 125 minutes
Country : United States
Language : English



මම මුලින් කිව Iron man (2008) චිත්‍රපටියේ වගේම මේ Iron Man 2 චිත්‍රපටියෙත් After Credits Scene එකක් තියනවා. ඔන්න එතනදි අපිව මේක වෙන ‍ෆිල්ම් එකකට සම්බන්ද කරනවා. මොකද්ද ඒ ‍ෆිල්ම් එක. ඒක තමා Thor (2011). කොහොමද Iron Man 2 ‍ෆිල්ම් එකෙන් Thor ‍ෆිල්ම් එකට සම්බන්ද කරන්නේ කියලා බලන්නනම් Iron Man 2 බලන්නම වෙනවා.

මේ Iron Man 2 චිත්‍රපටියේ රගපාන, ඒ වගේම The Avengers කියන චිත්‍රපටියෙත් ඉන්න චරිත.

Nick Fury Phil Coulson Tony Stark Natasha Romanoff
Samuel L. Jackson Clark Gregg Robert Downey Jr. Scarlett Johansson

  • Samuel L. Jackson රගපාන්නේ Nick Fury කියන චරිතයට.
  • Clark Gregg රගපාන්නේ Phil Coulson කියන චරිතයට.
  • Robert Downey Jr. රගපාන්නේ Tony Stark කියන චරිතයට ඒ කියන්නේ Iron Man.
  • Scarlett Johansson රගපාන්නේ Natalie Rushman / Natasha Romanoff කියන චරිතයට.

හොදයි දැන් අපි Thor (2011) චිත්‍රපටිය ගැන කතා කරමු.

Thor (2011)

වැඩි විස්තර කතා කරන්න කලින් ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැනගෙන ඉමු.


Thor (2011)

Genre : Action | Adventure | Fantasy
Directed by : Kenneth Branagh
Produced by : Kevin Feige
Starring : Chris Hemsworth, Natalie Portman, Tom Hiddleston, Anthony Hopkins, Stellan Skarsgård, Rene Russo, Kat Dennings, Idris Elba
Distributed by : Paramount Pictures
Release date(s) : May 6, 2011 (United States)
Running time : 114 minutes
Country : United States
Language : English



මේ චිත්‍රපටියෙත් අවසානයේ After Credits Scene එකක් තියනවා. ඒක කෙලින්ම The Avengers චිත්‍රපටියට සම්බන්ද එකක්. මේ චිත්‍රපටිය ඔයාලා ගොඩක් හොදින් තේරුම් ගන්න. මොකද මේකේ තමා ඉන්නේ The Avengers චිත්‍රපටියේ ප්‍රධාන හතුරා. ඉතින් මෙයා හතුරෙක් වෙන්නේ කොහොමද, මොනවද මෙයාට ඔන කරන්නේ කියන එක ගැන තේරුම් ගන්නනම් අනිවාරයෙන් Thor චිත්‍රපටිය බලන්න වෙනවා.


මේ Thor (2011) චිත්‍රපටියේ රගපාන, ඒ වගේම The Avengers කියන චිත්‍රපටියෙත් ඉන්න චරිත.

Loki Thor Erik Selvig
Tom Hiddleston Chris Hemsworth Stellan Skarsgård
Nick Fury Phil Coulson Clint Barton
Samuel L. Jackson Clark Gregg Jeremy Renner

  • Tom Hiddleston රගපාන්නේ Loki කියන චරිතයට.
  • Chris Hemsworth රගපාන්නේ Thor කියන චරිතයට.
  • Stellan Skarsgård රගපාන්නේ Erik Selvig කියන චරිතයට.
  • Samuel L. Jackson රගපාන්නේ Nick Fury කියන චරිතයට.
  • Clark Gregg රගපාන්නේ Phil Coulson කියන චරිතයට.
  • Jeremy Renner රගපාන්නේ Clint Barton / Hawkeye කියන චරිතයට.

හොදයි. ඊලගට ඔයාලට බලන්න වෙන චිත්‍රපටිය තමා Captain America: The First Avenger (2011).

Captain America: The First Avenger (2011)

පොඩි විස්තර ටිකක් දැනගෙන ඉමු.


Captain America: The First Avenger (2011)

Genre : Action | Adventure | Sci-Fi
Directed by : Joe Johnston
Produced by : Kevin Feige
Starring : Chris Evans, Tommy Lee Jones, Hugo Weaving, Hayley Atwell, Sebastian Stan, Dominic Cooper, Neal McDonough, Derek Luke, Stanley Tucci
Distributed by : Paramount Pictures
Release date(s) : July 22, 2011 (United States)
Running time : 124 minutes
Country : United States
Language : English



ඉතින් මේ Captain America: The First Avenger (2011) කියන චිත්‍රපටියෙත් After Credits Scene එකක් තියනවා. එකෙන් තමා Captain America, Avenger ටීම් එකට සෙට් වෙන්නේ.

මේ Captain America: The First Avenger (2011) චිත්‍රපටියේ රගපාන, ඒ වගේම The Avengers කියන චිත්‍රපටියෙත් ඉන්න චරිත.

