මොකද්ද මේ QR Code කියන්නේ? - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, September 1, 2011

මොකද්ද මේ QR Code කියන්නේ?

මොකද්ද මේ QR Code කියන්නේ

ඇත්තටම මොකද්ද මේ QR Code කියන්නේ? අන්න ඒක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ..ඔයාලා දන්නවනේ Hyperlink කියන්නේ මොකද්ද කියලා. දන්නෙ නැත්නම් අද දැන ගන්න Hyperlink එකක් කියන්නේ වෙබ් අඩවියකදි තවත් විස්තරාත්මක වෙබ් පි‍ටුවකට පිවිසෙන්නට Click කල යුතු තැන, එතන හදුන්වන්නේ Hyperlink එකක් කියාය.
දැන් අපි හිතමු මේ Hyperlink එක Cade එකක හෝ බිත්තියක හෝ වෙනත් මතුපිටක තියනවා කියලා. අන්න දැන් ඒක හදුන්වන්නේ Hardlink එකක් කියලා. දැන් ඔබට මේක හරහා මේ වෙබ් අඩවියට යන්න පුළුවන්නේ. අන්න ඒ වගේ තමයි QR Code කියන්නෙත්. ඒ කියන්නේ QR Code කියන්නේ Hardlink එකක්.

QR Code
රූපය පැහැදිලි නැත්නම් රූපය මත Click කරන්න
යම් කිසි මතුපිටක ඇති QR Code එකක් ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කළ විට ඒ QR Code එකෙන් කියවෙන දේ දැනගත හැකි ක්‍රම දැන් ලෝකයේ ඇත. මෙය තමයි තාක්ෂණයේ දියුණුව. අපිට වචන ගණනකින් කියන්න ඕන දෙය මේ පිංතුරය මගින් කියවෙනවා. හිතන්න ඔබ යම් කිසි ව්‍යාපාරයක් කරනවා කියලා. උදාහරණයක් ලෙස CD Shop එකක් ගනිමු. අපිට පුළුවන් ඔබ ප්‍රේක්ෂකයාට දෙන ඔබගේ CD Shop එක ගැන විස්තරය මෙවැනි QR Code එකක් මගින් දර්ශනය කරවන්න. ඒක ප්‍රේක්ෂකයාටත් නැවුම් අද්දැකිමක් වෙයි. මේ QR Code හදුන්වන්නේ භෞතික ලොව Hyperlink කියාය.

QR Codeමෙකේ පෙනුම ගැන කතා කරනවානම් සුදු පසුබිමක කළු පාටින් සටහන් කළ තිත් රටාවකි. එය සමච්තුරස්‍රාකාර ප්‍රදේශයක පිහි‍ටුවා තිබේ. මෙමෙ තිත් රටාවලින් තමයි ඔබගේ පණිවිඩය දිස්වෙන්නේ. එය සමහරවිට පණිවුඩයකි, URL එකකි, නමකි......ආදි ඕනෑම වාක්‍යයකි.




QR Code
QR Code එකක අන්තර්ගතය
මෙය බාර් කෝඩ් වෙනුවට ආ අලුත් තාක්ෂණයකි. ඔබ දන්නවනේ බාර් කෝඩ් එකක තොරතුරු රදවන්න පුළුවන් දිග අතට කියලා. නමුත් මේ QR Code එකේ සිරස් අතටත් තොරතුරු රදවන්න පුළුවන්. සාමාන්‍ය QR Code එකක ඉලක්කම් 7089 ක්ද, අකුරු 4296 ක්ද රදවා තියන්න පුළුවන්. ඒ කියන්නේ බාර් කෝඩ් එකට වඩා මේ QR Code එකේ තොරතුරු රදවන්න පුළුවන්.
නමුත් මේ QR Code වලත් සුළු සුළු දෝෂ නැතුවාම නොවේ. නමුත් ප්‍රයෝජන රාශියක් ඇත. මේ QR Code එකක් දුවිලි වලින් මැකී තිබුනත්, යම් කොටසක් ඉරී ගියද එහි අඩංගු තොරතුරු කියවා ගත හැක. මෙහි ඇති තොරතුරු බාර් කෝඩ් එකක මෙන් නොව ඕනෑම පැත්තකට හරවා කියවා ගත හැක.


මේ QR Code කියවා ගත හැකි විශේෂ Software එකක් ජංගම දුරකතන සදහා තිබේ. සමහර ස්මාර්ට් ෆෝන් සම QR Code කියවන Software එක ලැබේ. කෙසේ වුවත් ඒම මෘදුකාංගය නොමැති දුරකතන සදහා අන්තර්ජාලය හරහා නොමිලේ එක Software එක Download කරගත හැකිය. මෙවැනි Softwares ද ගොඩාක් තිබේ. KAYWA Reader කියලා හදුන්වන්නේ එවැනි තවත් එක් මෘදුකාංගයකි. එම මෘදුකාංගය www.reader.kaywa.com වෙබ් අඩවිය හරහා Download කරගත හැක. තවත් එවැනිම මෘදුකාංගයකි i-nigma කියන්නේ. එම Software එක www.i-nigma.com හරහා Download කරගත හැක. තවද මෙම වෙබ් අඩවියෙන්ම ඔබට QR Code එකක්ද සාදාගත හැක.

