Advanced SystemCare Pro 4 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, August 17, 2011

Advanced SystemCare Pro 4

Advanced SystemCare Pro 4

Advanced SystemCare කියන්නේ ඔයාලගේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන මෙහෙයුම් පද්ධතිය Slow වීමකින් තොරව, ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට අවශ්‍ය සියලු අංග උපාංග ඇතුලත් මෘදුකාංගයක්. ජනප්‍රිය මෘදුකාංග නිර්මාණය කරන IObit සමාගම විසින් තමයි මේ ASC මෘදුකාංගයත් ඔබ වෙත ගෙන එන්නේ. ඔයාලගේ පරිගණකය වේගවත් කිරීම, පිරිසිදු කිරීම (cleaning), අලුත්වැඩියා කිරීම (repairing), පරිගණකයේ ඇතිවෙන දෝෂ උපරිම ලෙස අඩුකරගැනීමත් (error-free) සහ adware, virus and spyware වැනි කරදරකාරී වැඩසටහන් වලින් ඔබේ මෙහෙයුම් පද්ධතිය ආරක්ෂා කරගැනීමත්... වගේ වැඩ රාජකාරි විශාල ප්‍රමාණයක් කරගන්න තමයි IObit සමාගම, මේ මෘදුකාංගය ඔබ වෙත පිරිනමන්නේ.

ASC මෘදුකාංගය පිහි‍ටුවාගත්තා (install) කියලා පරිගණකයේ කිසිම ආකාරයේ Slow වීමක් සිදුවන්නේ නෑ. " මේ මෘදුකාංගය Install කරලා ඒක ගැන අමතක කරලා දාන්න ", කියලයි IObit සමාගම කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මේ මෘදුකාංගයෙන් ඔයාලට කිසිම කරදරයක් වෙන්නේ නැති බවයි.

» Advanced SystemCare 4 මෘදුකාංගය සතු අලුත්ම ගුණාංග

  • පරිගණකය පිරිසිදු කිරිම, අලුත්වැඩියා කිරීම, ආරක්ෂාව (security), වගේ දේවල් ක්‍රියාකාරිත්වයෙන් වැඩි දියුණු කර ඇත.
  • අලුත්ම අතුරු මුහුණතක් (interface) භාවිතා කර ඇත.
  • පරිගණකයේ ඇතිවෙන සාමාන්‍ය ප්‍රශ්ණ 10 ක් වගේ ප්‍රමාණයක් එක ක්ලික් එකකින් Fix කිරීමේ හැකියාව.
  • පරිගණකය නඩත්තු කිරීමට මෙවලම් (tools) 20 කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.
  • පරිගණකයේ ක්‍රියාකාරිත්වය උසස් කරන Turbo Boost අංගය වැඩි දියුණු කර ඇත.

තවද මෙයින් Internet Speed එකද යම් තරමක් වැඩිකර දෙන බව IObit ලා පවසනවා. අපි දැන් බලමු මේක පිහි‍ටුවා ගැනිමට අපේ Computer එකට තිබිය යුතු සුදුසුකම්.


System Requirements
OS Microsoft® Windows 2000, Windows XP (SP2/SP3), Windows Vista, Windows 7
Processor 300 MHz processor or faster processor
RAM 256 MB RAM
Free Hard Disk 30 MB of free hard disk space

ඒ වගේම මේ මෘදුකාංගය භාෂා ගණනාවකින්ම අපිට Install කරගන්න පුලුවන්.

දැන් අපි මේ මෘදුකාංගයේ අඩංගු වන ප්‍රධාන අංග කීපයක් ගැන කෙටියෙන් දැනගනිමු.


✚ Quick Care


පරිගණකය පිරිසිදු කිරීම්, වේගවත් කිරීම් වගේ මූලික නඩත්තු කිරීමේ වැඩ කීපයක් මෙතනින් කරගන්න පුලුවන්. මේ යටතේ කරන ප්‍රධාන කාර්යයන් ටිකක් තමයි පහල තියෙන්නේ.

  1. Quick Malware Scan : පරිගණකයේ තිබෙන spyware, adware සහ malware ආදිය Scan කරලා ඉවත් කර දෙනවා.
  2. Registry Fix : Registry එක පිරිසිදු කරලා දෙනවා පරිගණකයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.
  3. Shortcut Fix : වැඩක් නැති Shortcut අයින් කරලා දෙනවා.
  4. Privacy Sweep : ඔයාලගේ activity history යනාදිය ඉවත් කරලා දෙනවා.
  5. Junk Files Clean : වැඩක් නැති files අයින් කරලා disk space එක වැඩි කරලා දෙනවා.

ASC - Quick Care


✚ Deep Care


Quick Care එකට වඩා ගොඩක් Advance විදිහට පරිගණකය නඩත්තු කිරීමේ කාර්යයන් ටිකක් මෙතනින් කරගන්න පුලුවන්. අපි කලින් හදුනාගත් Quick Care එකේ අඩංගු වුන කාර්යයන් වලට අමතරව පහල තියන ප්‍රධාන කාර්යයන් කීපයක් අපිට මෙතනින් කරගන්න පුලුවන්.

  1. System Optimization : මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂම බව වැඩි කර දෙනවා.
  2. Passive Defense : Spyware, adware සහ malware ආදිය පරිගණකයට ඇතුල් වීම වලකනවා.
  3. Disk Scan : Hard disk එකේ තිබෙන දෝෂ නිරාකරණය කර දෙනවා.
  4. Vulnerabilty Fix : මෙහෙයුම් පද්ධතියට හානී වීමට ඉඩ ඇති තැන් Scan කරලා Fix කරලා දෙනවා.
  5. Disk Defragment : Hard disk එක Defragment (ඉක්මනින් දත්ත හැසිරවීමට hard disk එකේ තියන files පිළිවෙලට සැකසීම) කරලා දෙනවා.