Steve Rogers Nick Fury
Chris Evans Samuel L. Jackson

  • Chris Evans රගපාන්නේ Captain America / Steve Rogers  කියන චරිතයට.
  • Samuel L. Jackson රගපාන්නේ Nick Fury කියන චරිතයට.

ඉතින් මම මේ දුන්න චිත්‍රපටි පිළිවෙලට බලන්න. ඉතින් මම ඔන්න ආයෙත් කියනවා පිළිවෙල. Iron Man (2008), Incredible Hulk (2008), Iron Man 2 (2010), Thor (2011), Captain America: The First Avenger (2011) කියන චිත්‍රපටි ඒ පිළිවෙලටම After Credits Scene එක්කම බලන්න.

මේ පිළිවෙලට බැලුවොත් ඔයාලට Avengers චිත්‍රපටියේ හම්බවෙන සුපිරි වීරයෝ ටික සහ ඒකේ කතාව බොහෝම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් වෙනවා. මේවා බලලා තිබ්බට කමක් නෑ. ආයෙත් බලන්න.. මම චිත්‍රපට ගැන ගොඩක් විස්තර කරන්න ගියේ නෑ. මොකද අද මම ඔයාලට ‍ෆිල්ම් 5 ක් දුන්න නිසා. ලිපිය ගොඩක් දිග වෙනවා එහෙම දුන්නනම්. අනික මම විස්තර කරනවට වඩා ඔයාලම බලලා තේරුම් ගත්තහම කතාව හොදටම තේරෙනවා.

Avengers ‍ෆිල්ම් එක මේ දවස් වල විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන තිරගත වන අතරේ අපේ තව සුපිරි චරිතයක් දුකින් ඉන්නවා කියලත් ආරංචියි.

Spiderman Avengers ?


බලමු අපි Avengers 2 චිත්‍රපටියටවත් ස්පයිඩ මැන්ට ආරාධනා කරයිද කියලා..........

ඒ වගේම ඔයාලට කියන්න තව පොඩි ආරංචියක් තියනවා. ඒ තමා ඊලග වසරත් ‍ෆිල්ම් වලින් පිරිච්ච සුපිරි වසරක් කියන එක. ඒ මොකද දන්නවද. ඊලග වසරේ ඒ කියන්නේ 2013 නේ Iron Man 3 චිත්‍රපටියයි, Thor 2 කියන චිත්‍රපටියයි නිකුත් වෙනවා. ඒවගේම 2014 වසරේදි Captain America 2  චිත්‍රපටිය නිකුත් වෙනවා. ඉතින් කට්ටියට පොඩි සතුටක් එහෙමත් ඇතිනේද විස්තරේ අහපුවාම.

එහෙනම් The Avengers චිත්‍රපටියේ හොද කොපියක් සැප්තැම්බර් වලට කලින් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම නවතිනවා. සුභ දවසක්....!!


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Saagaraya Movies, ඉංග්‍රීසි චිත්‍රපටි, ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි, විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක,

5 comments:

  1. සුපිරි ලිපියක්! ස්තූතියි! ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. අහ්හ් iPlus අයියා. හුගකාලෙකින් දැක්කේ......
      බොහෝම ස්තුතියි Comment එකට......

      Delete
  2. අයියෝ මේ මොකක්ද කරලා තියෙන අපරාදේ. මං කිව්වේ බ්ලොග් template එක හරි නැහැ. කලින් තිබ්බ එක සුපිරියි කියනවා නෙමෙයි, හැබැයි මීට වඩා නම් හොඳයි. ලිපිය ටොප් එකට තියෙනවා. හොඳ cool look එකක් තියෙන එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. තව දෙයක් මේ line up එකට add වෙන්න ඕන පොඩි දෙයක් තියෙනව. ඒ තමයි Iron Man (2008) ෆිල්ම් එකට පස්සේ එන්න ඕන The Incredible Hulk කියන ෆිල්ම් එක. එකේ after credit scene එකත් අවේන්ගේර්ස් ෆිල්ම් එකට සම්බන්දයි. හොඳට බලන්නකෝ.

      Delete
    2. Blog Template එකනම් තාම වෙනස් කරන්න අදහසක් නෑ. බලමු හොද සුපිරි එකක් හම්බවුනොත් දාන්නම්. මම මේක දාන්න ප්‍රධාන හේතුවක් වුනේ වැඩිය අනංමනං නෑ සරල එකක් නිසා. බලමුකෝ ඉස්සරහට හොද එකක් සෙට් වුනොත් දාන්නම්...... මෙහෙම Comment එකක් දාලා ඔයාලගේ ප්‍රතිචාර කියනවනම් ඒක මට කරන ලොකු උදව්වක්.........
      ඒ වගේම මට මේ Hulk ව මතක් කරලා දුන්නට ස්තුතියි. මට සම්පුර්ණයෙන්ම අමතක වෙලා හිටියේ. මම දැන් ලිපියට The Incredible Hulk කියන ‍ෆිල්ම් එකත් එකතු කරන්නම්........

      Delete