පහත ඇති රූප පැහැදිලි නැතිනම් රූපය මත Right Click කර අලුත් Tab එකකින් Open කර බලන්න.

www.i-nigma.com
www.i-nigma.com
www.i-nigma.com

i-nigma වෙබ් අඩවියෙන් i-nigma Reader නැමති Software එක ඔබේ දුරකතනයක Download කරගැනිමේදි ඔබගේ දුරකතන මාදිලියට ගැලපෙන Reader ය Download කරගන්න. මෙම QR Code Reader ය Install කර ඇති දුරකතනයක කැමරාව, QR Code එක වෙත යොමු කොට ඡායාරූපයක් ගත්විට එහි ඇති තොරතුරු වචන වලට පරිවර්තනය කර දෙයි.
ජපානයේ බස් නැවතුම් පොළවල් වල, බ්‍රිතාන්‍ය පුවත්පත් වල, ටින් කළ කෑම බීම වල දැනටමත් මෙම QR Code අඩංගු වෙයි. එයින් වචන වලින් කිව නොහැකි තරම් තොරතුරු මෙම QR Code මගින් දැනගත හැක. ඉන්දියාවේ හින්දි භාෂා වලින් ලියා ඇති පුවරු කියවන්නට නොදන්නා අයට වෙනත් භාෂාවල පරිවර්තන කර ගැනිමට මෙම QR Code දර්ශනය කර ඇත. ලෝකයේ වැඩියෙන්ම මෙම QR Code යොදාගන්නා රට වෙන්නේ ජපානයයි. මෙම තාක්ෂණය 1994 දි සොයා ගනු ලැබුවේ ජපානයේ ඩෙන්සෝ වේව් සමාගමයි. මේ සදහා පේටන්ට් අයිතිය අදටත් ඇත්තේ මේ සමාගමටය. නමුත් ලොව කවුරු මේ තාක්ෂණය ප්‍රයෝජනයට ගත්තත් ඩෙන්සේ සමාගමේ විරුද්ධත්වයක් නැත.

Update :

QR code අපේ පරිගණකයෙනුත් Read කරන්න පුලුවන්. ඒ සදහා ZXing Decoder Online කියන වෙබ් අඩවියට යන්න. ඊට පස්සේ මේක අපිට දෙවිදිහකට කරගන්න පුලුවන්.

1 ක්‍රමය

QR Code එක තියන පිංතුරේ Right Click කරලා Image Location එක Copy කරගෙන ඔය මම මුලින් දිලා තියන වෙබ් අඩවියට ගිහින් Enter a URL කියන තැනට ඒ Image Location එක Paste කරලා Submit Query කියන එක Click කරන්න. ඊට පස්සේ එන පි‍ටුවෙන් Raw Text යටතේ ඔයාගේ පණිවිඩය පෙන්නනවා.

2 ක්‍රමය

QR Code එක තියන පිංතුරේ ඔයාගේ Right Click කරලා Save Image as ගිහින් ඔයාලගේ Computer එකට ඒ Image එක Save කරගෙන මේ වෙබ් අඩවියට ගිහින් ඒ Image එක Upload a file  කියන තැනින් Browse කරලා Image එක Upload කරගන්න. ඊට පස්සේ ඊට එහාපැත්තේ තියන Submit Query කියන එක Click කරන්න. ඊට පස්සේ කෙලින්ම QR Code එකේ අඩංගු වෙලා තියන පණිවිඩය අපිට පෙන්නනවා.


QR Code කියන්නේ, QR Codes නිර්මාණය කිරීම, QR Codes ගැන, QR Code ගැන දැනගනිමු, QR Code කියවීම, QR කෝඩ් යනු

2 comments:

  1. qr read krnna puluwn smart phone ekakin witrada? computer eken barida?

    ReplyDelete
  2. Computer එකෙනුත් පුලුවන්.

    http://zxing.org/w/decode.jspx

    මෙන්න මේ වෙබ් අඩවියෙන් ඒක අපිට කරගන්න පුලුවන්......
    මේක දෙවිදිහකට කරන්න පුලුවන්.......

    1 ක්‍රමය

    QR Code එක තියන පිංතුරේ Right Click කරලා Image Location එක Copy කරගෙන ඔය මම මුලින් දිලා තියන වෙබ් අඩවියට ගිහින් Enter a URL below කියන තැනට පහලින් ඒ Location එක Paste කරලා Submit Query කියන එක Click කරන්න.
    ඊට පස්සේ එන පි‍ටුවෙන් Raw Text යටතේ ඔයාගේ පණිවිඩය පෙන්නනවා......

    2 ක්‍රමය

    QR Code එක තියන පිංතුරේ ඔයාගේ Right Click කරලා Save Image as ගිහින් ඔයාගේ Computer එකේ Image එක Save කරගෙන මම ඔය කලින් දිලා තියන වෙබ් අඩවියට ගිහින් try uploading a file කියන එකට පහලින් තියන තැන Browse කරලා Image එක Open කරගන්න. ඊට පස්සේ ඊට එහාපැත්තේ තියන Submit Query කියන එක Click කරන්න. ඊට පස්සේ කෙලින්ම QR Code එකේ අඩංගු වෙලා තියන පණිවිඩය අපිට පෙන්නනවා..................

    මම හිතන්නේ මම කිව එක තේරෙන්න ඇති.
    ප්‍රශ්ණයක් තිබ්බොත් ආයෙත් අහන්න...
    Comment එකට තැන්ක්ස්......

    ReplyDelete