Sherlock Holmes : A Game of Shadows (2011) - හොම්ස්, මොරියාටි සමග අවසන් සටනක - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, April 16, 2012

Sherlock Holmes : A Game of Shadows (2011) - හොම්ස්, මොරියාටි සමග අවසන් සටනක

Sherlock Holmes : A Game of Shadows (2011) -  දක්ෂ රහස්පරික්ෂකයෙක්

ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ තවත් සුපිරි ‍ෆිල්ම් එකක්. මේක එනකම් මම කාලයක් තිස්සේ බලාගෙන හිටියා. ඔන්න ඉතින් අද තමා හොද කොපියක් රිලීස් වුනේ. අද කිවට ඊයේ රෑ 7.30 ට තමා මේක කොපිය ඉන්ටර්නෙට් එකට රිලිස් වුනේ. මේ ‍ෆිල්ම් එක තමා Sherlock Holmes: A Game of Shadows (2011). මම හිතන්නේ ෂර්ලොක් හොම්ස් කියපුවාම නොදන්න කෙනෙක් නැතුව ඇති. ඔයාලා ෂර්ලොක් හොම්ස් පොත් එහෙම කියවලා ඇතිනේ ඇති තරම්. ඔන්න එහෙනම් අද ඒකේ ‍ෆිල්ම් එකත් බලාගන්න පුලුවන්. මීට කලින් ආවා මේකේ පළවෙනි ‍ෆිල්ම් එක. Sherlock Holmes (2009). මම හිතන්නේ එක ඔයාලා දැනටමත් බලලා ඇති. බලලා නැත්නම් බලන්න.

මම මුලින්ම ඔයාලට මේකේ Official Trailer එක දීලා තියනවා. සමහරුන්ගේ පුරුද්දක්නේ ‍ෆිල්ම් එකක් බලන්න කලින් එකේ Trailer එක බලන එක. ඉතින් ඔයාලා එක බලලා නැත්නම් මුලින්ම එක බලලා ඉන්න. මොකද මම මේ ‍ෆිල්ම් එක හොදයි කිවට ඔයාලට කොහොමද දන්නේ නැනේ.. එහෙම Trailer එක බලලා ඉන්න ඔනේ කියලා විශේෂත්වයක් නැති කට්ටිය කෙලින්ම ‍ෆිල්ම් එක බලන්න. අනිවා හොද ‍ෆිල්ම් එකක්. මොකද මම නරක ‍ෆිල්ම් දෙන්නේ නෑනේ.

අද පොඩි විශේෂත්වයක් තියනවා. ඒ තමා අද මේකේ කතාව කියන්නේ නෑ මම. මොකද කවුරුත් දන්නවනේ ෂර්ලොක් හෝම්ස් කියන්නේ රහස්පරික්ෂකයෙක් කියලා. ඉතින් මට කියන්න තියෙන්නෙත් මේකේ තියෙන්නේ රහස්පරික්ෂක වැඩ. ඒ වුනාට චුට්ටක් කතාව කියන්නම් නැත්නම් හරි නෑනේ. මම හැම ලිපියකම කතාව කියලා මේකේ විතරක් කිවේ නෑ කියලා හිතයි.

ෂර්ලොක් හොම්ස්, මහාචාර්ය මොරියාටි එක්ක කරන අවසන් සටන තමා ‍ෆිල්ම් එක පුරාම තියෙන්නේ. දෙන්නම හොද දක්ෂයෝ. අවසානයේදි ෂර්ලොක් හොම්ස්, මොරියාටිත් එක්ක දිය ඇල්ලකින් පහලට වැටෙනවා. ඒ ෂර්ලොක් හොම්ස්ගේ අවසානයද?

ඉතින් එහෙනම් තව මේ ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් දැනගනිමු.

Genre : Action | Adventure | Crime | Mystery | Thriller
Directed by : Guy Ritchie
Produced by : Joel Silver, Lionel Wigram, Susan Downey, Dan Lin
Starring : Robert Downey, Jr., Jude Law, Noomi Rapace, Jared Harris, Stephen Fry, Kelly Reilly, Rachel McAdams
Distributed by : Warner Bros. Pictures
Release date(s) : 16 December 2011
Running time : 129 minutes
Country : United Kingdom, United States
Language : English


මේ චිත්‍රපටියේ Budget එක $125,000,000 යි. මේක තිරගත වෙලා පළවෙනි සතිය තුල $39,637,079 (USA) ක් උපයලා තියනවා.


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


<< Sherlock Holmes (2009) Sherlock Holmes 3 >>



Sherlock Holmes: A Game of Shadows (2011) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, අපරාධ, අභිරහස්, ත්‍රාසජනක, ඉංග්‍රීසි චිත්‍රපටි,

2 comments: