The Negotiator (1998) - ගණුදෙනු කරන්නා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, November 1, 2011

The Negotiator (1998) - ගණුදෙනු කරන්නා

The Negotiator (1998) - ගණුදෙනු කරන්නා

අද මම කියන්න යන්නේ IMDB Rating 7.2 ක් ලබාගෙන තියෙන, Samuel L. Jackson ප්‍රධාන චරිතය රගපාන, කම්මැලි කමකින් තොරව බලන්න පුලුවන් හොද චිත්‍රපටයක් ගැනයි. මම මේක ඔයාලට කීවට මේ චිත්‍රපටය ගැන මට කීවේ Harshika කියලා සහෝදරියක්. ඇයට මම ස්තුතිවන්ත වෙනවා මට මේ චිත්‍රපටය ගැන කීවට.හොදයි අපි ආයෙත් කතාවට එමු.

ඔයාලා මංකොල්ල කාරයෝ ගැන මොනවද දන්නේ....? මංකොල්ල කාරයෝ කියන්නේ කොහෙ හරි හොද සල්ලි තියන තැනකට ගිහින් ඒවා කොල්ල කාලා, වැඩේ වැරදුනහම මිනිස්සු ටිකක් ප්‍රාණ ඇපේට අරගෙන දගලන මිනිස්සු ටිකක්නේ. මේ කතාවෙත් එහෙම සිද්ධියක් තියනවා. ආ තවදෙයක් ඔයාලගෙන් අහන්න ඕනේ. ඔයාලට හොදම යාළුවෙක් කියලා කෙනෙක් ඉන්නවද?එහෙම කෙනෙක් ඉන්නවනම් එයා දවසක ඔයාට කෝල් එකක් දෙනවා "රහසක් කියන්න තියනවා, මේක ඉතා වැදගත් රහසක් ඔයා මෙන්න මේ තැනට එන්න" කියලා. ඔයා මොකද කරන්නේ. යනවනේ.. මොකද හොදම යාළුවනේ.. ඔන්න එතකොට ඔයා යනවා. එහෙම එතෙන්ට යද්දි ඔයාගේ යාළුවව කවුරු හරි එහ්තන මරලා දාලා ගිහිල්ලා. ඒ වගේම එයාව මැරුවේ ඔයා කියලා පොලිසිය කියනවා. පිස්සු හැදෙයි නේ...

දැන් ඔය මම මුළ ඉදන් කියපුවා තේරුනාද? නෑ නේද.  නිකන් පිස්සු වගේ නේද. ඔය ඔක්කෝම මම අද කියන්න යන කතාවට සම්බන්ද දේවල්. ඉතින් මම මුළින් මහ පිස්සු ආරම්භයක් ගත්තා. මොකද මේක කියවන කට්ටියව පොඩ්ඩක් කරකවලා ගන්න එපායෑ.

Danny කියන්නේ පොලිස් නිළදාරියෙක්. පටන්ගද්දිම තියෙන්නේ තියෙන්නේ මෙයා විසින් නිම කරපු සාර්ථක මෙහෙයුමක්. එදා රෑ මෙයාගේ හොදම යාළුවා මෙයාට රහසක් කියනවා. ඒ රහස මගෙන් අහන්න එපා. ඒක රහසක්. ඒත් ඒ රහස ඒ වෙලේ කියාගන්න හම්බෙන්නේ නෑ. ඉතින් Danny ගෙදර ගියාට පස්සේ මෙයාගේ යාළුවා, Danny ට තැනකට එන්න කියනවා රහසේ ඉතුරුටික කියන්න. Danny එතෙන්ට යනකොට මෙයාගේ යාළුවව මරලා දාලා. ඒකට Danny වරදකරු වෙනවා. මෙයාගේ වැඩ තහනම් කරනවා, යාළුවගේ බිරිද මෙයාට බනිනවා. Danny හිතේ ප්‍රශ්ණ ගොඩායි....

තව කියන්න ගියොත් නම් මටත් ප්‍රශ්ණ ඇතිවෙයි. ඒ වුනාට තව ටිකක් කියන්නම්. හැබැයි මම මේ කියන දේවල් ගලපාගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. හරි හරි ඉතින් ඉතුරු ටික කිවේ නෑ නේ.

Danny මෙයා වැඩකරපු තැනට කඩා වැදිලා 4 දෙනෙක්ව මෙයා ප්‍රාණ ඇපකරුවන් විදිහට තියාගන්නවා.  Danny ඉන්නේ එයාගෙම මතයක. ඒ තමයි, යාළුවව මරපු කෙනා හොයා ගන්නකම් මේ කට්ටියව නිදහස් කරන්නේ නෑ. කියන මතයේ. ඉතින් සැබැ මිනිමරුවා අහුවෙයිද? නැත්නම් අර 4 දෙනා මැරෙයිද? නැත්නම් Danny මැරෙයිද? ඒකයෑ වැඩේ. මෙයා Chris Sabian කියලා කෙනෙක්ට එන්න කියනවා මේ ප්‍රශ්ණය විසදන්න. ඒ මොකද දන්නේ නෑ නේද? මම දන්නවා ඇයි කියලා. සහ මේක බලපු අයත් දන්නවා ඒ ඇයි කියලා. නොබලපු අයට බලන්නම වෙනවා ඒ මොකද කියලා.

හොදයි අපි මේ චිත්‍රපටය ගැන තව විස්තර ටිකක් දැනගනිමු.

Genre : Action | Crime | Drama | Mystery | Thriller
Directed by : F. Gary Gray
Produced by : David Hoberman, Arnon Milchan
Starring : Samuel L. Jackson, Kevin Spacey, David Morse, John Spencer, J. T. Walsh, Ron Rifkin
Distributed by : Warner Bros. Pictures
Release date(s) : July 29, 1998
Running time : 140 minutes
Country : Germany, United States
Language : English



වෙනදා වගේම කියන්නේ, ප්‍රශ්ණයක් තියනවනම් Comment එකක් දාලා ඒක අහන්න. මේ චිත්‍රපටය ගැන ඔබේ අදහසක් තියනවනම් ඒකත් කියලා යන්න.


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


The Negotiator (1998) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය, අභිරහස්, ත්‍රාසජනක, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment