Opera Web Browser - හොදම Mobile Web Browser එක - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 4, 2011

Opera Web Browser - හොදම Mobile Web Browser එක

Opera Web Browser

ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Opera වෙබ් බ්‍රවුසරය ගැනයි. ඔයාලා ඔක්කෝමලා හිතාගෙන ඉන්නේ හොදම වෙබ් බ්‍රවුසර වෙන්නේ Internet Explorer, Mozilla Firefox, Google Chrome.... වගේ ඒවා කියලනේ. නමුත් ඔයාලා දැන් දැනගන්න අනික් වෙබ් බ්‍රවුසර වලට නැති තරම් සුවිශේෂි ගුණාංග විශාල සංඛ්‍යාවක් Opera වෙබ් බ්‍රවුසරයේ ඇත.

මට කියන්න ඔයාලගේ Phone එකේ භාවිතා කරන්නේ මොන වෙබ් බ්‍රවුසරයද? Opera නේද.. ඒක එසේ විය යුතුය. දැනට ලෝකයේ වැඩියෙන්ම Phone වල භාවිතා වෙන්නේ මෙම වෙබ් බ්‍රවුසරයයි.


Opera Web Browser

මොනවා වුනත් මේ Opera වෙබ් බ්‍රවුසරය, පරිගණකයෙන් අන්තරජාලයට යන අය අතරනම් එතරම් ආදරයක් දිනාගෙන නෑ. ඒ වුනාට ඔයාලත් පොඩ්ඩක් මේක භාවිතා කරලම බලන්න කොහොමද මේක හොදද කියලා. මොකද භාවිතා නොකර කියන්න බෑනේ හොදද නරකද කියලා. ඔක්කෝටම කලින් මේක පාවිච්චි කරන්න ඕනේ හේතු මොනවද කියලා පොඩ්ඩක් අපි දැන් හොයලා බලමු.

කොහොමද Speed එක?


මුලින්ම අපි දැන් මේකේ Speed එක ගැන පොඩ්ඩක් හොයලා බලමු. මොකද අපි වෙබ් බ්‍රවුසරයක බලාපොරොත්තු වෙන ප්‍රධාන සුවිශේෂි භාවය වන්නේ වේගයනේ. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ඔබ භාවිතා කරන වෙබ් බ්‍රවුසරයට වඩා වේගවත් වෙබ් බ්‍රවුසරයක් ආවොත් ඔබ ඒක දාගන්නව නේද? අන්න ඒක හින්දා තමයි මම මේ ගුණාංගය ගැන කතා කරන්න ගත්තේ. ඒවගේම ඔබ භාවිතා කරන්නේ Opera වෙබ් බ්‍රවුසරය නෙවේනම් මට ඔබලට කියන්න කාරණාවක් තියනවා. ඒක තමයි, Firefox, Internet Explore, වැනි වෙබ් බ්‍රවුසර් වලට වඩා මේ Opera වෙබ් බ්‍රවුසරය වේගවත් බවයි. මම ඒකට හේතුවත් කියන්නම්. මේ වෙබ් බ්‍රවුසරය සාදා තිබෙන්නේ හරිම සරල පෙනුමකටයි. බොහෝදුරට මේක තමයි මේ වෙබ් බ්‍රවුසරය වේගවත් වෙන්න ප්‍රධාන හේතුව. වෙබ් පි‍ටු ඉතා ඉක්මනින් Load කර ගැනිමේ හැකියාවක් මේ Opera වෙබ් බ්‍රවුසරය සතු වෙනවා. ඔබ වෙබ් බ්‍රවුසරයක බලන්නේ වේගයනම් ඉතා ඉක්මනට Opera දාගන්න.

Opera Search

Speed Dial කියන්නේ මොකද්ද?


දැන් මම කියන්න යන්නෙ මේ Opera වෙබ් බ්‍රවුසරයේ ඇති අළුත් ගුණාංගයක් ගැනයි. මේක හදුන්වන්නේ Speed Dial නමිනුයි. මේක ඇවිල්ලා bookmark ක්‍රමයකි. අනෙක් වෙබ් බ්‍රවුසර් වල මෙන් නොව, මේ Opera වෙබ් බ්‍රවුසරයේදි අපිට අපි bookmark කරගත් වෙබ් අඩවි වලට වේගයෙන් පිවිසෙන්න පුළුවන්. හැබැයි ඔක්කෝටම කලින් මේ speed dial එකට වෙබ් පි‍ටුවක් ඇතුළත් කර ගත යුතුය. ඒ සදහා speed dial පි‍ටුවේ ඇති කො‍ටුවක් right click කොට අවශ්‍යය තොරතුරු සැපයිය යුතුය. පසුව ඔබට යම් පි‍ටුවකට ඉක්මනින් යාමට අවශ්‍යය වු විට speed dial වල ඇති පිංතුරය click කර ඒ වෙත යාමට පුළුවන්.

