Extremely Loud and Incredibly Close (2011) - අභිරහස් යතුර - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, March 15, 2012

Extremely Loud and Incredibly Close (2011) - අභිරහස් යතුර

Extremely Loud and Incredibly Close (2011) - අභිරහස් යතුර

මේක ළමයෙක් වටා ගෙතුන ලස්සන කතාවක්. මම මේකේ කතාව පොඩ්ඩ්ක් මුලින් ඔයාලට කියලා ඉන්නම්. මම හිතන්නේ ඔයාලට මතක ඇති 2001 සැප්තැම්බර් 11 වෙනිදා. මතක නැත්නම් මතක් කරගන්න ඒදා තමා ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල වුනේ. ඉතින් මේ කතාවටත් ඒ සිද්දිය අදාල වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රගපාන Oskar ගේ තාත්තා වැඩ කරන්නේ මේ ලෝක වෙළද මධ්‍යස්ථානයේ. ඉතින් මේ අනතුරත් එක්ක තාත්තා ජිවිතයෙන් සමුගන්නවා. මීට කලින් මේ කට්ටිය බොහෝම සතුටින් හිටපු පවුලක්.  එක පාරට මේ වගේ දෙයක් සිදුවුනාම කොච්චර දුකක් දැනෙනවද ජිවත්ව ඉන්න අයට. ඉතින් ඔහොම කතාව ගලාගෙන යන අතරේ මේ Oskar ට යතුරක් හම්බ වෙනවා. ඉතින් මොකද්ද මේ යතුර ?එක හොයාගන්න තමා Oskar ටත් ඔනේ. ඔයාලටත් ඕනෙද ඒ මොකද්ද කියලා දැනගන්න. මෙතන මොකක් හරි අභිරහසක් තියනවා නේද. ඉතින් ඒ අභිරහස දැනගන්නනම් මේ කතාව බලන්නම වෙනවා. තව පොඩි විස්තර ටිකක් පහල මම දාලා තියනවා ඒ ටිකත් බලාගෙනම Film එක Download කරගන්න.

Stephen Daldry විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ Jonathan Safran Foer විසින් 2005 වසරේදී රචනා කරන ලද Extremely Loud and Incredibly Close කියන නවකතාවයි. Tom Hanks, Thomas Horn, Sandra Bullock, Zoe Caldwell, Dennis Hearn, Max von Sydow ඇතුලු ජනප්‍රිය හොළිවුඩ් නළු නිළියන් රාශියක් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

Genre : Adventure | Drama | Mystery
Directed by : Stephen Daldry
Produced by : Scott Rudin
Starring : Tom Hanks, Sandra Bullock, Thomas Horn, Max von Sydow, Viola Davis, John Goodman, Jeffrey Wright, Zoe Caldwell
Distributed by : Warner Bros.
Release date(s) : December 25, 2011
Running time : 129 minutes
Country : United States
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Extremely Loud and Incredibly Close (2011) චිත්‍රපටිය, Saagaraya Movies, වික්‍රමාන්විත, නාට්‍යමය, පවුලේ සැමට, ළමයින්ට, අභිරහස්, ඉංග්‍රීසි චිත්‍රපටි,

3 comments:

  1. අප්පට හුඩු බොක්ක. මේකේ ලිපියෙන් නම් කියලා තියන විදිහට පට්ට බයිස්කෝප් එකක් වගේ බන්. හෙට බාගෙන එකෙන්ම බලනවා.... ආයේ දන්නවනේ ඉතින් කිව්වොත් කිව්වා.... :D

    ReplyDelete
  2. @ තාරක says:

    එළකිරි...... :P:P:P

    ReplyDelete