අවශ්‍යම දත්ත නැතිවුනාද? ඒවා ආපහු ගන්න ඕනේද? මෙන්න විසදුම - පළමු කොටස - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, September 14, 2011

අවශ්‍යම දත්ත නැතිවුනාද? ඒවා ආපහු ගන්න ඕනේද? මෙන්න විසදුම - පළමු කොටස

අවශ්‍යම දත්ත නැතිවුනාද? ඒවා ආපහු ගන්න ඕනේද? මෙන්න විසදුම - පළමු කොටස


අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Data Recovery කල හැකි Tools ගැනයි. මම හිතනවා ඔයාලා Data Recovery කියන එකේ තේරුම දන්නවා ඇති කියලා. නොදන්නවානම් මම කෙටියෙන් කියන්නම්. Data Recovery කියන්නේ, ඔබට අවශ්‍යය වන දත්ත පරිගණකයෙන් නැති වුනානම්, එම දත්ත නැවත ලබා ගැනිමයි.. එම දත්ත නැතිවුන වෙලාවක එවා නැවත ගැනිම සදහා යොදාගත හැකි Data Recovery Tools ගැනයි අද මම කියලා දෙන්න යන්නේ.
හොදයි එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා.

Test Disk


Test Disk

මෙම Test Disk මෘදුකාංගය Windows, Mac, Linux යන OS වලට ක්‍රියාකරන අතර ඉතා හොද Open Souce මෘදුකාංගයක් ලෙස ඔබගේ නැති වු දත්ත ලබා ගැනිමට භාවිතා කල හැක. හදිසියේම Delete වු දත්තයන් ලබා ගැනීම සදහා මෙය භාවිතා කල හැකිය. තවද මෙය Fat හා NTFS File පද්ධති දෙවර්ගය සදහාම මෙම මෘදුකාංගය භාවිතා කිරිමේ හැකියාවට අමතරව මෙම මෘදුකාංගය හරහා ඔබේ Boot Sector, Fat Tables, MFT පද්ධති වල ඇති දෝෂ නිරාකරණය කිරිමේ පහසුවද ඇත. මෙය Command Line මෘදුකාංගයක් ලෙස පවති.


Test Disk
රූපය පැහැදිලිව බලාගැනිමට රූපය මත Click කරන්න

Recuva

Recuva

මෙම මෘදුකාංගය Windows මෙහෙයුම් පද්ධතිය සදහා දායකත්වය ලබා දෙයි. මෘදුකාංගය ක්‍රියාත්මක වීමේදි ඔබ ‍තෝරාගන්නේ Files වර්ගය පමණක් Recover කර ගැනිමට හැකි විම මෙහි ඇති පහසුකමකි. තව විශේෂත්වයක් වන්නේ ඔබට අවශ්‍ය කරන්නේ My Document ද Recycle Bin ද නැතහොත් වෙන Partition එකද්ද යන්න ‍තෝරා Recover කර ගැනිමට හැකි විමයි. මෙයත් හොද Recovery Tool එකකි.

Recuva
රූපය පැහැදිලිව බලාගැනිමට රූපය මත Click කරන්න

Restoration

Restoration

මෙම මෘදුකාංගයත් Windows මෙහෙයුම් පද්ධතියට ගැලපෙන අයුරින් නිර්මාණය කර තිබේ. මෙය ඉතා කුඩා මෘදුකාංගයකි. USB Pen Drive එකක වුවද ලබාගෙන භාවිතයට ගැනීමට හැකියාවක් ඇත. මෙයට Disk Partition එක ලබා දි Delete කරන ලද File එක අවශ්‍ය ස්ථානයට Save කරගත හැක.


Undelete Plus

Undelete Plus

පෙර මෘදුකාංග වලට වඩා දැකුම්කලු භාවයකින් යුතු මේ මෘදුකාංගයේ පෙර එවගේ සදහන් කල ගුණාංගම ඇත. Fat හා NTFS File පද්ධති ක්‍රියාත්මක කළ හැකි අතර Damage වු ලිපි ගොනු ද Photos ද යම්තාක් දුරට හොද තත්වයෙන් Recovery කරගත හැක. මෙම මෘදුකාංගයත් Recovery මෘදුකාංග අතරින් හොද ස්ථානයක් දිනාගෙන ඇත.


Undelete Plus
රූපය පැහැදිලිව බලාගැනිමට රූපය මත Click කරන්න


තව හොද Recovery Software ටිකක් තියෙනවා. ඒවා පස්සේ දෙන්නම්කෝ.....

සමහරුන් මේවා ගැන කියලා දෙනකොට වැඩිය කැමති නැති වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ මොකක් හරි වැදගත් දත්තයක් නැති වුනාම තමයි මේ ලිපි හොයන්න ගන්නේ. එතකොටයි මේවගේ වැදගත් කම තියෙන්නේ. ඒ නිසා ඔයාලා හොදට මේ ලිපි කියවලා දැනුම ‍රැස්කරගන්න. ලිපි හොදයි නම් Comment එකක් එහෙම දාලා යන්න. එතකොට මට තවත් ලිපි ලියන්න තියෙන ආසාව වැඩිවෙයි.


Recovery Software ටිකක්, දත්ත නැතිවුනාද, Recovery මෘදුකාංග, Recovery කරගන්න, දත්ත නැවත ලබා ගැනිමට, Data Recovery කියන්නේ මොකද්ද?, Data Recovery Tools, Recovery Tool,

1 comment: