Journey 2 : The Mysterious Island (2012) - අභිරහස් දුපතකට බිහිසුණු චාරිකාවක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, May 19, 2012

Journey 2 : The Mysterious Island (2012) - අභිරහස් දුපතකට බිහිසුණු චාරිකාවක්

Journey 2 : The Mysterious Island (2012) - අභිරහස් දුපතකට බිහිසුණු චාරිකාවක්

අද නම් වාසනාවන්ත දවසක්. අන්තිමේදි එක ඔන්න ආවා.. මම මේ චිත්‍රපටිය එනකම් තමා මග බලාගෙන හිටියේ. සෑහෙන කාලයක් හිටියා. අන්තිමේදි ඊයේ ආවා. ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ 2008 ආපු Journey to the Center of the Earth (2008) කියන චිත්‍රපටියේ දෙවන කොටස වන Journey 2 : The Mysterious Island (2012) ගැනයි. මේක තනිකරම සුපිරි Adventure ‍ෆිල්ම් එකක්. මේකේ පලවෙනි කොටසේ රගපෑවේ ඇඩ්වෙන්චර් ‍ෆිල්ම් වල රගපාන සුපිරි නළුවෙක් වන Brendan Fraser ය. ඔහුගේ රගපෑමත් සුපිරියි. Journey 2 ‍ෆිල්ම් එකේ රගපාන්නේ අපි කවුරුත් දන්නා Dwayne Johnson (The Rock) ය. ඔහුගේ රගපෑමත් සුපිරිම තමා. ඔහුගේ රගපෑම බලාගන්න මම කලින් ඔයාලට දුන්නා The Rundown (2003) කියලා ‍ෆිල්ම් එකක්. ඒකත් Download කරගෙන බලන්න. මේකේ පලවෙනි Film එකත් නියම ‍ෆිල්ම් එකක්. මගේ අතින් සිද්ද වෙ ලොකුම අඩුපාඩුව තමා ඔයාලට ඒ Film එක දෙන්න බැරිවුන එක. මම ඒකත් පස්සේ දෙන්න බලන්නම්. ඉතින් කොහොම උනත් අදනම් ඔයාලට බලන්න තියෙන්නේ සුපිරිම සුපිරි කතාවක්. මේ චිත්‍රපටියේ මොන විදිහේ කතාවක්ද යන්නේ කියලා මුලින්ම අපි බලලා ඉමු.

සීන් ඇන්ඩර්සන් (Josh Hutcherson) පොලිස් අත් අඩංගුවට පත්වනුයේ ඔහු සේවය කළ චන්ද්‍රිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෙතින් පලා විත් අමුතු රේඩියෝ සබදතාවකට සම්බන්ධ වීමට තනද්දීය. අන්තිමේදි සිය සුළු පියා වන හැන්ක් පාර්සන්ගේ (Dwayne Johnson) පිහිටෙන් ඔහු පොලිසියෙන් ගැලවි එයි. තමා පරික්ෂා කරමින් සිටි විශ්මිත ගුවන් විදුලි විකාශන හදුනා නොගත් බසකින් සිදුවන බව සීන් සිය සුළු පියාට පවසයි. අන්තිමේදි හැන්ක් සහ සීන් එම පණිවුඩය පැහැදිලි කර ගැනීමට සමත් වෙති. එයින් කියැවෙන්නේ ගලිවර්ගේ චාරිකා, සම්පත් දුපත, සහ අද්භූත දූපත යන පොත් බලන ලෙසටය. ඔවුන් වටහා ගන්නේ මේ පොත් තුනම ලියැවි ඇත්තේ එකම දුපතක් පාදක කරගෙන බවය.

