The A-Team (2010) - දෙවැනි ප්ලෑනක් නැත - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, September 20, 2011

The A-Team (2010) - දෙවැනි ප්ලෑනක් නැත

The A-Team (2010) - දෙවැනි ප්ලෑනක් නැත

හොදයි, කට්ටියට අද මම හොද සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. ප්ලෑන් කරලා ගහන ගේමක් ගැන බලන්න ආසයිද? එහෙනම් මෙන්න චිත්‍රපටය. අනිවාර්යයෙන්ම බලන්න. Joe Carnahan විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය, ප්‍රධාන චරිත 4 ක් වටා ගොඩ නැගෙයි. මීට පෙර 1983-1987 යන වර්ෂවල මේ චිත්‍රපටයේ TV Series එක ආවා. TV Series එකෙන් පස්සේ තමා ඒ අනුසාරයෙන් මේ Movie එක හදන්න අදහසක් පහල වෙලා තියෙන්නේ. නමුත් ඒ නළුවන් නෙවෙයි ඉන්නේ.

කතාවෙන් පිට ගිහිල්ලා 1980 ගණන් වලට ගියා. සමාවෙන්න. මම මේ චිත්‍රපටය ගැනනම් වැඩිය කතා කරන්නේ නෑ. මොකද මේකේ කතාව කියනවට වඩා බලන එක හොද නිසා.

මෙහෙමයි කතාවේ සාරංශය තියෙන්නේ..

කතාවේ ප්‍රධාන චරිත 4 ගැන හැදින්වුවොත්, Hannibal, Face, B.A, Murdock යන චරිත තමයි ඉන්නේ. කතාව මුලින්ම පටන් ගන්නකොට Hannibal අදුරු ගොඩනැගිල්ලක සිරකාරයෙක් වී සිටියි. Face ටයර් ගොඩක් මැද සිරකොට සිටියි. B.A තම සොදුරිය බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වී සිටියි. Murdock වෛද්‍යවරයෙකු වී සිටියි (පිස්සු). වරහන් ඇතුලේ දාලා තියන එක චිත්‍රපටය බලද්දි තේරෙයි.

මම මෙච්චරයි කතාවෙන් කියන්නේ. ආ තව දෙයක් කියන්න තියනවා..ඒත් මේ කට්ටිය ගැනම හැදින්වීමක් තමයි.


Hannibal -: Hannibal කීවොත් ප්ලෑනක්,ප්ලෑනක් කිව්වොත් Hannibal.
Face -: ටිකක් ජෝක් පොරක් වගේම හොද වැඩ කාරයෙක්.
B.A -: රජ වැඩ කාරයෙක්. දෙතුන් දෙනෙක් වැටෙන්න එකයි ගහන්න ඕනේ.හැබැයි උඩින් යන්න ටිකක් බයයි.
Murdock -: ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් එළවන්න හොදම කෙනා. ටිකක් විතර පිස්සු පොරක්. පොලොවේ වැඩවලට වඩා අහසේ වැඩ උපරිමයි.


හොදයි. දැන් දැනගන්න ඇතිනේ කට්ටියගේ තරම. මේවා කතා කර කර හිටියට වැඩක් නෑනේ. අපි තව විස්තර ටිකක් බලලා චිත්‍රපටය ගමු හොදේ.

Genre : Action | Adventure | Thriller
Directed by : Joe Carnahan
Produced by : Stephen J. Cannell, Ridley Scott, Tony Scott, Spike Seldin, Jules Daly, Alex Young, Iain Smith
Starring : Liam Neeson, Bradley Cooper, Quinton Jackson, Sharlto Copley, Jessica Biel, Patrick Wilson, Brian Bloom
Distributed by : 20th Century Fox
Release date(s) : June 11, 2010 (United States)
Running time : 117 minutes
Country : United States
Language : English


The A-Team (2010) Official Trailer

Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

The A-Team (2010) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, ත්‍රාසජනක, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment