Best Windows Applications - නිතරම අවශ්‍ය වන මෘදුකාංග (I) - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 25, 2011

Best Windows Applications - නිතරම අවශ්‍ය වන මෘදුකාංග (I)

Best Windows Applications

ඔබ පරිගණකය සමග වැඩ කිරීමේදි විවිධ මෘදුකාංග භාවිතා කෙරෙනවා. මෙම මෘදුකාංග විවිධ වැඩ සදහා උපයෝගීවෙනවා. අද මම කියලා දෙන්න යන්නේ ඔබ අන්තර්ජාලයක් සමග පරිගණකයක් භාවිතා කරන්නෙක්නම්, ඔබට වැදගත් වෙන Software ටිකක් ගැනයි.

හොදයි අපි දැන් බලමු ඒ මොනවද කියලා.

1.  Browsers


ඔබට Internet එකට පිවිසීමට Web Browser එකක් අවශ්‍ය වෙනවා.අපි බලමු දැනට තියන හොදම Web Browser මොනවද කියලා.

  • Firefox - Add-ons 6000 කට වඩා වැඩියෙන් සහ තවත් විවිධ features තියන, දැනට වැඩිම දෙනක් භාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක තමයි Firefox කියන්නේ.

Firefox


  • Google Chrome - අලංකාරය අතින් අඩු, දැනට ඇති වේගවත්ම වෙබ් බ්‍රවුසර් එක තමයි Google Chrome කියන්නේ. Firefox වල add-ons වෙගේ මෙහි ඇත්තේ Extension ය.

Google Chrome


2.  Downloaders


Internet එකේ ඇති Movies, MP3, Ebooks. Softwares ආදී අපිට එදිනෙදා අවශ්‍ය කරන දේවල් ඉන්ටර්නෙට් එකෙන් Download කරගැනීමට සිදු වෙනවා. ඒ සදහා අපිට මොකක් හරි Downloader Software එකක් අවශ්‍ය වෙනවා. අපි බලමු දැනට තියෙන හොදම Downloader මෘදුකාංග මොනවද කියලා.


  • Internet Download Manager - ඔබ අන්තර්ජාලයේ යන විට අනිවාර්යෙන්ම අවශ්‍ය වන Software එකක් ගැනයි මම දැන් කියන්න යන්නේ. මේකේ නම තමයි Internet Download Manager. මේකෙන් වෙන්නේ අන්තර්ජාලයේ ඇති Download කිරිමට හැකි Files වර්ග ඔබගේ පරිගණකයට 200% ක් වේගයෙන් Download කර දිමයි. මේක තමයි දැනට තියන හොදම වේගයක් සහිත Download කිරිමේ මෘදුකාංගය.

Internet Download Manager



  • JDownloader - Internet Download Manager එකට පස්සේ තියන හොදම Download Manager මෘදුකාංගය තමයි JDownloader කියන්නේ.

JDownloader


  • uTorrent - Torrent File ඩවුන්ලෝඩ් කරගැනිමට වැඩි දෙනා භාවිතා කරන මෘදුකාංගය තමා uTorrent කියන්නේ.

uTorrent



3.  Archive Managers


විවිද අවස්තාවලදී ඔබගේ පරිගණකයේ තිබෙන ලිපි ලේඛන ආදිය compression/extracting කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සදහා අපිට Archive Manager මෘදුකාංග අවශ්‍ය වෙනවා. අපි බලමු දැනට තියන හොදම Archive Manager මෘදුකාංග මොනවද කියලා.

  • WinRAR - අද ලොකයේ ගොඩක් දෙනා භාවිතා කරන මෘදුකාංගයක්. හසුරුවා ගැනීමට ඉතාමත් ලේසියි.

WinRAR


  • 7-zip - ZIP, RAR ආදී විවිද File Format රාශියක් Support කරන හොද මෘදුකාංගයක් තමා 7-zip කියන්නේ.

7-zip



4.  Video/Audio Converter


තව ඔබට පරිගණකයේ Video/Audio Converter එකක් තිබීම අතවශ්‍යය. මොකද හදිස්සියේ අන්තර්ජාලයෙන් හෝ වෙන තැනකින් ලබාගන්නා වු File එකක් Convert කිරිමට සිදුවුවහොත්, මෙය වැදගත් වේ. උදාහරනයක් ලෙස සමහර අවස්ථා වලදි අන්තර්ජාලයෙන් FLV යන Format එකේ File ලබාගන්නට සිදුවෙනවා. මෙම Format එකේ File Convert කිරිමට ඇති හැකියාවක් සහිත මෘදුකාංග අමාරුවෙන් තමයි සොයාගන්නට සිදුවෙන්නේ. එසේ හොයා ගත්තත් ඒ File Format එකේ File විතරයි ඒ Software එකෙන් Convert කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මම දැන් දෙන්න යන Software එකේන් ඕනෑම File Format එකක්, ඔනෑම File Format එකකට Convert කරගන්න පුළුවන්.