මෙම පොත් තුනේම වූ දුපත් සටහන් එක්කොට පරික්ෂා කිරිමෙන් දුපත හදුනාගැනීමට ඔවුහු සමත් වෙති. එසේම විශ්මිත ගුවන් විදුලි විකාශය සිදුකරනුයේ කලකට පෙර අතුරුදහන් වු සිය මුත්තණුවන් බවද සීන් සොයා ගනී. අන්තිමේදි සීන් සහ හැන්ක් පාලෝ නමැති දූපත කරා යති.. එහිදි ඔවුනට ගැබාටෝ (Luis Guzmán) සහ ඔහුගේ දියනිය කයිලානි (Vanessa Hudgens) ධාවනය කරන පෞද්ගලික හෙලිකොප්ටර් යානයක සහය ලැබේ. මේ හතර දෙනා ‍රැගත් හෙලිකොප්ටරය දරුණු කුණා‍ටුවකට හසුවන අතර දුපතකට කඩා වැටේ. මේ දුපතේ ඇත්තේ පුදුමාකාර ලෝකයකි. මෙහෙදි අපි සාමාන්‍යයෙන් ස්වාභාවිකව විශාලව දකින සතුන් ඉතා කුඩා වන අතර කුඩා සතුන් අසාමාණය ලෙස විශාලය. මෙහිදි යෝධ ක‍ටුස්සකු විසින් ලුහුබදිනු ලබන හතර දෙනාගේ කල්ලියට හදිස්සියේම සීන්ගේ මුත්තණුවන් මුණගැසේ....

සැබෑ ලෙසම ගුවන් විදුලි විකාශය සිදු කර ඇත්තේ ඔහු බව එහිදි හෙළිවෙයි. එසේම ගුවන් විදුලි විකාශය සිදුකළ හැක්කේ සති දෙකකට වරක් බවද ඔවුහු සොයා ගනිති. ඊළග දිනයේ උදෑසන ඔවුහු අතුරුදහන්ව ගිය අත්ලාන්තිස්වරුන්ට අයත්ව තිබු නගරය කරා යති. එහිදි හැන්ක් සොයාගනු ලබන්නේ දුපත සෙමින් සෙමින් ගිලා බසින බවයි. සීන්ගේ මුත්තණුවන්ට අනුව දුපත එසේ ගිලී යන්නේ වසර 140 කට වතාවක් සිදුවන මහාද්වීපික තටාකවල වෙනස් වීම හේතුවෙනි....

ඔහුට අනුව නැවත් වතාවක් දුපත ගිලී යාමට වසරක කාලයක් තිබේ. එහෙත් හැන්ක්ගේ ගණනයන් මගින් හෙළිවෙන්නේ දුපත තව දින කිහිපයකදි ගිලී යන බවයි. එතැන් සිට ඔවුහු කැප්ටන් නිමෝගේ සොහෝන සොයා ගමන් අරඹති. එහි තැන්පත් කර ඇති ලෝ වටා දින දෙදහසක් ගිය නෝටිලස් නැමැති සබ්මැරීනය ඔවුන්ගේ එකම ගැලවීමේ මාර්ගය වෙයි...

ඔවුන්ට එය සොයාගන්න පුලුවන් වෙයිද? දුපතට මොනවා වෙයිද? ඊට පස්සේ මොනවා වෙයිද? ඒවා ඔක්කොම බලාගන්නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඊට කලින් තව පොඩි විස්තර ටිකක් තියනවා.

Genre : Action | Adventure | Comedy | Family | Fantasy | Sci-Fi
Directed by : Brad Peyton
Produced by : Charlotte Huggins, Beau Flynn, Tripp Vinson
Starring : Josh Hutcherson, Dwayne Johnson ("The Rock"), Vanessa Hudgens, Michael Caine, Kristin Davis
Distributed by : Warner Bros. Pictures
Release date(s) : February 10, 2012 (United States)
Running time : 94 minutes
Country : United States
Language : English

Warner Bros සමාගම විසින් හදලා තියන චිත්‍රපටි ඔයාලට මතක ඇතිනේද. මේකත් එයාලමයි හදලා තියෙන්නේ. ඉතින් හිතාගන්න පුලුවන්නේ කොච්චර ලස්සන ඇතිද කියලා...


ඉස්සරහට හොද මූවි ටිකක් එන්න තියනවා. ඒවත් ආපු ගමන් දෙන්නම්.

Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Journey 2 The Mysterious Island (2012) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, කොමඩි/ප්‍රහසන, පවුලේ සැමට, ෆැන්ටසි, ළමයින්ට, විද්‍යා ප්‍රබන්ධ, ඉංග්‍රීසි චිත්‍රපටි, 3D චිත්‍රපටි,

3 comments:

  1. මචන් BR rip mediafire links වැඩ නැහැනෙ. අලුත් ලින්ක් තියනවනම් දාන්න

    ReplyDelete
  2. @ Geesa says:

    ඔන්න ලින්ක් ටික දැම්මා.......;)

    ReplyDelete
  3. එලාස් බොහොම ස්තූතියි.

    ReplyDelete