The Shawshank Redemption (1994) - නිදහස්වීම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, August 19, 2011

The Shawshank Redemption (1994) - නිදහස්වීම

The Shawshank Redemption (1994)


අපි අද කතා කරන්න යන්නේ IMDb ශ්‍රේණිගත කිරිම් වලින් අවුරුදු ගණනාවකම සිට පලමුවන තැන අරගෙන තිබෙන චිත්‍රපටය ගැනයි. මේක IMDb Rating 9.2/10 ක්ම අරගෙන තියන චිත්‍රපටයක්. මම හිතන විදිහට මේක තමයි ලෝකයේ දැනට බිහිවු අංක 1 චිත්‍රපටය. ඔයාලා මේක බලලා නැත්නම් දැන්මම මේක බලන්න. මේක බලද්දි ඔයාලට හිතෙයි කොහොමද මට මේක මගහැරුනේ කියලා. මෙහි හැම රූප රාමුවකම යම් කිසි අර්ථයක් ගැබ් වෙලා තියනවා. ඔයාලට මේක බලලා ඉවරවුනාම අපරාදේ බැලුවෙ කියන එකනම් කවදාවත් හිතෙන්නේ නෑ. මේ චිත්‍රපටය 1994 නිපදවුවත් මෙහි කිසිම පරණ බවක් දකින්නට නෑ. ඉතාම තාත්වික අයුරින් නිපදවා තිබෙන මේ චිත්‍රපටයට අභියෝග කරන්න පුළුවන් කිසිම චිත්‍රපටයක් දැනට ලෝකයේ බිහිවෙලා නෑ. මම මෙච්චර වෙලා මේ චිත්‍රපටයේ වටපිටාව ගැනනේ කතා කරේ. දැන් මම චිත්‍රපටයේ කතාවේ සාරාංශය ටිකක් කියන්නම්. හැබැයි සාරාංශය නම් ගොඩාක් අඩුවෙන් කියන්නේ, මොකද ඔයාලා මේක බලලම තේරුම් ගන්න ඕනේ ඒකයි.

Andy Dufresne කියන්නේ බැංකුවක ප්‍රධාන තනතුරක් දරණ පුද්ගලයෙක්. ඔහු තම බිරිද මැරු චෝදනාව යටතේ ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. නමුත් ඔහු කිසිවිටකත් බිරිද මැරු බව පිලිගන්නේ නෑ.කෙසේ නමුත් ඔහු හිරගෙදරට ගොස් ඉතාමත්ම සාමකාමි ලෙස හැසිරෙනවා. එහි සිටින නිළදාරින්ටද මොහු උදව් කරමින් සියළු දෙනාගේම හිත දිනාගන්නවා. ඒ අතර එම හිරගෙදර ප්‍රධානියාගේද හිත දිනාගන්නවා. ඔහුට මුදල් සම්බන්ද ගණුදෙනු වලදි Andy Dufresne උදව් කරනවා.  ඉන් පසු කුමක් වේවිද?

මම කතාවේ මෙච්චරයි කියන්නේ. නමුත් ඔබලාගේ කුතුහලය ඇවිස්සිමට මම තව දෙයක් කියන්නම්. ඒ තමයි මොහු දවසක හිරගෙදරින් පැන යනවා. යනවිට මොහු පෝසතෙක්. එහෙම වෙන්නේ කොහොමද?

මේ වනවිට IMDb ශ්‍රේණිගත කිරිම් වලින් ඉදිරියෙන්ම ඉන්න චිත්‍රපට 10 ය


IMDb Top 10


හොදයි දැන් කතා සාරාංශයත් බැලුවනේ. අපි දැන් මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක් දැනගනිමු.

Genre : Crime | Drama
Directed by : Frank Darabont
Produced by : Niki Marvin
Starring : Tim Robbins, Morgan Freeman, Bob Gunton, William Sadler, Clancy Brown, Gil Bellows, James Whitmore
Distributed by : Columbia Pictures (Theatrical), Warner Bros. (Home Media)
Release date(s) : October 14, 1994 (United States)
Running time : 142 minutes
Country : United States
Language : English


අද මම ඔයාලට අළුත් දෙයක් දෙන්න හිතුවා. ඒ තමයි මේ චිත්‍රපටය රූගත කරපු ස්ථාන ටික. එහෙනම්, පහල දාලා තියෙන්නේ ඒ ටික.

  • Ashland, Ohio, USA    (Bank and bus station)
  • Butler, Ohio, USA  (exterior) (rural town of "Buxton" where "Red" journeys to; shot of bus leaving with "Red" near end of film)
  • Malabar Farm State Park - 4050 Bromfield Road, Lucas, Ohio, USA (cabin at beginning, tree and rock wall)
  • Mansfield Reformatory - 100 Reformatory Road, Mansfield, Ohio, USA(The prison that is used in the large panning scene, and used for the wardens office.)
  • Mansfield, Ohio, USA
  • U.S. Virgin Islands(final scene)
  • Upper Sandusky, Ohio, USA (Mill and Courtroom)
  • Wyandot County Courthouse, Upper Sandusky, Ohio, USA
  • Yuma, Arizona, USA

තව දෙයක් කියන්න ඕනේ. මේ චිත්‍රපටය සම්මාන උළෙළවල් ගණනාවකටම නිරිදේශ වෙලා තියෙනවා. මට ඒවා ඔක්කෝම මෙතන සදහන් කරන්න අමාරුයි. ඒ නිසා ඒවාගැන ඔයාලට සම්පුර්ණ තොරතුරු පහල තියන Link එක මගින් ගොස් දැනගැනිමට පුළුවන.

Awards for The Shawshank Redemption



Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.



The Shawshank Redemption (1994) චිත්‍රපටිය, Saagaraya Movies, අපරාධ, නාට්‍යමය, ඉංග්‍රීසි චිත්‍රපටි

No comments:

Post a Comment