Blogger Tutorials 1 - හැදින්වීම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, March 1, 2012

Blogger Tutorials 1 - හැදින්වීම

Blogger Tutorials 1 -  හැදින්වීම

අද මම ලොකූ වැඩක් පටන් ගන්න යන්නේ. ඒක හිමින්සැරේ ඔයාලට විස්තර කරලා දෙන්නම්. අපි කතාව මෙහෙම ආරම්භ කරමු..

ඉන්ටර්නෙට් නැති කෙනෙක් එහෙම අලුතෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් එහෙම අරගත්තාම අන්තර්ජාලයේ සැරිසරනවා. එතකොට දකිනවා ලස්සන වෙබ් අඩවි, ෆොර්ම්, බ්ලොග් එහෙම. එතකොට මෙයාට හිතෙනවා මටත් එකක් පටන්ගන්න තිබ්බනම් කියලා. එතකොට ඒවා හදන්නේ කොහොමද, වගේ එක එක කරුණු මෙයා හොයාගෙන යනවා. ඔන්න එතකොට තව දැනගන්න ලැබෙනවා, එහෙම වෙබ් අඩවියක් හදලා ඇඩ් එහෙම දාලා සල්ලි හම්බකරගන්න පුලුවන් කියලා. ඔන්න එතකොට මෙයාගේ උනන්දුව තවත් වැඩි වෙනවා. නමුත් සල්ලි හොයන පරමාර්තයෙන් නැති, ඒ කියන්නේ විනෝදෙට වගේ බ්ලොග් එකක් කරන්න හිතෙන, එහෙම අයත් ඉන්නවා.

ඉතින් මේ අය, මේවා කොහොමද හදන්නේ කියලා හොයාගන්න හැම තැනම යන්න වෙනවා. ඉංග්‍රීසී වෙබ් අඩවි වලනම් ගොඩාක් තොරතුරු හොයාගන්න පුලුවන්. නමුත් මෙයාගේ ඉංග්‍රීසි දැනුම අඩු මට්ටමේ නම් තියෙන්නේ, ඒවා දැනගන්න අපහසු වෙනවා. නමුත් අපේ රටේ සහෝදර සහෝදරියෝ කරන සිංහල වෙබ් අඩවිත් තියනවා ඒවගෙනුත් තොරතුරු හොයාගන්න පුලුවන්. ඉතින් ආන්න ඒ වගේ ඒ කියන්නේ තමන්ටම වෙබ් සයිට් එකක් ( බ්ලොග් එකක් ) හදාගන්න කැමති, නමුත් හදන්න දන්නේ නැති අයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඔනේ කියලා හිතුන නිසා මම තීරණය කරා කොහොමද බ්ලොග් එකක් හදන්නේ කියලා මුල ඉදන් කියලා දෙන්න. බ්ලොග් ගැන දන්න නොදන්න ඔනම කෙනෙක්ට ඇවිල්ලා තමන් දන්න දෙයක් කියලා දෙන්නත්, නොදන්න දෙයක් දැනගන්නත් පුලුවන් මෙතනින්..

මම මුලිනුත් ලිපි කීපයක් ලියලා තියනවා Blog Tricks එහෙම ගැන. නමුත් දැන් ඒවා බලන්න යන්න එපා.. මම දැන් මෙතන පිළිවලට මුල ඉදන් කියලා දෙන ඒවා හොදට ඉගෙන ගන්න. මේ ලිපියෙන් නම් මොකුත් කියලා දෙන්නේ නෑ. ඊලග ලිපියේ ඉදන් මම මුල ඉදන් කියලා දෙනවා. ලිපි මාලාවක් විදිහට තමා මේක කියලා දෙන්නේ... වෙනසකට තියෙන්නේ මේක කවදා කොහොම ඉවරවෙයිද කියන එකයි. ඒ කියන්නේ ඔයාලට එච්චරකට දැනගන්න දේවල් තියනවා.

ඔයාලා මොකද හිතන්නේ මේ ගැන හොද දෙයක් නේද. ?





Blogger සම්බන්ධ අලුත් තොරතුරු ඔක්කොම ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්.

All Blogger Tutorials



Blogger Tutorials 2 >>


Saagaraya Blogger, Blogger Sinhala Tutorial, බ්ලොග් ට්‍රික්ස්, Blogger ගැන සිංහලෙන්, Blogger Tutorial සිංහලෙන්, බ්ලොග් ටිප්ස්, සිංහලෙන් ඉගෙන ගමු, බ්ලොගර් උදවු, සිංහලෙන් බ්ලොග් ටිප්ස්, Blogger Tips And Tricks in Sinhala,

7 comments:

  1. @Ashen

    බොහෝම ස්තුතියි Comment එකට.............

    ReplyDelete
  2. niyamai..mamath asawen inne magema blog ekak hada ganna..wade nam pattai..

    ReplyDelete
  3. @Anonymous -:

    ලගදීම මම මේ වැඩේ පටන් ගන්නවා........ අකුරක් නෑර කියලා දෙනවා කොහොමද ලස්සන Blog එකක් හදන්නේ කියලා...........
    හැබැයි වැඩේට ඔයාලගේ උපරිම සහයෝගය ඔනේ Comment වලින්........
    මොකද ඔයාලගේ ප්‍රතිචාර වැඩි වෙන්න වෙන්න මට ආසාවක් එනවා මේ වැඩේට.............

    ReplyDelete
  4. ela wedak apith digatama innawaaaaaaaa............

    ReplyDelete
  5. www.samadema.com
    good block friend

    ReplyDelete
  6. niyamai... mamat hoyahoya hitiye wade

    ReplyDelete