The Mentalist (TV Series 2008) - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, January 30, 2012

The Mentalist (TV Series 2008)

The Mentalist (TV Series 2008)

Patrick Jane , ඒ කියන්නේ මේ කතාවේ ප්‍රධාන නළුවා, ඔහු Psychic කෙනෙක්. ඔහුගේ බිරිදවයි දරුවවයි, Red John කියලා Serial Killer කෙනෙක් මරලා දානවා. ඒ මිනීමරුවව හොයා ගන්න ඔනේ නිසාත්, මෙයාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඔනේ නිසත් Patrick Jane, CBI (California Bureau of Investigation) එකත් එක්ක එකතු වෙනවා. මෙයා CBI එකේ එක කණ්ඩායමක් එක්ක තමා වැඩ කරන්නේ. ඒ කට්ටිය තමා, Senior Special Agent Teresa Lisbon, Special Agent Kimball Cho, Special Agent Wayne Rigsby , Special Agent Grace Van Pelt. ඉතින් මේ 4 දෙනා එක්ක එකතු වුනු Patrick Jane, ඔවුන්ගේ පරික්ෂණ වැඩ වලට උදව් දෙමින්, මිනිමරුවන් සොයා ඔවුන්ට නිසි දඩුවම් දෙමින්, තමන්ගේ අරමුණත් සාර්ථක කර ගැනිමට දරණ උත්සාහය තමා මේ TV Series එකෙන් කියවෙන්නේ.


Genre : Police procedural | Drama | Crime | Mystery
Created by : Bruno Heller
Directed by : Chris Long, David Nutter
Starring : Simon Baker, Robin Tunney, Tim Kang, Owain Yeoman, Amanda Righetti
Opening theme : "Theme from The Mentalist"
Country of origin : United States
Language(s) : English
No. of seasons : 6
Executive producer(s) : Bruno Heller, David Nutter
Producer(s) : Charles Goldstein
Location(s) : California
Running time : 43 minutes
Production company(s) : Primrose Hill Productions, Warner Bros. Television
Original channel : CBS
Original run : September 23, 2008 – present


දැන් අපි මේ TV Series එකේ රගපාන අයගේ චරිත ගැන පොඩ්ඩක් කතා කරමු.

Patrick Jane (Simon Baker):
පැට්‍රික් ජේන් කියන්නේ හිටපු Psychic කෙනෙක්. ඔහුගේ බිරිදව සහ දුවව, රෙඩ් ජෝන් කියන නමින් හදුන්වන මිනීමරුවෙක් විසින් ඝාතනය කරනවා. මේ සිද්දිය නිසා ජේන් ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔහුගේ ජීවිතයට අලුත් අරමුණක් එකතු වෙනවා. ඒ තමා කොහොම හරි මේ රෙඩ් ජෝන් කියන මිනීමරුවව අල්ලගන්න එක. මේ අරමුණ සාර්ථක කරගන්න ඔහු CBI එකට, ඒ කියන්නේ California Bureau of Investigation එකත් එක්ක එකතු වෙනවා. ඒ එහි උපදේශකයෙක් විදිහට වැඩ කරන්න. අනෙක් අයට වඩා ඔහුට ඇති නිරික්ෂණය කිරිමේ හැකියාව සහ විවිධ උප්පරවැට්ටි මගින් මේ CBI එක විශාල පරික්ෂණ සංඛ්‍යාවක් විසදන්න සමත් වෙනවා. ජේන් මේ වැඩකරන විදිහ නිසා මේ පරික්ෂණ ඉක්මනින් විසදගන්න පුලුවන් වෙනවා වගේම ජේන් එක්ක වැඩ කරන CBI එකේ කට්ටියට අමාරුවේ වැටෙන්නත් සිද්ද වෙනවා. කොහොම වුනත් ටික කලක් යනවිට ජේන්, CBI එකට නැතුවම බැරි පුද්ගලයෙක් බවට පත්වෙනවා.