ASC - Deep Care


✚ Turbo Boost


Turbo Boost කියන්නේ Advanced SystemCare මෘදුකාංගය සතු අපූරු විශේෂාංගයක්. මෙයින් කෙරෙන කාරණය කෙටියෙන් විස්තර කරොත් මෙහෙමයි. ඔයාලාගේ පරිගණකයේ 3D games, 3DMAX, Video සහ Audio Editing, වැනි ලොකු ලොකු applications භාවිතා කරන වෙලාවල් එනවනේ. මේ වගේ අවස්ථා වලදි "Turbo Boost" එක On කරලා තියනවනම් ඒ මගින් ඔබේ කරන ක්‍රියාවට මුල් තැන දීලා, පරිගණකයේ ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය නොවන ක්‍රියාවලි තාවකාලිකව නතර කරදමනවා. ඒ වගේමයි "Turbo Boost" එක Off කරපුවාම තාවකාලිකව නතර කල ඒ සියලුම ක්‍රියාවන් නැවත යතා තත්වයට පත් කරනවා. ඒ නිසා මේ විශේෂාංගය භාවිතා කරන්න ඔයාලට කිසිම බයක් වෙන්න ඕනේ නෑ.

ASC - Turbo Boost


✚ Toolbox


ඔයාලගේ පරිගණකය සෞඛ්‍ය සම්පන්නව තියාගන්න මෙවලම් 20 කටත් වඩා අධික ප්‍රමාණයක් මේ Toolbox එක තුල අඩංගු වෙනවා. මේවා වෙන වෙනම හදුන්වලා දෙන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලයි මම හිතන්නේ. මොකද පහල දීලා තියන රූප බලපුවාම ඔයාලටම තේරුම් ගන්න පුලුවන් මේ මෙවලම් වලින් මොනවගේ දේවල්ද කරන්න පුලුවන් කියලා.

ASC Toolbox_img1
ASC Toolbox_img2
ASC Toolbox_img3
ASC Toolbox_img4
ASC Toolbox_img5
ASC Toolbox_img6

මෙහි සමහර කාර්යයන් ක්‍රියාත්මක වෙන්නේ PRO Version එකේ පමණයි.


» Free සහ Pro version එක අතර වෙනස


පද්ධතිය පිරිසිදු කිරීම, දෝෂ සොයා ඒවා නිරාකරණය කිරීම වගේම පද්ධතියට මූලික ආරක්ෂාවක් සැපයිම වගේ ප්‍රධාන වැඩ කොටස් කීපයක් පමණයි FREE එකෙන් අපිට කරගන්න පුලුවන්. මීට වඩා Advance වැඩ කටයුතු රාශියක් PRO එකෙන් අපිට කරගන්න පුලුවන්.

Free vs. Pro

Advanced SystemCare FREE 4 Version එක ඔයාලට IObit ලගේ ප්‍රධාන වෙබ් අඩවියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඇඩ්වාන්ස් සිස්ටම්කෙයාර් ‍ෆ්‍රී - 4

IObit ASC FREE 4


මගේ නිර්දේශය:
මම මේ මෘදුකාංගය පාවිච්චි කරලා තියනවා. නමුත් තවදුරටත් මම පාවිච්චි කරන්නේනම් නෑ. ඒ මට මේක පාවිච්චි කරන්න තරම් අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නැති නිසා. එහෙම නැතුව මෘදුකාංගයේ අඩුපාඩුවකටනම් නෙවෙයි. ඒ නිසා මට නිර්දේශ කරන්න පුලුවන්, ඔයාලගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ කිසිදු දෝෂයක් ඇති වීමට ඉඩ නොදී, ශක්තිමත්ව තියාගන්න උදව් කරන හොද මෘදුකාංගයක් තමයි මේක. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ පුලුවන් තරම් මේ මෘදුකාංගයේ අලුතෙන්ම පැමිණෙන සංස්කරණ ලබාගන්න.

ඔයාලට Advanced SystemCare මෘදුකාංගයේ අලුතෙන්ම පැමිණෙන සංස්කරණ පහත වෙබ් අඩවියට ගිහින් ලබාගන්න පුලුවන්. ඒ වගේම ඔයාලා දන්නේ නැති දේවල් ගැන ගොඩක් තොරතුරු Help Center එකෙනුත් දැනගන්න පුලුවන්.


Advanced System Care - IObit

Advanced SystemCare - Help Center

ඉතින් අදම ඔයාලා Advanced SystemCare මෘදුකාංගය පිහි‍ටුවාගෙන, පරිගණකයේ උපරිම ක්‍රියාකාරිත්වයේ අද්දැකීම ලබාගන්න.


Update:


(+) August 21, 2014: මෘදුකාංගයේ අන්තර්ගත දේවල් පිළිබදව අලුත්ම විස්තර සහ රූපසටහන් කීපයක් ඇතුලත් කර ඇත.

(+) August 21, 2014: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Saagaraya Softwares, ඇඩ්වාන්ස් සිස්ටම්කෙයාර්, මෘදුකාංග,

3 comments:

  1. machan download karaganna be.site eka niyamai.tava softwares tikak danna.

    ReplyDelete
  2. Thanks. a very practical website; couldn't make it without ya!

    ReplyDelete