  • Xilisoft Video Converter  - දැනට තියන හොදම Converter අතරින් 4 වෙනි ස්ථානයේ තියන මේ Xilisoft Video Converter එක මගින් නොයෙක් ජාතියේ වීඩියෝ Format වලට Convert කරගන්න පුළුවන්.

Xilisoft Video Converter


  • Any Video Converter - මේකත් දැනට තිබෙන හොදම Video Converter එක. ගොඩාක් File Format වලට Support කරනවා.

Any Video Converter


5.  Media Player


ඔබ පරිගණකය භාවිතා කිරීමේදි අනිවාර්යෙන්ම Video Clip, Mp3 ආදි File සමග කටයුතු කරන්න සිදුවෙනවා. අපි Windows Install කිරීමේදිම Windows Media Player එක Install වෙනවා. නමුත් සමහර File මේ WMPlayer එකෙන් Open වෙන්නේ නෑ. ඒ නිසා ඔබට මේ Player එකට අමතරව තවත් Player 2 ක 3ක් Install කරගන්න වෙනවා.

  • KMPlayer - මම භාවිතා කරන සුපිරිම Player එක තමා මේ. මම දන්න විදිහට ගොඩක් දෙනා මේක භාවිතා කරනවා. 

KMPlayer


  • Media Player Classic - දැනට වැඩිම පිරිසක් භාවිතා කරන Player එකක් තමා මේක. මේකට 321 Player කියලත් කියනවා.

Media Player Classic


  • VLC Media Player - මේ Media Player එකත් ගොඩක් දෙනා අතරේ ජනප්‍රිය Player එකක්. හරිම සරල පෙනුමක් තියෙන්නේ.

VLC Media Player


6.  PDF Reader


තව ඔබට අන්තර්ජාලයෙන් ලබාගන්නා Documents, බෝහෝ විට මේ File තියෙන්නේ PDF කියන Format එකෙනුයි. ඉතින් ඒ File කියවීම සදහා Acrobat Reader (Adobe Reader) Software එක Download කරගත යුතුය. ඒවා ඔබට නොමිලේ අන්තර්ජාලය හරහා Download කරගත හැක. මා හිතන ආකාරයට මෙයත් ඕබගේ පරිගණකයේ තිබිය යුතුම මෘදුකාංගයක් වෙයි.

  • Acrobat Reader (Adobe Reader) - දැනට ගොඩක් දෙනා භාවිතා කරන්නේ Adobe Reader මෘදුකාංගයයි.සරල භාවය නිසා හසුරුවන්නත් ලේසියි.

Acrobat Reader (Adobe Reader)


7.  Sinhala Dictionary


ඔබ නොදන්නා ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කර ගැනිමට ඔබට මේක අවශ්‍ය වෙනවා.

  • Madhura Dictionary - ලංකාවේ වැඩියෙන්ම භාවිතාවන Dictionary එක තමයි මේක.

Madhura Dictionary





Best Windows Applications, නිතරම අවශ්‍ය වන මෘදුකාංග, Saagaraya Softwares, Web Browsers, Downloaders, Archive Managers, Video/Audio Converter, Media Players, PDF Readers, Sinhala Dictionary,

2 comments:

  1. ms word to jpg converter ekak hoyala denna puluwannda??

    ReplyDelete
  2. @ Nimantha Ranasinghe :

    ඔයාට මේ වැඩේ online කරගන්න පුලුවන් පහල තියන වෙබ් අඩවි 2 න් ඒකක් පාවිච්චි කරලා.

    DOC to JPG 1
    DOC to JPG 2

    එහෙම නැත්නම් තව පොඩි පොඩි ටූල්ස් තියනවා. ඔයා පොඩ්ඩක් doc to image කියලා google සර්ච් කරලා බලන්නකෝ. ඔයාට ඒ වගේ ගොඩක් ටූල්ස් හොයාගන්න පුලුවන්.

    උදා -:

    Free Word/Doc Txt to Image

    Free Office Document To Image Converter

    මට හරියටම එකක් කියන්න බෑ මොකද මම මේ එකක්වත් පාවිච්චි කරලා නැති නිසා. මේවා හරියන්නේ නැත්නම් ඔයාට Screen Capture මෘදුකාංගයක් පාචිච්චි කරන්න සිද්දවෙනවා.

    ReplyDelete