Senior Special Agent Teresa Lisbon (Robin Tunney):
CBI එකේ ජ්‍යෙෂ්ඨ විශේෂ නිළදාරිනියක් වන ටෙරේසා ලිස්බන්, "Serious Crime Unit" කියන ජේන් වැඩ කරන ටීම් එකේ ප්‍රධානියාද වෙයි. හැමවෙලේම ජේන්ගේ උදව්වට ඉන්න ලිස්බන්, ඇයගේ කණ්ඩායමට හොද නායිකාවක් වෙනවා. බීමත් කමට හුරුවූ තාත්තව සහ සහෝදරයන්ව ලිස්බන්ගේ බාරයට පත් කර ඇයගේ මව කාලයකට ඉහතදී බීමත් රියදුරෙකු අතින් සිදුවූ රිය අනතුරකින් මිය ගොස් තිබේ. ජේන්ට CBI එකේ සිටින විස්වාසවන්තම පුද්ගලයා තමයි ලිස්බන් කියන්නේ. ජේන් සහ ලිස්බන් ගොඩක් වෙලාවට එකට තමා වැඩ කරන්නේ. අකමැත්තෙන් හරි ජේන්ගේ පිස්සු ප්ලෑන් වලට උදව් කරන්නෙත් ලිස්බන්ම තමා. රෙඩ් ජෝන් කියන මිනීමරුවගේ පරික්ෂණය භාරවෙලා තියෙන්නේ මේ ලිස්බන් ඇතුලු කණ්ඩායමටයි. ලිස්බන්ගේ කණ්ඩායමේ සිටින අනෙක් සාමාජිකයන් වන්නේ කිම්බල් චෝ, වේන් රිග්ස්බි සහ ග්‍රේස් වැන් පෙල්ට් ය.

Special Agent Kimball Cho (Tim Kang):
CBI එකේ සිටින විශේෂ නිළදාරියෙක් වන කිම්බල් චෝ, ලිස්බන් ප්‍රධානත්වය දරන "Serious Crime" ටීම් එකේ සාමාජිකයෙක්ද වෙනවා. අනුකම්පාවෙන් තොර, හැගීම් රහිත මූණක් තියන චෝ ට ගොඩක් වෙලාවට සිද්ද වෙන්නේ සැකකරුවන්ව ප්‍රශ්ණ කරන්නයි. ඔහුට හොද ප්‍රශ්ණ කිරීමේ හැකියාවක් තියනවා. ඒ වගේම රිග්ස්බිගේ හොද යාලුවෙක්. CBI එකත් එක්ක එකතු වෙන්න කලින් චෝ විදියේ සිටින කල්ලියක සෙල්ලක්කාර සාමජිකයෙක් වී ඇති අතර ඊට පසුව ඔහු ඇමෙරිකාවේ විශේෂ කාර්ය්‍ය බළකායේ සේවය කර ඇත.

Special Agent Wayne Rigsby (Owain Yeoman):
CBI එක සිටින තවත් විශේෂ නිළදාරියෙක් වන වේන් රිග්ස්බි, ලිස්බන්ගේ "Serious Crime" කණ්ඩායමේ සාජිකයෙක්ද වෙයි. ටිකක් විනෝදයට බර පුද්ගලයෙක් වගේම හොද දක්ෂ නිළදාරියෙක්ද වෙයි. රිග්ස්බි CBI එකත් එක්ක එකතුවෙන්න කලින් සැන් ඩියාගෝ වල ගිනි නිවිමේ බළකායේ විශේෂ නියෝජිතයෙක් ලෙස සේවය කර ඇත. මොහුගේ පියා හිටපු මෝටර් සයිකල් කල්ලියක සාමාජිකයෙක් වී සිටි අතර මේ හේතුව නිසා රිග්ස්බි තම පියාට වැඩි කැමත්තක් නැත. ඒ වගේම රිග්ස්බි, මේ ටීම් එකේම සිටින නිළධාරිනියක් වන ග්‍රේස් වැන් පෙල්ට් ට ආදරය කරයි.

Special Agent Grace Van Pelt (Amanda Righetti):
CBI එකේ ඉන්න තවත් දක්ෂ විශේෂ නිළධාරිනියක් තමා ග්‍රේස් වැන් පෙල්ට් කියන්නේ. ඇය ලිස්බන්ගේ "Serious Crime" ටීම් එකට එකතුවුන අලුත් සාමාජිකාවක්. මොකක් හරි අපරාධයක් ගැන පරික්ෂණයකදි ගොඩක් දුරට ග්‍රේස්ට බාර වෙන්නේ සැකකරුවන් ගැන තොරතුරු හොයන එක. ඒ ඇය පරිගණකය භාවිතයට දක්ෂ නිසා. ඇය ආගම සහ භූතයන් පිළිබදව එහෙම ගැඹුරෙන් විස්වාස කරන කෙනෙක්. වැඩිපුරම ජේන්ගේ විහිලු වලට සහ පොඩි පොඩි මැජ්ක් වැඩ වලට අල්ලගන්නේ ග්‍රේස් ව සහ රිග්ස්බි වයි.



තව කරුණු මේ සයිට් වලින් ඔයාලට දැනගන්න පුලුවන්.

» Wikipedia
» IMDb


The Mentalist Season 1 >>



Saagaraya TV Series, The Mentalist ටීවී සීරිස් එක, The Mentalist (TV Series 2008),

2 comments:

  1. ela ela niyama tv series eka..........Thnx kollo.........

    ReplyDelete
  2. machan meken download karana vidhiha mata poddak kiyala denawadha

    ReplyDelete