Alvin and the Chipmunks: Chipwrecked (2011) - ලේන්නු 3 දෙනා නැවතත් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, March 11, 2012

Alvin and the Chipmunks: Chipwrecked (2011) - ලේන්නු 3 දෙනා නැවතත්

Alvin and the Chipmunks: Chipwrecked (2011) - ලේන්නු 3 දෙනා නැවතත්

ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස් කිවාහම ඔයාලට එක පාරටම මතක් වෙනවා නේද අර ලේන්නු තුන්දෙනා. හි හි....හරි හරි... අද මම දෙන්න යන්නේ ඔයාලට ඒ ලේන්නු තුන්දෙනාගේ අලුතෙන්ම ආව කතාව. ඒ  තමා Alvin and the Chipmunks: Chipwrecked (2011). ඔයාලා මේකේ පලවෙනි කොටස් 2 බලලා ඇතිනේ. ඔන්න එහෙනම් 3 වෙනි කොටස අද බලන්න පුලුවන්. මේකෙ කතාව පොඩි නිවාඩුවක් වටා තමා ගෙතිලා තියෙන්නේ. Dave සහ අපේ පොඩි ලේන්නු 3 දෙනා, ඒ කියන්නේ Alvin, Simon සහ Theodore පොඩි නිවාඩුවක් ගත කරන්න නැවක සවාරියක් යනවා. හැමදාම වගේ කියන දේ අහන්නේ නැති Alvin මේ පාර මොන මොන වැඩ කරයිද කියලා ඔයාලම බලන්නකෝ..

Mike Mitchell විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය සදහා හඩ කැවීමෙන් හා රංගනයෙන් Jason Lee, David Cross, Jenny Slate, Justin Long, Matthew Gray Gubler, Jesse McCartney.. ආදී ජනප්‍රිය හොළිවුඩ් නළු නිළියන් ‍රැසක් දායකත්වය ලබාදෙනවා.

ඉතින් තව පොඩි විස්තර ටිකක් දැනගනිමු මේ චිත්‍රපටිය පිළිබදව.

Genre : Animation | Comedy | Family
Directed by : Mike Mitchell
Produced by : Ross Bagdasarian, Jr. , Janice Karman
Starring : Jason Lee, David Cross, Jenny Slate, Justin Long, Matthew Gray Gubler, Jesse McCartney, Amy Poehler, Anna Faris, Christina Applegate
Distributed by : 20th Century Fox
Release date(s) : December 16, 2011
Running time : 87 minutes
Country : United States
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Alvin and the Chipmunks: Chipwrecked (2011) චිත්‍රපටිය, Saagaraya Movies, ඇනිමේෂන්, කොමඩි/ප්‍රහසන, පවුලේ සැමට, ළමයින්ට, ඉංග්‍රීසි චිත්‍රපටි,

5 comments:

  1. ස්තූතියි සහෝදරයා.... මම මේක අද නැත්තන් හෙට වත් බාගන්නවා.

    ReplyDelete
  2. @ Tharaka says:

    එළ එළ....
    Comment එකට ගොඩක් ස්තුතියි.......

    ReplyDelete
  3. කිව්ව වගේ අද බෑව. මේකේ IMDB රේටින් නම් අඩුයි නමුත් මම මේ කතාවට ආස නිසා මේක අද රෑට බලලා හොද නරක කියන්නම්කෝ.

    ReplyDelete
  4. බයිස්කෝප් එක නම් සුපිරි සහෝ... ලිපිය මීට වඩා ටිකක් දිගට ලිව්වා නම් වටිනවා තවත්. අඩුම ගානේ අද උබ පෝස්ට් කරපු බයිස්කෝප් එකේ ලිපිය තරන් වත් දිගට තිබුනා නම් තමයි පට්ට. වැරැද්දක් කියනවා නෙමෙයි දිරිගැන්වීමක් විදිහටයි කියන්නේ......

    ReplyDelete
  5. @ තාරක says:

    අනිවා අනිවා.......
    එක හරි.....
    ආවගමන් හදිස්සියට බයිස්කෝප් එක දැම්මේ..........
    ඊලග ඒවගෙ විස්තරයක් එක්ක දෙන්නම්............ :P

    ReplyDelete