Opera Speed Dial

Opera Widgets

දැන් මම ඔයාලට කියන්න යන්නේ opera widgets ගැනයි. firefox steroids extention වගේම Opera වලත් තියෙන ගුණාංගයක් තමයි opera widgets කියන්නේ. කුඩා Web based සටහන් මෙහි ඇතුළත හා පිටත ක්‍රියාත්මක කිරිමේ හැකියාව ඇත. eBook reader, google translator, google toollBar,  weather වැනි widgets ඉතා ප්‍රයෝජනවත් වන අතර sim aquarium වැනි විනෝදාත්මක ඒවාද ඇත. මෙවත් හරියට firefox extension ස්ථාපනය කරනවා වගේ හරිම ලේසියි.

    Opera වෙබ් අඩවියේ ඇති Wand Option එක


    Opera වෙබ් අඩවියේ තියෙන Wand Option එක ගැනයි මම දැන් කියන්න යන්නේ. අපි දැන් බලමු මොකද්ද මේ wand option එක කියලා. මේ wand කියන option එකෙන් වෙබ් පි‍ටුවල ඇති Form තොරතුරු හා Passwords ආදිය සුරක්ෂිත කරගත හැක. මෙමගින් නැවත නැවත එම තොරතුරු ලබා දිමට වැයවන කාලය ඉතුරු කරගත හැක. ඔබ form එකක් සදහා තොරතුරු සපයන සැම විටකම wand එය සු‍රැකිව තියා ගන්නවා. ඔබ form එකක් පුරවන විට කහ පැහැති බෝඩරයක් එය වටා දිස්වේ. ඔබට form එකක් පිරවීමට අවශ්‍ය මීළග වතාවේ wand බොත්තම හෝ Control + Enter ඔබන්න. එවිට එම wand option එක මගින් ස්ව්‍යංක්‍රියව form එකට තොරතුරු සපයයි.

    Opera Wand Option


    Notes තබා ගැනිමේ හැකියාව


    තවත් Opera වෙබ් බ්‍රවුසරයේ ඇති ගුණාංගයක් තමයි Notes තබා ගැනිමේ හැකියාව. ඒ කියන්නේ ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබට හමු වෙන වෙබ් පි‍ටුවල සටහන් තබා ගැනිමට අවශ්‍ය වේනම් Opera බ්‍රවුසරය ඔබට එම පහසුකම සපයනවා ඇති. මේ සදහා Tools මෙනුවේ ඇති Notes මත Click කරන්න.

      Opera Notes

      Opera Notes

      Opera Notes


      Torrent ෆයිල් Download කරගන්න පහසුයි

      මම දැන් කියන්න යන දේ නම් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයාලා Torrent මගින් නම් Movies, Software... එහෙම Download කරන්නේ, ඔයාලට Opera වෙබ් බ්‍රවුසරය ඒකට විශේෂ උදව්වක් කරදෙනවා. ඒ කියන්නේ Opera බ්‍රවුසරය Bit Torrent Protocol එකකින් සමන්විතය. ඔබ Torrent Link එකක් Click කරන අවස්ථාවේ දි මෙමගින් Torrent එක Download කළ යුතු ස්ථානය ‍තෝරන ලෙස ඔබට දන්වයි. ඒ කියන්නේ ඔබට දැන් Opera වෙබ් බ්‍රවුසරය පාවිච්චි කරනවා නම් Torrent File ලුත් ඉක්මනට Download කරගන්න පුළුවන්..
        Opera + Bit Torrent Protocol

        Opera වෙබ් බ්‍රවුසරයේ Display Modes

        දැන් මම ඔබට කියන්න යන්නේ Opera වෙබ් බ්‍රවුසරයේ ඇති Display Modes එක ගැනයි. මේ Display Mdoes එක මගින් ඔබට ක්ෂණිකව Full Screen තත්වයට වෙබ් බ්‍රවුසරය පත් කර ගත හැක. මෙහි Fit to width mode මගින් තිරයේ හිස් අවකාශය දක්වා වෙබ් පි‍ටුව පුළුල් වී දිස්වෙනු ඇත. මෙහි දිස් වෙන්නේ Conext මෙනුව, Mouse Guesture සහ Keybord Shortcuts ආදිය පමණි. 

        Opera Quick Preferences


        Opera වෙබ් බ්‍රවුසරයේ ඇති Quick Preferences මෙනුව ගැන තමයි දැන් මම කියන්න යන්නේ. මේකත් ඔබට විශේෂත්වයක් ගෙන දෙන මෙනු එකක්. මේ opera වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නන් අතිශයින්ම අගය කරන එක් පහසුකමක් තමයි මේ quick preferences පහසුකම. මේ මගින් අපට විවිධ පහසුකම් ක්‍රියාත්මක කිරිමටත් ඒවා අක්‍රිය කිරීමටත් පුළුවන. ඒ කියන්නේ ඔයාලට තේරෙන විදිහට කීවොත් මේ quick preferences මෙනු එක මගින් අපිට GIF animation, වෙබ් අඩවිවල තියෙන සංගිත, JavaScript, Plug-ins, Cokies, Proxy servers ආදි දෙවල් ක්‍රියාත්මක වෙන එක නවතා දමන්න වගේම ක්‍රියා කරවන්නත් පුළුවන්.

