Madahas Palama - Thilina R ft Kushani - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, March 29, 2012

Madahas Palama - Thilina R ft Kushani

මදහස් පාලම - Thilina R ft Kushani

තිලිණ රුහුණගේ සමඟින් කුෂානි සඳරේකා විසින් ගායනා කරන මේ "මදහස් පාලම" කියන ගීතය නිර්මාණය කර තිබෙන්නේ උදයකාන්ත වර්ණසුරිය මහතාගේ Challanges කියන චිත්‍රපටිය සදහායි. මේ සිංදුවේ Lyrics සහ Official Video එක පහලින් බලාගන්න ඔයාලට පුලුවන්. ඒ වගේම MP3 එක Download කරගන්නත් මම ලින්ක් එකක් දාලා තියනවා.


Madahas Palama - Lyrics

ıllıllı -----| මදහස් පාලම |----- ıllıllı

මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කිවා...
හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පිය මැන්නා...
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා...
මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා...

සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා...
හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුනා...
දැනුනා...
ජීවිතේ පිරුනා...

නවතින්න නො අසා ලමැදේ ඉඩ දුන්නේ කවුරුන්දෝ...
සිත දුන්නේ නෑ ඉන්නත් පි‍ටුපා...
මට මේ තරම් බර සුසුමක් බොරුවක් කියන්නට ඇතිදෝ
නිස්කාරණේ...
සිමා බදීවි අලුතෙන්...

සංසාර දු‍ටු කාලේ දැනුනාම හුරු පුරුදු
ඔය ඇස් කතා කෙරුවා දැවටී...
අදහන්න හැකිදෝ කියලා මම මාගෙන් අහාපු...
බව දන්නේ නෑ...
ඔබ දන්නවාද කියලා...

මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කිවා...
හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පිය මැන්නා...
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා...
මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා...

සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා...
හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුනා...
දැනුනා...

ජීවිතේ දැනුනා.....

Film : Challanges (Udayakantha Warnasuriya)
Artist : Thilina Ruhunage ft Kushani
Lyrics : Wimalaka Muhandiram
Composed By : Thilina Ruhunage


Madahas Palama - Video




Madahas Palama - MP3


    ➥ Madahas Palama - Thilina Ruhunage ft. Kushani - [128kbps]
    MP3 via ananmanan.lk

Madahas Palama - Thilina R ft Kushani




තිලිණ රුහුණගේ, කුෂානි සඳරේකා, Saagaraya Songs, Sinhala MP3, Sinhala Songs Lyrics, Madahas Palama - Thilina R ft Kushani, "මදහස් පාලම" සිංදුව

1 comment: