The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) - නැවතත් නාර්නියාව බලා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, August 11, 2011

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) - නැවතත් නාර්නියාව බලා

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) - නැවතත් නාර්නියාව බලා

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) කියන චිත්‍රපටිය, Clive Staples Lewis විසින් රචනා කරන ලද The Chronicles of Narnia කියන පොත් මාලාවේ The Voyage of the Dawn Treader කියන තුන්වන නවකතා පොත ඇසුරෙන් නිර්මාණය කර ඇත. Michael Apted විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය  The Chronicles of Narnia චිත්‍රපටි මාලාවේ තුන් වන චිත්‍රපටියයි.

  • The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (2005)
  • The Chronicles of Narnia: Prince Caspian (2008)
[ Spoiler Alert:  චිත්‍රපටියේ මොකද වෙන්නේ කියලා දැනගන්න අකමැතිනම් පහල ජේදය කියවන්න එපා. ]

මම හිතනවා ඔයාලා මේ වෙනකොට කලින් ආපු චිත්‍රපට දෙක බලලා ඇති කියලා. The Chronicles of Narnia: Prince Caspian කියන දෙවන චිත්‍රපටියේ කතාවෙන් පසු නාර්නියා දේශයේ අවුරුදු 3 කට පස්සේ සිදුවන කතාවක් තමයි මේ චිත්‍රපටියේ ගලාගෙන යන්නේ.. කලින් නාර්නියා කතාවල වගේම මෙම කතාවෙත් ලුසිට සහ එඩ්මන්ඩ්ට නාර්නියා දේශයෙන් කැදවිමක් ලැබෙනවා. නාර්නියා වලින් කැදවීම ලැබෙන්නේ එම දේශයට කිසියම් අනතුරක් වෙන්න යනකොටයි. මේ කැදවිමත් සමග ලුසියි, එඩ්මන්ඩ්නුයි, ඔවුන්ගේ සහෝදරයෙකු වන ඉයුස්ටස් සමග මෙම ගමනට එකතු වෙනවා. නමුත් ඔවුන්ව කැදවා තිබුනාට එම දේශයට කිසිම අනතුරක් නෑ. එසේනම් ඇයි කැදෙව්වේ? ඉදිරියටවත් අනතුරක් තිබෙයිද?

ඔබ කතාව නරඹලාම තේරුම් ගන්න.මම වැඩිය කතාව කියන්න ගියේ නැත්තේ ඔබේ රසවින්දනයට බාධා වෙයි කියලා. හොදයි දැන් කතා සාරාංශයත් බැලුවනේ.අපි දැන් මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක් දැනගනිමු.

Genre : Adventure | Family | Fantasy
Directed by : Michael Apted
Produced by : Mark Johnson, Andrew Adamson, Philip Steuer
Starring : Georgie Henley, Skandar Keynes, Will Poulter, Ben Barnes, Liam Neeson, Simon Pegg
Distributed by : 20th Century Fox, MGM (Indian Subcontinent)
Release date(s) : December 10, 2010 (United States)
Running time : 113 minutes
Country : United States
Language : English

Walden Media සමාගම විසින් නිර්මාණය කරන මේ The Chronicles of Narnia චිත්‍රපටි මාලාවේ කලින් චිත්‍රපටි දෙක Walt Disney සමාගම විසිනුත් තුන් වන චිත්‍රපටිය වන මේ චිත්‍රපටිය 20th Century Fox සමාගම විසිනුත් නිෂ්පාදනය කර ඇත. ඒ වගේම මේ චිත්‍රපටියේ රූගත කිරීම්, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය කියන රටවල සිදු කර ඇත.


The Voyage of the Dawn Treader (2010) - රගපාන නළු නිළියන්

කලින් චිත්‍රපටි දෙකේ සිටි Lucy Pevensie ගේ සහ Edmund Pevensie ගේ චරිත වලට රගපෑ Georgie Henley සහ Skandar Keynes, සුපුරුදු පරිදි මේ චිත්‍රපටියටත් දායකත්වය ලබාදෙනවා. ඒ වගේම Lucy සහ Edmund ගේ ඥාතියෙකු වන Eustace Scrubb ගේ චරිතය Will Poulter විසිනුත් නාර්නියා දේශයේ සිටින King Caspian ගේ චරිතය සදහා Ben Barnes නුත් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. ඒ වගේම Aslan සහ Reepicheep ගේ කටහඩවල් සදහා Liam Neeson සහ Simon Pegg දායකත්වය ලබාදෙනවා.


Update:

(+) October 1, 2013 වන දින C.S. Lewis සමාගම දැනුම් දුන්නා The Mark Gordon සමාගම සමග එකතුව මෙහි ඊලග චිත්‍රපටිය වන " The Chronicles of Narnia: The Silver Chair " නිර්මාණය කරන බව.

(+) December 5, 2013 වනදා නිලවශයෙන් දැනුම් දීලා තියනවා මේ චිත්‍රපටියේ තිර රචනය සදහා David Magee ව ඇතුලත් කරගන්නා බව.

(+) August 17, 2014: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.



Take the voyage. Live the adventure. Discover Narnia like you've never seen it before.


<< Prince Caspian (2008) The Silver Chair >>

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) චිත්‍රපටිය, Saagaraya Movies, ද ක්‍රොනිකල්ස් ඔෆ් නාර්නියා: ද වොයේජ් ඔෆ් ඩෝන් ට්‍රේඩර්, වික්‍රමාන්විත, පවුලේ සැමට, ෆැන්ටසි

No comments:

Post a Comment