Johnny English (2003) - වෙනස්ම චරිතයක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, October 13, 2011

Johnny English (2003) - වෙනස්ම චරිතයක්

Johnny English (2003) - වෙනස්ම චරිතයක්

ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරි චිත්‍රපටයක්. ඔයාලා බලලා තියනවද James Bond ගේ චිත්‍රපටි. මෙයාගේ චිත්‍රපට ගණනාවක්ම ආවා. නමුත් ඒ හැම එකකම එක්කෙනෙක් නෙවේයි රගපැවේ. කීප දෙනෙක්ම James Bond ගේ චරිතයට කාලෙන් කාලේ රගපෑවා. අනිවාරයෙන්ම ඔයාලා එක චිත්‍රපටයක් හරි බලලා තියෙන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ. දන්නේ නැති අයට දැනගන්නත් එක්ක කියන්නේ, මේ James Bond කියන්නේ සුපිරි වීරයෙක්. ඒවගේම රහස් ඔත්තුකාරයෙක්. මෙයා ගාව නවීන තාක්ශණයෙන් යුතු තුවක්කු ආදී ආයුධ විශාල සංඛ්‍යාවක් තියනවා. ඉතින් අද මම කියන්න යන්නේ එම සුපිරි වීරයාගේ චරිතයෙන් ගොඩනැගෙන, 2003 වර්ෂයේ ආපු  Johnny English නැමති, අප කවුරුත් හොදින් දන්නා Rowan Atkinson හෙවත් මිස්ටර් බීන් රගපාන චිත්‍රපටය ගැනයි. මේ චිත්‍රපටය හදුන්වාදීමට අද ගෝඩාක් දුර ගියා. මොකද James Bond ගැන නොකියා මම මේ චිත්‍රපටය ගැන ඔයාලට හදුන්වලා දුන්නොත්, ඒක James Bond ට කරන අසාධාරණයක් වෙනවා. ඒවගේම එදා James Bond රගපෑවේ නැත්නම් සමහරවිට මේ චිත්‍රපටය හැදෙන්නේ නෑ.

ඉතින් කොහොම වුනත් මම හිතනවා මම හොද ආරම්භයක් ගත්තා කියලා. Johnny English කියන්නේ මම මුලින් කිවාවගේ James Bond වගේ රහස් ඔත්තුකාරයෙක්. මෙයාටත් James Bond ට තියනවා වගේ නවීන ආයුධ විශාල සංඛ්‍යාවක් තියනවා. නමුත් James Bond සහ Johnny English ඒ ආයුධ පාවිච්චි කරන විදිහෙන් දෙන්න වෙනස් වෙනවා. ඒ කොහොමද කියලා බලන්නනම් චිත්‍රපටය Download කරගන්නම වෙනවා. ඉතින් මේ Johnny English ට පැවරෙන වැඩ මෙයා හරියටම කරනවද? ඒක මම කියන්නේ නෑ. ඔයාලම බලලා ඉන්නකෝ. තවදෙයක් තියනවා ඔයාලට කියන්න. ඒක තමයි මේ චිත්‍රපටය බලන වාරයක් පාසා ඔයාලගේ ලේ පිරිසිදු වෙනවා. ඇයි කියලා දන්නවනේ. දන්නේ නැත්නම් දැනගන්න මම පොඩි ඉගියක් දෙන්නම්. එහෙම වෙන්නේ මේකේ අපි කවුරුත් දන්න මිස්ටර් බීන් ඉන්න නිසා. තාම නිකන් තේරුනේ නැත්නම් වැඩිය හිතන්න යන්න එපා. මේක බලලම තේරුම් ගන්න.
මේ චිත්‍රපටයේ දෙවන කොටස හෙවත් Johnny English Reborn චිත්‍රපටය මේ වනවිට නිකුත් වෙලා තියෙන්නේ. ඒකේ හොද කොපියක් ලැබුනහම ඔයාලට ලබාදෙන්නම්. හරි අපි දැන් මේ චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් බලලා ඉමු.

Genre : Action | Adventure | Comedy
Directed by : Peter Howitt
Produced by : Tim Bevan, Eric Fellner, Mark Huffam
Starring : Rowan Atkinson, Ben Miller, John Malkovich, Natalie Imbruglia
Distributed by : Universal Pictures
Release date(s) : 11 April 2003
Running time : 88 minutes
Country : United Kingdom, France, United States
Language : English


තව ඔයාලට කියන්න දෙයක් තියනවා. ඔයාලා මේ චිත්‍රපටය බලලා තියනවනම් විතරක් මෙතන Comments එකක් දාලා යන්න. බලලා නැත්නම් මේක බලලා Comments එකක් දාලා යන්න. මොකද මම කැමතියි ඔයාලා කොහොමද මේ චිත්‍රපටය ගැන අදහස් දක්වන්නේ කියලා බලන්න. මම බල කරන්නේ නෑ. ඔයාලට කැමතිනම් විතරක් අදහස් දක්වන්න.....


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

Johnny English (2003) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, කොමඩි/ප්‍රහසන, ඉංග්‍රීසි චිත්‍රපටි,

4 comments: