Real Steel (2011) - රොබෝවරුන්ගේ සංග්‍රාමය - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, January 7, 2012

Real Steel (2011) - රොබෝවරුන්ගේ සංග්‍රාමය

Real Steel (2011) - රොබෝවරුන්ගේ සංග්‍රාමය

මම බලන්න ආසාවෙන් හිටපු ‍ෆිල්ම් එකක් තමා Real Steel කියන්නේ. ඒ මම ආස කරන නළුවෙක් මේ චිත්‍රපටියේ රගපාන නිසා. ඒ Hugh JackmanX-Men එකේ Wolverine ගේ චරිතෙට රගපාන්නේ පොර තමා. කොහොමෙන් කොහොම හරි මට මේකේ Trailer එකත් බලන්න බැරිවුනා ( මම බැලුවේ නැතුවට මම ඔයාටල මේකේ Trailer එක දුන්නා.) Trailer එක බැලුවෙත් නැති හින්දා ‍ෆිල්ම් එක බලනකම් වෙන දේවල් හිතා ගන්න බැරිවුනා. බලද්දි තමා තේරුනේ මේක මාර ලස්සන ‍ෆිල්ම් එකක් කියලා. ඇත්තටම කියනවනම් මේක මෙච්චර ලස්සන එකක් වෙයි කියලා මම මුලදි හිතුවේ නෑ. කොහොම වුනත් මගේ හිතට වැදුනු තවත් ලස්සන ‍ෆිල්ම් එකක් තමා මේ Real Steel  කියන්නේ. ඔයාලටත් නංගිලා මල්ලිලා, අක්කලා අයියලා, දුවලා පුතාලා ඉන්නවනම් මේක Download කරගෙන පවුලේ අයත් එක්ක බලන්න. එච්චරකට ලස්සන ‍ෆිල්ම් එකක්.

චිත්‍රපටියේ කතාව ගැන කියනවනම්, අනාගතේ පැවැත්වෙන රොබෝවරුන්ගේ බොක්සින් තරග ගැන තමා චිත්‍රපටියේ කියවෙන්නේ.. අපේ මේ කතාවේ නායකයටත් ඒ කියන්නේ Charlie Kenton ටත් ඉන්නවා රොබෝ කෙනෙක් ඇම්බස් කියලා. ගොන් පොරයකට එක්කරගෙන ගිහිලා ඒ රොබෝව විනාශ වෙනවා. ඊටපස්සේ දහ අතේ ණයවෙලා ඉන්න කොට මෙයාට දැන ගන්න ලැබෙනවා මෙයාගේ කලින් බිරිද මැරිලා කියලා. එයාට දරුවෙක් ඉන්නවා. ඒ දරුවගේ නම මැක්ස්. ඉතින් මේ මැක්ස්ගේ නැන්දට මෙයාගේ අයිතිය ගන්න ඔනේ වෙනවා. නැන්දා බැදලා ඉන්න කෙනා චාර්ලිට සල්ලි දීලා මැක්ස්ව දරුකමට හදාගන්න ගන්නවා. චාර්ලිත් එකට උඩින්ම කැමතිවෙනවා. කොහොම හරි චාර්ලිට සිද්දවෙනවා ටික දවසකට මැක්ස්ව තියාගන්න. අර ලැබුන සල්ලි වලින් චාර්ලි තවත් අලුත් රොබෝ කෙනෙක් ගන්නවා.  ඒ තමා නොයිසි බොයි. ඊට පස්සේ මෙයාව අරගෙන යනවා තවත් බොක්සින් තරගෙකට. එතනිනුත් මේ රොබෝ විනාශවෙනව. දැන් ඉතින් මේ චාර්ලි දහ අතේ ණය වෙලා ඉන්නේ. ඊටපස්සේ මෙයාලා යනවා රොබෝ වරුන්ගේ පාට්ස් විසිකරලා දාලා තියන තැනකට. එතනදි තමා හම්බවෙන්නේ ඇටම්ව. කවුද මේ ඇටම්...? ඊට පස්සේ මොකද වෙන්නේ..? චාර්ලිට මොකක් වෙයිද..? මැක්ස්ට මොකක් වෙයිද...? මොකද වෙන්නේ කියලා දැනගන්න ඔනේනම් ඔයාලට අනිවාරයෙන්ම චිත්‍රපටිය  බලන්න වෙනවා....

මම කවදාවත් නැතුව කතාවේ මෙච්චර ගොඩක් කීවේ ඔයාලට ටිකක් රහ වැටෙන්නයි. අපි මේ චිත්‍රපටියේ තවත් පොඩි විස්තර ටිකක් දැනගනිමු.



Genre : Action | Drama | Sci-Fi
Directed by : Shawn Levy
Produced by : Shawn Levy, Susan Montford, Don Murphy
Starring : Hugh Jackman, Dakota Goyo, Evangeline Lilly, Anthony Mackie, Kevin Durand
Distributed by : Walt Disney Studios Motion Pictures
Release date(s) : October 7, 2011
Running time : 127 minutes
Country : United States
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Real Steel (2011) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, නාට්‍යමය, පවුලේ සැමට, විද්‍යා ප්‍රබන්ධ,

No comments:

Post a Comment