        උදාහරණයක් ලෙස කීවොත්, වෙබ් අඩවිවල තියෙන GIF animation පිංතුර මගින් ඒම වෙබ් පි‍ටුව load වෙන කාලය වැඩි වෙනවා. ඒ නිසා අපිට පුළුවන් එම අඩවියේ GIF පිංතුර පෙන්නන එක නවතා දමන්න මේ quick preferences මෙනුව මගින්. එවිට අපිට එම වෙබ් පි‍ටුව ඉක්මනින් load කරගත හැක. අනික ඔබ cookies අවහිර කරන කෙනෙක්නම් මෙම opera වෙබ් බ්‍රවුසරය ඒ දෙවල් ඉතා පහසුවෙන් කරගැනිමට ඔබට අත්වැලක් වෙයි.

        Opera Quick Preferences
        Opera Quick Preferences


        Opera වෙබ් බ්‍රවුසරයේ Mouse Guestes Option එක


        දැන් මම ඔබට කියන්න යන්නේ Opera වෙබ් බ්‍රවුසරයේ තියෙන තවත් එක් ගුණාංගයක් ගැනයි. ඒ තමයි Mouse Guestes Option එක. ඒ කියන්නේ ඔබට යතුරු පුවරුවේ ඇති key ඔබන්නේ නැතුව mouse එකෙන් වැඩ ටිකක් කර ගත හැකි ක්‍රමයකි. උදාහරණයක් ලෙස ඔබ right mouse බොත්තම ටික වේලාවක් click කරගෙන සිටීමෙන් ඔබට පෙර වෙබ් පි‍ටුවට පිවිසිමේ හැකියාව ලැබෙයි. ඒ කියන්නේ වෙබ් පි‍ටුවකට ගිහින් back යන එක ඔබට පුළුවන් right mouse එක ඔබාගෙන ඉදිමෙන් කර ගන්න. මේ මගින් ඔබගේ කාලය ඉතිරි කරදෙයි.

        Opera Mouse Guestes Option

        Opera Session Saving ගුණාංගය


        මෙන්න මම Opera වෙබ් බ්‍රවුසරය යටතේ ඔබට ඉදිරිපත් කරන අන්තිම ගුණාංගය. මේක තමයි Session Saving ගුණාංගය. මේක අන්තර්ජාලය භාවිතා කරන්නන් ගොඩක් කැමති ගුණාංගයක්. මේකෙන් කරන්නේ, ඔබට බ්‍රවුසරයෙන් පිට විමට අවශ්‍යය නමුත් අවසන් වරට පිවිසුනු වෙන් පි‍ටුවෙන් ඉවත් වීමට අකමැතිනම් මෙය ඔබට සහය වෙනු ඇත. ඔබට අවශ්‍යය වෙබ් පි‍ටුවලට ගොස් file මෙනුවේ ඇති session උප මෙනුවේ save this session යන්න click කරන්න. දැන් ඔබ opera වෙබ් බ්‍රවුසරය close කර නැවතත් පැමිණිමේදි එක් එක් tabs වල ඔබ save කරගත් වෙබ් පි‍ටු දැකගත හැක.


        Opera Session Saving
        Opera Session Saving



        හොදයි දැන් ඔබලා දැනගත්තනේ මෙම Opera වෙබ් බ්‍රවුසරයේ ඇති සුවිශේෂි ලක්ෂණ. ඔබට ඒවා අත්විදින්න ඕනෙනම් Opera වෙබ් බ්‍රවුසරය දාගෙනම බලන්න වෙනවා. ඒක දාගන්නේ නැතුවත් මේ වෙබ් බ්‍රවුසරය කොහොමද කියලා බලන්න පුළුවන්. ඔයාලා මෙහෙම කරන්න. ඔයාලා දැන් පාවිච්චි කරන්නේ වෙනත් වෙබ් බ්‍රවුසරයක් නම් opera portable වෙබ් බ්‍රවුසරය දාගෙන බලන්න. portable එවා install කරන්න ඕන නෑනේ. එහෙම දාගෙන ඒක ටික දවසක් පාවිච්චි කරලා හිමීට opera හොද වෙබ් බ්‍රවුසරයක් install කරගන්න. එහෙනම් වෙනස අත්විදින්න.


        Opera වෙබ් බ්‍රවුසරය Download කරගන්න ඕනේ නම් මේ Web Site එකට යන්න.

        Opera Official Web Site



        Opera Web Browser එක ගැන, හොදම Mobile Web Browser එක, ඔපෙරා වෙබ් බ්‍රව්සරය, බොහොමයක් දුරකථන වල භාවිත කරන වෙබ් බ්‍රව්සර් එක, Opera වෙබ් බ්‍රවුසරයේ ඇති ගුණාංග,

        No comments:

        Post a Comment